අද දින මීරිගම රෝහල් අධිකාරීතුම…

, , Leave a comment

අද දින මීරිගම රෝහල් අධිකාරීතුමාගේ දැනුවත් කිරීම මත “මීරිගම අපි”, රෝහලේ අලුතින් ඉදිවන කෝවිඩ් වාට්ටු සංකීර්ණයේ කටයුතු පරීක්ෂා කිරීමට ගියා.

එහිදී රෝහල් අධිකාරීතුමා විසින් අලුතින් ඉදිවන වාට්ටුවලට ප්‍රවේශ වන ස්ථානයන් රෝදපුටුවක්, ට්‍රොලියක් පහසුවෙන් වාට්ටුව වෙත රැගෙන යා හැකි ආකාරයට එම ස්ථානයන් සකස්කර දෙන ලෙසට ඉල්ලීමක් කලා. (දැනට එම ස්ථාන පවතින තත්වය ඡායාරූප වල දක්වා ඇත)

ඊට අමතරව හැකි ඉක්මනින් සිදු කිරීමට අවශ්‍ය අලුත්වැඩියාවක් විදුලි කාර්මිකයකු මගින් කරගත යුතු බවද එතුමා පවසා සිටියා.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පෙදරේරු වැඩ පිළිබඳව දන්නා අයකු සහ විදුලි කාර්මික ශිල්පියෙකු වෙත්නම් අපට මේ මොහොතේ ඉතාම වැදගත් වෙනවා.

ඒ වගේම මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වශයෙන් සිමෙන්ති,වැලි, ගල් වැනි දෑ අවශ්‍ය ප්‍රමාණ වලින් සැපයිමට කැමති අය වෙත්නම් අප හා සම්බන්ධ වෙන්න.

මීරිගම අපි වෙනුවෙන් මීරිගම අපි.

නලීන් දිල්රුක්ෂ – 0777210068
ප්‍රබුද්ධ දහනායක – 0761791255

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම