එරික් සේගල්ගේ ‘ලව් සටෝරි’ කෘතිය දැන් සිංහලලෙන් කියැවීමේ හැකියාව ඔබට හිමිවී ඇත. එය සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස් වෙන්නේ මෙම ආදර කතාවට සම්බන්ධිත පෙම් යුවලට මුහුණපෑමට වෙන අසාමාන්‍ය සිදුවීම් මාලාව නිසාය.
එරික් සේගල් අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ සම්භාවනීය මහාචාර්යවරයෙකි. එහෙත් ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ Love Story නැමති කෙටි පේ‍්‍රම වෘතාන්තය නිසාය.
Love Story කෘතිය ඇතමුන්ගේ තියුණු විවේචනයට ගොදුරු විය. එහෙත් ඒවා ගැන තැකීමකින් තොරව එය ‘වසරේ වැඩියෙන්ම විකිණෙන’ (බෙස්ට් සෙලර්ස්) පොත් ලැයිස්තුවේ ඉහළ ම තැනක රැඳී සිටීමට සමත්විය. එය අලෙවිවූයේ දශ ලක්ෂ ගණනිනි. එය මිලියන විසි දෙක ද ඉක්මවීය. මෙම පොත පාදක කරගෙන නිපදවූ චිත්‍රපටය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 5ක් හා ඇකඩමි සම්මානයක් හිමිකරගත් අතර තවත් ඇකඩමි සම්මාන හයකට නිර්දේශ කෙරින.
සේගල්ගේ ‘ලව් ස්ටෝරි’ පාදක කරගෙන නිපවන ලද චිත්‍රපට රාශියකි. ඉන්දියාවේ පමණවයක් එසේ නිපදවන ලද චි්රපට ගණන පහකි.
‘ආදරය යනු කිසිවිටෙක ‘කණගාටුයි’ යයි පැවසීමට සිදු නොවන දෙයක්’ බව මෙම පොතේ තේමාවය. එමෙන්ම දරුවන් විසින් නොසලකා හරින දෙමාපියන්ගේ වුව ද ආදරයේ ද මොනම අඩුවක්වත් නොමැති බව මෙම කතාවෙන් තහවුරු වෙයි.
**********************
ලව් ස්ටෝරි
පරිවර්තනය : එන්.පී. විජේරත්න
මිල රු.750.00
ආශිර්වාද ප්රකාශනයක්
**************************
මෙය විශේෂ වට්ටම් සහිතව නිවසටම ගෙන්වාගත හැකිය.
✔ වට්ස් ඇප් : 0753 008 008 / 0753 22 22 49
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම