කියැවීම සඳහා මුද්රිත පොත් පමණක…

, , Leave a comment

කියැවීම සඳහා මුද්රිත පොත් පමණක් නොව විද්යුත් පොත් ද තෝරා ගත හැකිය. එමෙන්ම ඔබට ආසන්න පොත්හලේ නැති පොතක් වඩාත් පහසුවෙන් ඉන්ටර්නෙට් පාදක පොත්හලකින් ගෙන්වා ගන්නා අන්දම මෙම පොතේ විස්තරාත්මකව හා තිර රූප ද සහිතව පැහැදිලි කර ඇත.
හැම කෙනෙක්ම වාගෙ ඉන්ටර්නෙට් භාවිතා කළත් වැඩි දෙනෙක් ඒ ගැන නොදන්න බොහොමයක් දේවල් තියෙනව. ‘ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත’ කියන්නෙ එහෙම වැඩි දෙනෙක් නොදන්න සාධක බොහොම සරල විදියට පියවරෙන් පියවර පැහැදිලි කරල දීල තියෙන පොතක්.
ඒකෙ. ‘1. ඉන්ටර්නෙට් තේරුම් ගැනීම, 2. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් සකස් කර ගැනීම, 3. ඉන්ටර්නෙට් තුළ පුද්ගලිකත්වය රැුක ගැනීම, 4. වෙබ් එකේ සැරිසැරීම හා අවශ්‍ය දේ සොයාගැනීම, 5. සුරක්ෂිත ආකාරයට ඔන්ලයින් ෂොපිං යාම, 6. ප‍්‍රයෝජනවත් වෙබ් සයිට්ස් සොයා ගැනීම, 7. විද්‍යුත් තැපෑල භාවිතය, 8. වීඩියෝ ඇමතුම් ගැනීම’ වාගෙ මාතෘකා යටතෙ කරල තියෙන පැහැදිලි කිරිම් කොයි කාටත් ප‍්‍රයෝජනවත්.
විශේෂයෙන්ම ග‍්‍රන්ථ ඩොට් එල්කේ වාගෙ ෂොපිං වෙබ්සයිට් එකකින් යමක් ඇනවුම් කිරීමෙදි අනුගමනය කරන්න වුවමනා සියලුම අදියර ඒකෙ තිර රූප ගණනාවක් එක්ක පැහැදිලි කරල තියෙනව. මේ පොත ඔ්නෑම වයස් සීමාවක අයෙකුට ඉන්ටර්නෙට් ගැන දැන ගන්න තියෙන කදිම පොතක් බව නිර්දේශ කරන්න පුළුවනි.
මීරිගම ආකර්ෂා ප‍්‍රකාශනයක් වෙන මෙය ඔවුන් වෙතින් විශේෂ වට්ටම් සහිතව ලබා ගත හැකිය. විමසන්න: 071 4027 950, 033 22 75611. Whatsapp 0752122220,

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම