පකිස්ථානයේදී මිලේච්ඡ විලෙසන් ඝ…

, , Leave a comment

පකිස්ථානයේදී මිලේච්ඡ විලෙසන් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර සහෝදරයාගේ ඝාතනයේ වගකීම පකිස්ථානික අන්තවාදී කල්ලියක සාමජිකයෙක් භාර අරගෙන ඇතිබව වාර්තා වෙනවා.
මෙම අන්තවාදී මුසිල්මානුවා ඇතුලු තවත් අන්තවාදී මතධාරී සිය දෙනෙක් මේ වෙනකොට පාකිස්ථාන පොලිස් කණ්ඩායම් විසින් අත් අඩංගුවට අරන් තිබෙනවා.
නමුත් එසේ කිරීමෙන් පමණක් පකිස්ථාන රජයට ඒ වගකීමෙන් මිදෙන්න නම් අපහසුයි.
මනුෂ්‍යත්වය නාමයෙන් මිනිස්සුන් විෂයෙහි සිදුවන මෙවන් පොළව නුහුලනා අපරාධයන්…
කවුරුන්, කොයි මොහොතේ, කුමක් අරඹයා සිදුකලා වුවද….
ආගමික අන්තවාදයට ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පකිස්තානු රජය පහසුකම් සපයන්නේ ද?? යන පැණය ලෝකයා හමුවේ ශේෂ වී ඇත.
ඔවුන්ට මේ මොහොතේ මෙහි වගකීම ගෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව ගත නොහැක්කේ ඒ නිසාවෙන් දැයි.?
ඊට ආනුශංගිකව ලෝවැසි සියල්ලෝම මේ වනචාරි ක්‍රියාවට එරෙහිව නැගී සිටිය යුතු මොහොතකි.
නමුඳු …. ආගමික අන්තවාදය නාමයෙන් මිය ගිය පළමුවැන්නා ද, හෝ අන්තිමයාද, ප්‍රියන්ත නොවේ.. සැවොම හඬක් නැගිය යුතුයි.
මනසින් උසස් යැයි කියනා..මනුසත් වගටම මෙය නින්දනීයවූ ගර්හාවක්..
විශ්වීයව පිළිගත් මානවයා සතු හිමිකමක් විලසින්
භාෂණයේ නිදහස, ප්‍රකාශණයේ නිදහස ගැන කතාකරන මිනිස්සුන් සහ ඒ උදෙසාම අටවා ගත් අන්තර්ජාතික සංවිධාන, ආයතන, කණ්ඩායම් සහ මානව හිමිකම් ගැනම කෙකර ගෑම රස්සාව කොටගත් කවුරු කවුරුත් මේ තැන් වලදි…….
නිහඬයි .. අන්ධයි..
අබ්බගාතයි…. ගොළුයි..
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රමුඛ මානව හිමිකම් පඬිවරු අරක් ගත් සංවිධාන නිහඬයි..
ඒ ප්‍රියන්ත කුමාර
ශ්‍රී ලාංකිකයෙක්… සිංහලයෙක්…
වීම නිසාවෙන්ද.?
නැතිනම් ලෝකය ඉස්ලාමීයත්වය මුසු අන්තවාදීත්වයේ ගොදුරක් බවට මේ වන විට පත්ව හමාරද.??
කුරුස යුද්ධයේ නිල නොලත් ජය මුසිල්මානුවන් නතුකර ගෙන ඇත්ද.?
කෙසේ වී නමුත්;
මෙවෙනි මිලේච්ඡ මනුස්සකමට එරෙහිව සිදුවන සාහසික ක්‍රියා පිටු දකින්නට ..
ආගමිකත්වය, ජාතිකත්වය හෝ වර්ගවාදය පසෙකලා…
ශිෂ්ඨ මිනිස්සුන් විලස හඬක් නැගීම සහ සිට ගැනීම සමාජයේ…
උත්තුංග වූ…. වගකීමක්……

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම