ආයුබෝවන්. මගේ මිතුරෙකුගේ මුදල…

, , Leave a comment

ආයුබෝවන්.

මගේ මිතුරෙකුගේ මුදල් පසුම්බියක් අස්ථානගත වූ බව පවසමින් මා මීරිගම අපි සමූහය මගින් ඔබ සැම දැනුවත් කිරීමෙන් පසු එම මුදල් පසුම්බිය ලබා තිබූ මල්ලැහැව ප්‍රදේශයේ සොයුරෙක් නැවත එම මුදල් පසුම්බිය ඒ ආකාරයෙන්ම මගේ මිතුරා වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා….
ආදරණීය සොයුර ඔබට බොහෝ පින්.
එසේම මෙම පණිවිඩය මීරිගම අපි සමූහය මගින් පලකිරීමට අවස්ථාව ලබා දුන් ඇඩ්මින් සොයුරාට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.
මෙම මීරිගම අපි සමූහය නිසා මගේ මිතුරා සේම මුහුණ පොතේ සිටින සියළු මිතුරන් ඉතාමත් සතුටින් සිත සැනසිල්ලෙන් පසුවන බව නිසැකයි.
ඇඩ්මින් සොයුර…. ඔබට බොහෝ පින්.
එසේම සියළුම සාමාජිකයන්ට මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි.

මීරිගම අපි සමූහය ….. දින දින දිනේවා…..

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම