ඉතාම දරුණු වියසනයක් ඇති මොහ…

, , Leave a comment

ඉතාම දරුණු වියසනයක් ඇති මොහොතේ, අහිංසක ජීවිත අකාලයේ මිය යන මොහොතේ, සෑම කෙනෙක්ම අන්ත අසරණ වී සිටින මොහොතේ, ප්‍රදේශයේ මැති ඇමතිවරු නොමැත…… දේවාල නොමැත….. කට්ටඩියෝ නොමැත……උදේට t v එකට එන ජෝතිෂ මහත්තුරු ටික නොමැත….. පනදෙන්න සැපේදී සිටි (කොවිඩ් කීවොත් පෝන් එකෙන් වත් කතා කරන්න බය) නෑදෑයෝ සහ යාලුවෝ නොමැත….. ඉතිරිව ඇත්තේ සම්බුදු සරණ සහ තමන් සතු ආත්මශක්තිය සහ තමන්ගේ ලගම ආදරණීයන් පමණි….
ඒ නිසා අපි මෙතෙක් දුර ආව ගමන ගැන ආපසු හැරී බලන්න … …..අපිට පාඩම් ඉගෙනගන්න බොහෝ දේ ඇත. ජීවිතේ වැරදුන තැන් හදාගන්න ලැබුන හොදම කාලයකි. පස් පවින් වැලකෙන්න හොදම කාලයකි. ……… නමුත් අත්හදාබලන්න හැකිවන්නේ හෙට අපි ජීවත් වූවොත් පමණි.. …… ඒනිසා මා විශ්වාස කරන ධර්මයන් දෙකක් ඇත. එකක් බුද්ධධර්මය සහ අනෙක ස්වභාව ධර්මයයි ඒ ධර්මයන් දෙකට පිටුපාන්න එපා….බලාපොරොත්තු වන සුන්දර ජීවිතය ලැබෙයි…තෙරුවන් සරනයි !!!! ඔයාලා සියලු දෙනා අනන්තවූ බුදුගුන බලයෙන් නිරෝගිවේවා !!සුවපත්වේවා !!!

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම