~මහා සීහනාද සූත්‍රය ~ [දෙවන ක…

, , Leave a comment

~මහා සීහනාද සූත්‍රය ~
[දෙවන කොටස]

27 වන පරිච්චේදය සිට

මෙලෙස ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ හට ධ්‍යාන ,සමාපත්ති, ඉර්ධි ,ආදී කොටගටගත් උත්තරී මනුස්ස ධර්මයන් නැතැයි පවසන්නේ නම් තර්කයෙන් තමාට වැටහෙන ආකාරයෙන් දේශනා කරන්නේ යැයි ප්‍රකාශ කරනවානම් එය භාග්‍යවතුන් වහන්සේ ට කරන්නාවු උපවාදයකි ,හෙතෙම අපායොත්පත්තී දුක්ඛ්‍යයන්ට පත්වන්නේය .

මෙලෙස සීල, සමාධි, පැණ ( සමාවෙන්න ,මෙම [panna] යන බව දතයුත්තෙය මන්ද,මෙම අකුරු ලියනයේ සොයා ගැනීමේ අපහසුතාව බව සලකන්න ) මෙම ගුණ ධර්ම වූ ත්‍රිෂික්ෂා ධර්මතා වඩන්නේ මෙලොවදීම විශේෂ නුවණින් ප්‍රත්‍ය්ක්ෂ කොට අවබොධ කරගන්නේ යම්සේද එසේම දුර්මුඛ පුද්ගල තෙමේ මෙලොවදීම අර්‍යොපවාදයට හසුව නිරයගාමී වන්නේය .

මෙලෙස බුදුරජාණන් වහන්සේ නිතර ඇසුරු කරන්නාවු කෂත්‍රිය, බ්‍රාහ්මණ ,ගහපති, ශ්‍රමණ පිරිස් ,සදිව්‍යලෝක වැසි චාතුර්මාහාරාජිකාව තාවතිංසය ආදී දෙවියන් ,බ්‍රහ්ම තලවල බ්‍රාහ්මරාජවරු අතරට යන්නේ පිරිස් මැදට ගොස් භාග්‍යවතුන් වහන්සේ බියක් තැතිගැනීමක් ලොමු දැහැගැනිමක් ඇතිනෝවේ මෙලෙස බුදුරජාණන් වහන්සේලාගෙ සර්වඣාතා ගුණය (that means ,omniscient) ගම්‍යමාන කොට දැක්වේ.

මෙලෙස උප්පත්තී ස්ථාන ක්‍රම සතරක් දක්වයි .
1.අණ්ඩජ – බිත්තරයෙන් උපන්

2.ජාලාබුජ – වැදැමහෙන් උපන්

3.සංසේදජ- කුණුවු ආහාර ආදීය තුලින් උපන්නාවු

4.ඔපපාතික -දෙවියන් බඹුන්,නිරසතුන් ආදීය ,
විවිධාකාර මිනිසුන්
(උදා : අම්බපාලී අඹෙන් ඉපදීම )

මේකී ආකාර වූ නිරය ,තිරිසන් ,ප්‍රෙත, අසුර යන සතරාපාය පිලිබඳව ත්,මනුස්ස දිව්‍ය ආදී කාම සුගතී භූමියන් පිලිබඳව ත් මනා ලෙස දත් බැවින් මේකී “පංචගති” දක්නා බැවින් මෙලෙස උප්පත්තී ස්ථාන පිලිබඳව මනා පරිචයකින් හෙබි බැවින් ,

“කරුණාසීතල හදයං” ආදී ගාථාව තුලින් ගම්‍යමාන වන අවසන් ගාථා පදයේ “වන්දේ සුගතං ගති විරුත්තං” ආදී නයින් ද පැහැදිලි වනේ මෙම පංච ගතිය පිලිබඳව බුදුරජාණන් වහන්සේ මනා අවබොධයෙන් යුක්ත වූ බවත් ය .

බුදුරජාණන් වහන්සේ නිරය පිලිබඳව දකිනවා,එයට යන මාවත හොදින් දන්නවා ,නිරයට යන ප්‍ර්තිපදාව හොදින් දන්නවා .අපායේ සිටින පුද්ගලයා ගිනි ගොඩක වැටී ග්‍රිෂ්මයෙන් තැවී,ගිනිවලින් දුක්විදින්නාවු ආපාය ස්ව්භාවය හොදින් තමන් වහන්සේගෙ නුවණින් අවබෝධ කරගන්නවා.

මෙලෙස ප්‍රෙත ලෝකයේ අසුචි වලක ගැලෙමින් වාසයකරනවා,උපමාවකින් හරියට කටු ඇත්තාවු විසම පොලොවක කොල නැති ගසක් යට සිටිනවා වගේ.
මෙලෙසම තිරිසන් ලෝකයේ ආත්මයේද ස්ව්භාවය පැහැදිලි කරනවා .

මනුස්ස ලෝකයේ ඉපදෙන්නාවු පුද්ගලයා ,සැප බහුල වේදනාවක් ලබනවා කාමසුගති භූමියතුල සැපසේ වාසය කරනවා .

උපදි සම්පත් ලෙස :භව බෝග සම්පත් ලබාදෙන්නාවු උපාදානස්කන්ධයක් ලබා දෙන්නාවු පිංකම් ආදීය සිදු කරනවා .

මෙලෙස සැපදායක ස්වර්ග ලෝකයේ උපදින්නාවු පුද්ගලයා කූටාගාරං කොත වාගේ බෝහෝම උසට බෝහෝම හොදින් කපරාරු කලාවූ හොද ආසන බුමුතුරුණු මුවන්ගේ හම් වලින් සකස් කල ආසන තුරුණු ආදීය වු සැපස්ව්භාවය පැහැදිලි කරනවා.

මේකී ආකාරයෙන් රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා කාමයන්ගෙන් වෙන්ව පැන විමුත්තියෙන් විපස්සනා නුවණින් සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට විමුත්ති නුවණ අවබොධ කරනවා .

උදාහරණයක් ඉදිරිපත් කරනවා .බෝහෝම ප්‍රසන්න,පැහැදිලි ,සිසිල් , ජලයෙන් යුක්ත පොකුණක් තියෙනවා ,ඒ ව්ටෙට පිරිසිදු වැලි අතුරා තොටුපලවල් සදා තිබෙනවා ,වනරමණියෙන් යුක්තව සියලු වෙහෙස විඩා දුරුකොට එම වන ලැහැබෙහි නිදාගන්නවා.නිවනට පත්වූ පුද්ගලයා ත් මේ ආකාරයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා .

මේකී ආකාරයෙන් පැහැදිලි කරන කල්හී බුදුරජාණන් වහන්සේ හට උත්තරී මනුස්ස ධර්මයන් නැතැයි පවසන්නේ නම් හෙතෙම අර්‍යොපවාද අකුසල කර්මයට භාජනය වන්නේ මරණින් මතු ආපායොත්පතී යට පත්වන්නේය .

ඉන්පසුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ,එදා භාරතීය ශ්‍රමණ සමාජයේ පැවති ,විමුත්තිය අවබෝධ කරගැනීමට පුරන්නාවු පිලිවෙත් පිලිබඳව

චතුරාංග සමන්නාගත විර්‍යෙන් යුක්තව වාසය කරනවා .

ලුඛස්සුදං -කටුක ප්‍රතිපත්තින් අනුගමනය කරනවා .

ජේගුච්චි : අකුසලය පිළිකුල් කරන්නවා

පවිවිත්තස්සුදං : විවේකයෙන් සීටීමේ අන්තිම කෙලවරට යනවා.

මෙලෙස අචේලකයන් වස්ත්‍ර හදින්නේ පොරවන්නේ නැතුව අතින් ආහාර ගනිමින් කටයුතු කරනවා .මෙලෙස විවිධාකාරයේ න් දානය ද ප්‍රතික්ෂිප්ත කරනවා ඒ අචේලකා දීන්ගේ ස්ව්භාවයන් ,පැහැදිලි කරනවා .

බුදුරාජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ ,රූක්ෂ ප්‍රතිපතීන් සිදුකරමින්,කටයුතු කල ආකාරය පැහැදිලි කරනවා .

පිණ්ඩපාතය යනවා එක් ගෙයකින් එක් බත් පිඩක් පමණක් ලබාගන්නවා,මෙලෙස දිනකට පිඩු 7 ක් පමණක් ආහාරය ට ගන්නේ.

කොල වර්ග ,අමු පාලා වර්ග,සම් කෑලී,මැලියම් ,වනමුල් ,කොල වර්ග,ග්
හණ වර්ග,හිසකේ වලින් නිර්මාණය කරනු ලැබු කෙස් කම්බිලි,බකමුණු පිහාටු වලින් සකස් කර ගත් ඇදුම්

මෙලෙස හිසකෙස් තල ඇටේ වෙලලා උදුරා දමමින් ,ආසනවල ඉදගන්නේ නැතුව ,උක්කුටිකයෙන් උඩුකුරුව,විර්‍යෙන් කටු ඇතිරිලි මත,ට්ගුන් වරක් දියේ සිටිමින් පව් සේදීමේ ශරීරයට දැඩි දුක් දෙමින්

රූක්ෂ ප්‍රතිපතීන් :

ශරීරයේ දූවිලි වලින් වැහිලා අවුරුදු ගණන් කුෂ්ඨ ඇතිවෙලා අවිහිංසාවාදී ව පව පිලිකුල් කරමින් ,ජනතාවගේ න් ඇත්ව, හරකුන්ගේ එළුවන්ගේ ගොම අසුචි තමන්ගේ මල මුත්‍රා ආහාරයට ගනිමින් ,මෙලෙස (මහා විකට බෝජනය ) අනුගමනය කරමින් ,

සීත හේමන්ත කාලවලදී,හිම වැටෙන දිනවල එලිමහනක රැදෙමින් ඇදුම් පැලදුම් නැතුව,අධික අව් රශ්මිය ඇති කල්හීද දැඩි රශ්මියේ සිටිමින්,

සොහොනට ගොස් නිදාගනිමින් ,මීනී ඇටකටු මත නිදාගන්නවා කොල්ලන් මැටි පස් අසුචි ආදීයෙන් ගඩද්දි ,නහයේ කෝටු ආදීය අනිද්දී, බෝසතාණන් වහන්සේ උපෙක්ෂාව වඩපු ආකාරය ,

සමහර බමුණන් ආහාර ශුද්ධිය හෙවත් මසන් ගෙඩි (දෙබර ගෙඩි ) අනුභව කරමින් ,එක් දවසකට එක්දෙබර ගෙඩිය මෙන් ආහාරය ට ගන්නවා ,සාරීපුත්තය, එදා පැවතුනු දෙබරගෙඩි මේ කාලේ දෙබරගෙඩි වගේමයි .

ජාරාවට පත්වෙලාතියෙන ලී ශාලාවක් ලී මෙන් ශරිරය ත් ඒ ආකාරයෙන් ම පවතිනවා,අහස බලන්නක් මෙන් ඇස් ආදීය ගැඹුරට ගොස් ,බඩ අතගැවාම පිට ඇතුල්ලීම,බඩයි පිටයි දෙකම ඇලිලා, මලමුත්‍රා කරන්නට ගිය විට එතනම වැටෙනවා.මෙලෙස දුෂ්කර ක්‍රියා කල අයුරු බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හිමියන් හට ප්‍රකාශ කල සේක.
මෙලෙස කටයුතු කලත් අවබොධය ට පැමිණෙන්න බැරි වුනා ,මෙලෙස අවසානයේ මැදුම් පිලිවෙත් සපුරා විමුත්තී නුවණ අවබොධ කරගත් ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා .

මෙය ආසා සීටි බුදුරජාණන් වහන්සේට පිටිපැත්තෙන් පවන්සලමින් සිටි නාගසමාල භික්ෂූව බුදු රජාණන් වහන්සේ හට ප්‍රශංසා කරනූයේ එශ්චර්‍ය යි අබ්භුතයි සවාමීනි මේ උතුම් ධර්ම පරියාය අසා මගේ ඇගේ ලොම් කෙලින් වුනායැයි නාගසමාල භික්ෂූව පැවසුවා.

එවිට භාග්‍යවතුන් වහන්සේ පවසුනුයේ එනම්,මෙම ධර්ම පරියාය “ලෝමහංස පරියාය “යනුවෙන් දාරාගන්ට යැයි (මයිල්කෙලින් වෙන පරියාය ) යනුවෙන් දාරාගනිත්වා යැයි පැවසීය .

මෙයින් නාගසමාල භික්ෂූව බෝහෝ ලෙස සතුටට පත්විය .

නිබ්බාන පච්චයො හොතු

මේම ලිපිය උපුටා ගැනිමක් නොව මා විසින් පෙල දහම් අටුවා ආදිය පරීශිලනය කරමින් හා අප ත්‍රිපිටක ධර්මායතනයේ ගරු ත්‍රිපිටක ධර්මාචාරින් වහන්සේලාගෙන් උගත් දෑ ආශ්‍රය කොට ගනිමින් සකස් කරගත් ස්ව්‍යං ලිපියකි .

තෙරුවන් සරණයි .

මීට සසුන් ලැදි ,
පූජ්‍ය කැලණිය ධම්මගවෙසි හිමි

ශ්‍රි ශාසනෝදය භාවනා මධ්‍යස්ථානය
වත්තෙමුල්ල ,
බාදුරාගොඩ .

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම