| කණගාටුවෙන් වුවත් කියන්න සිදුවේ |
අන්තර්ජාලය හරහා කෙරෙන වෙළෙඳාම අපට බොහෝ ලේසි හා පහසුව ගෙන දෙන කටයුත්තක් වුවත් අද වන විට කියන්න ඇත්තේ හොර තක්කඩියන් මේ වෙළඳාම මුවාවෙන් මිනිසුන් ගසාකන්නට පටන් ගෙන ඇති වගයි.
කොහෙන් හෝ හොයාගත් පින්තුර ටිකක් අන්තර්ජාලයට එක් කොට විකිණිමට තිබේ බෝඩ් එක අලවයි. විස්තර දැනගන්න ඉන්බොක්ස් එන්න කියයි.
ජනතාවෙනි හසු නොවන්න.
ඔබ අන්තර්ජාලය හරහා වෙළද සේවාවක් ලබාගන්නේ නම් එකී විකුණුම් ආයතනය ගැන සැබැවින්ම හොයන්න. ඔවුන්ට වෙබ් අඩවියක් ඇත්තැයි සොයා බල්න්න ගුගල්හි ඔවුන් පිළිබඳ රිවීව් බලන්න විශ්වාසය තහවුරු කර නොමැති කිසිම තැනකට මුදල් නොගෙවන්න.
අද මේ ජාවාරම විවිධ මුහුණුවර ඔස්සේ කරලියට පැමිණ තිබේ. පැළ හා ඇට අලවිය එහි අලුත්ම ගොදුරයි.
ඇත්තටම ඔබ වානිජ වගාවකට ඇට හෝ පැළ ගන්නේ නම් රජයේ අනුමත ආයතනයකින් හෝ අනුමත ගොවිපලකින් අරගන්න. බොරුවට එක එකාට සල්ලි යවා අහුවෙන්න එපා.
ඇට හෝ පැළ විතරක් නෙමේ ඔබ මුදලක් ගෙවන ඕනෑම දෙයක් විශ්වාසය තහවුරු කරපු තැන්වලින් ගන්න. ඒවගේම ඔබට යමෙක් බොරුවක් කරොත් පැහැදිලිවම නම් ගම් ඇතිව ඒ අය ලෝකයට කියන්න. ගුගල් රිවිව් වල උන් විනාස කර දමන්න. උන්ගේ පේජ්වල රිවිව් දාන්න. හොද දෙයක් කරානම් හොද ද නරකක් වංචාවක් කරානම් ඒකද බියක් නැතුව දාන්න.
මේ සටහන ලියන්න හිතුනේ බොහෝ ගෘප් හරහා අද මේ වංචනිකයින් සංවිධාන ගතව මිනිසුන් අන්දනවා අහන්නට දකින්නට ලැබෙන නිසයි.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම