~ ධීතූ සුත්තං ~
[සංයුත්ත නිකාය , සාගාථවග්ගපාලි ,කෝසල සංයුත්තය ,අපුත්තක වග්ගය ]
නිදානය – සැවැත්නුවර ජේතවනාරාමයේදී .
එකල්හි ප්රසේනජීත් කෝසල මහා රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත එලැබ ,අභිවාදනය කොට වැද එකත් පසෙක සිටියේය .එම අවස්ථාවේ දී එක් රාජ පුරුෂයෙක් රජතුමා සිටින ස්ථානයට පැමිණ ,
දේවයන් වහන්ස මල්ලිකා දේවිය දියණියක් වැදුවාය.මෙකල්හි රජතුමා නොසතුටු සිත් ඇත්තෙක් වූයේය.
මෙම අවස්ථාවේදී රජතුමාගේ සිත,නොසතුටු සිත් බව දැනගත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඉත්ථි පි හි එකච්චියා සෙය්යා පොස ජානාධිප
මේධාවිනි සීලවතී
සස්සුදේවා පතිබ්බතා”
සමහරක් ස්ත්රිහු බොහෝ ම යහපත් පෝෂණය කිරීමට සුදුසුයි.ශිල්ප ශාස්ත්‍රය බොහෝම හොඳට ඉගෙන ගනිමින්,සිල්වත්ව ගුණවත්ව තමන්ගේ ස්වාමියා දෙවියෙක් කොට සලකා පතිවත ආරක්ෂා කරමින්,කටයුතු කරන්නා වූ යම් කුල ස්ත්‍රියක් වේ නම්
“තස්සා යෝ ජායතී පොසො
සුරො හෝතී දිසම්පති
තාසියා සුභගියො පුත්තෝ
රජ්ජම්පි අනුසාසතිතී ”
එම ස්ත්‍රියට පසුකාලීනව දරුවෙක් උපන්නේ වේ,එම දරුවා පශ්චාත් කාලීනව හොඳ ගුණධර්ම ඇත්තෙක් වූයේ,එවැනි පුත්‍රයා රජකම් කිරීමට ද සුදුසුය.
– අට්ඨකථා විග්‍රහය –
(සාරත්ථප්පකාසීනී )
රජතුමා නොසතුටු සිත් ඇති කර ගැනීමට හේතුව වූයේ ,මල්ලිකා දේවිය වනාහි දිළිඳු පවුලක උපන් දියණියකි,මා විසින් මහත් සැප සම්පත් දෙන ලදී,අනාගතයේ යම් කලෙක පුතෙකු වදන්නේ නම් සත්කාර ලබන්නේ ය ,ඒ ගිලිහුණු කල්ලි නොසතුටු සිත් ඇතිකර ගත්තේය.
ඇය දෙබරගෙඩි විකුණමින් සිටි අවස්ථාවේදී වේදේහිපුත්‍ර අජාසත්ත රජතුමා සමග යුද්ධ කොට පාලායන අවස්ථාවේ දී, මල්ලිකාව උපස්ථාන කරන ලදී,පසුව රජුගේ අග්‍ර මහේෂිකාව වී , බුදු සසුනේ ඉතාමත් ශ්රද්ධාවත් උපාසිකාවක් බවට පත් විය.
මෙහි “සෙය්යා ” යනුවෙන් අදහස් කරනුයේ,අද ගොලු පුත්‍රයා ට වාඩා එම ස්ත්‍රිය ශ්‍රේෂ්ඨ යි .
මෙම සූත්‍රාන්ත දේශනාව තුළින් විද්‍යාමාන වූයේ ,රජ්ජුරුවන් ගේ මව සිහිපත් කිරීමයි , රජ තුමා වැනි සිල්වත් ගුණවත් පුත්‍රයෙක් වැදූ කල්හි රාජ්‍යය ට යහපතක් වූ බැවින් , ගුණගරුක සිල්වත් ගුණවත් පතිව්රතා හෙබි කුලවත් ස්ත්‍රිය ශ්‍රේෂ්ඨ වන බවත්ය.
පෙළ අර්ථකථා අධ්‍යනය තුළින් හා අප ත්‍රිපිටක ධර්ම පීඨයේ ත්‍රිපිටක ධර්ම ආචාරීන් වහන්සේලාගෙන් උගත් දේ අනුකූලව සකස් කරන ලද , ස්වයං අධ්‍යයන ලිපියකි .
නිබ්බාන පච්චයො හෝතු !!!
තෙරුවන් සරණයි !!!
මීට සසුන් ලැදි ,
පූජ්‍ය කැලණියේ ධම්මගවේසී හිමි,
ශ්‍රි ශාසනෝදය භාවනා මධ්‍යස්ථානය ,
වත්තෙමුල්ල,
බාදුරාගොඩ .
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම