දයාබර සොයුරු, සොයුරිය, ……..

, , Leave a comment

දයාබර සොයුරු, සොයුරිය, ……. මේ මුහුනු පොතේඅපිට නිතර දකින්න තියන දසුනක් තමයි ඕනෑම කෙනෙක් මැරුණම ”නිවන් සැප ලැබේවා’ කියල දාන එක නමුත් කෙනෙක් මැරුණට පස්සෙ නිවන ප්‍රාර්ථනා කරලා වැඩක් නෑ සෑම කෙනෙක්ම ඒක පුරුද්දට වගේ දානවා නමුත් නිවන් ලබන්න බෑ මැරුණට පස්සෙ නිවන් ලබන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කොට උතුම්වූ නිවන්මාර්ගය ලබන්න උතුම්වූ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් දුක නැති කරන්න ඕනෙ දුක කියන්නෙ ජාතිදුක, ජරා දුක, වයාදි දුක,මරණදුක යන සියල්ල අවසන් කරල නැවත ඉපදීමක් නැති වීම ඒනිසා මෙය ලබන්න සියලු දේ අත්හැරිය යුතුයි එය කරන්න පුලුවන් මනුස්ස ආත්මයක් ලබාගෙන ජීවත්ව සිටියදී පමණයි ඒනිසා අපි ජීවත්ව සිටින විට නිවන් සැපය ප්‍රාර්ථනා කල යුතුය.නමුත් අපේ අය ජීවත්ව සිටින කෙනෙකුට නිවන් සැප ලැබේවා කීවොත් හොදටම බයවෙලා තවම මැරුණෙ නෑ කියනවා බැනුම් අහන්නත් වෙනවා නමුත් අපි යම් කෙනෙකුට නිවන් සැප ප්‍රාර්ථනා කලයුත්තේ ජීවත්ව සිටින විටයි මැරුණ කෙනෙකුට කිවයුත්තේ මතු සංසාරභවයේ බෞද්ධ රටක, බුද්ධදේශයක, බෞද්ධයෙක් වී ධර්මය ඇසෙන , ධර්ම මාර්ගයේ ගමන් කල හැකි කල්යාණ මිතුරු ඇසුරක් ලැබියහැකි පරිසරයක මනුස්ස ආත්මයක් ලබාගෙන ඉපදේවා කියලා මොකද නිවන් මාර්ගය ලබාගන්න පුලුවන් වන්නේ මනුස්ස ආත්මයක් ලබාගෙනම පමණි. බ්‍රහමලෝක සහ සියලු දිව්‍ය තල වල වැඩ වසන්නාවූද,සෝවාන් ඵලය ලබාසිටින්නාවූද,සියලු දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේලාද නිවන්මාර්ගය ලබා ගැනීමට පින් බලාපොරොත්තුවෙන් වැඩ සිටී.
ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි ! මාමෙසේ ලියන්නට සිතුවේ අප සියලු දෙනාටම කොයි මොහොතේ මරණයට මුහුනදීමට සිදුවෙයිද කියා කිව නොහැකි නිසා සෑම විටම හොද සිහියෙන් කටයුතු කරන්න.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම