| පාරිභෝගිකයාට සලකන අපූරු අවන්…

, , Leave a comment

| පාරිභෝගිකයාට සලකන අපූරු අවන් හලක් |
වැඩ ඇරිලා යන ගමන් ඊයේ හැන්දෑවේ ගොඩවුණා මීරිගම අලුතෙන් පටන් ගත්ත පීට්සා හා බර්ගර් ෂොප් එක වුණු Freshco අවන් හලට. තැන හරිම ලස්සනයි සුව පහසුයි. අනුබද්ධ විද්‍යාලය ඉදිරිපිටමයි තියෙන්නේ.
මීරිගමම සහෝදරයෙක් හා සහෝදරියක් තමයි මේක කරන්නේ මම හිතන්නේ. දෙන්නටම බරට වැඩ.
වැඩ අස්සේ වුවත් පාරිභෝගකයා වූ අප එක්ක බොහොම ලෙන්ගතුව කතා බහ කරන්න අමතක කරන්නේ නෑ ඒ මලයා. වැදගත්ම දෙයක් ඒක.
මාත් පීට්සා එකක් ඕඩර් කරා රුපියල් තුන්සීයයි. රස නියමයි. පිරිසිදුයි, පිළිවෙළයි.
නිස්කලංකව හැන්දෑවක Burger ,Pizza, Fruit salad ,fresh Juice ,Milk shake,Mojito වක රස බලන්න කියාපුම තැන.
වඩාම වැදගත් වූ දේ තමා පාරිභෝගිකයා හා සුහද බව. බොහෝ මෙවන් අවන්හල්වල දක්නට නොමැති සුහද බවක් ඒ සහෝදරයගෙන් මා දුටුවා.
වෙන තැන්වල පාරිභෝගිකයා කරදර කාරයෙක් සේ හිතන ලොකුකමින් හිස උදුම්මගත් සල්ලිකාර වෙළද සල් හිමියන් අතර මේ අවන් හලේ දුටු සුහදත්වයට ඇත්තටම මම කැමතියි.
කෑමත් රසයි. ගෙවන මිලට වටිනවා. මීරිගම හැමෝටම පවුලේ සැවොම එක්ක ගිහින් වෙනස් මිහිරක් විඳින්න කියාපුම තැනක්.
අලුතෙන්ම පටන් ගත්ත හන්දා තරමක අඩුපාඩු ඇතත් ඒ මලයාට ඒවා හොදින් හදාගන ලස්සන ඉදිරි ගමනක් යන්නට සුබ පතමි.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම