ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූ…

, , Leave a comment

ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන් දීම නිසාවෙන් වෙසක් පෝ දින අඳුරෙන් වැසී ගිය මීරිගම නගරය…
ථේරවාද බුදු දහමත්, ඒ හා බැඳුණු බොදු සංස්කෘතියත්, කැටුව
අනු බුදු මිහිඳු මා හිමි සඳ වැඩමවා වදාල උතුම් මහින්දාගමනය සිහිපත් කරනු පිණිස එක් සිත්ව, එක්සත්ව සැදී පැහැදී කටයුතු කර තිබෙනු දුටිම්.
පොසොන් පෝය වෙනුවෙන් අප මීරිගම නගරයේ පැවති වැඩසටහන් රැසකි.
නගරය පුරා ආලෝක පූජාවෙන් සැරසී ගෙන තිබුමමැ, දැකුම්කළුය.
ඒ විලසින්ම,
මීරිගම කේන්ද්‍රකොට ඇති සියල් වෙහෙර විහාර මුල් කරගනිමින් පැවති සීල ව්‍යාපාර, සදහම් දේශනා, භාවනා වැඩසටහන් සහ දානමාන ආදිය පොසොන් පෝ දින සැබෑ අරුත් වටහා දෙන්නට මුල් වී තිබුනි.
ප්‍රනීත අහරින් අහල ගම් හත අටක ජනී ජනයාගේ කුසගිනි නිවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා බත් දන්සැලක් වූ..
රාජපක්ෂ සමූහයේ දානමය පුණ්‍යක්‍රියාව සමස්ත මීරිගමට ගෙන ආයේ, අභිමානයකි.
මීරිගම ඩී.එස් සේනානායක දුවා දරුවන් පාසල කේන්ද්‍රීයව බැති ගී ගයද්දී..
මීරිගම ජ්‍යේෂ්ඨ පුරවැසියන් එකතු කර ගත් “රජත සවිය” පිරිවර…
මීරිගම ප්‍රධාන බස් නැවතුමෙහි සිය ගායන ප්‍රතිභාවයන් භක්තිමත්ව ගීත වලට පෙරලා තිබිනි.
මීරිගමටත්, මීරිගම අපිටත් දුම්‍ රිය පොළ හා ඇත්තේ මහා බැඳීමකි. ඒ බැඳීම සවි ගන්වනු පිණිසමැ, මගී සංගමය හෙට සවස “බොදු බැති ගී සරණිය” කට පෙල ගැසෙමින් සිටී.
නගර සීමාවේ තැනින් තැන පුණ්‍යක්‍රියාවක යෙදෙනු වස්, ඒකරාශී වූ වැඩිහිටියෝ, තරුණයෝ මෙන්ම බාලයෝ ද,
දන්සැල් පවත්වා මිහිඳු මංගල්‍යයට අපූර්ව අරුතක් ගෙන ආවෝය.
මා නෙත, සවන වැකි පූජාවන් කිහිපයක් ගැන පමණක් මෙලෙස සටහන් තැබෙන අතර,
මීට ආනුශංගිකව තවත් බොහෝමයක් පුණ්‍ය කටයුතු අපේ මීරිගම ආශ්‍රිතව සිදුවන්නට ඇති.
ඒවා ගැන සටහන් තබනට නොහැකිවීම විෂයෙහි කමා අයදිමි.
මීරිගම ආශ්‍රිතව ඔබ විසින් සිදුකරන්නට යෙදුනු ආමිස පූජාවනට අදාල විස්තර සහ සේයාරූ මේ සටහනේ පහළින් අමුණාගෙන යන්න…

ඔබ සැමට…
තුන් රුවණේ සරණයි..!!

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම