~ මහා සීහනාද සූත්‍රය ~
(මජ්ඣිම නිකාය, මූල පණ්ණාසකය ,සීහනාද වග්ගය )
“එවං මේ සුතං එකං සමයං භගවා වේසාලීයං විහරති ,බහිනගරේ අපරපුරේ වණසණ්ඩේ ”
භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර (බහිනගරේ )= නගරයෙන් පිට( අපරපුරේ වණසණ්ඩේ )= බටහිරින් පිහිටි වනපෙදෙසේ වැඩ වාසයකරන කල්හී ,
අට්ඨකථා විග්‍රහය –
මෙහි විශාලා මහනුවර යනු ,ඔබිනොබ විශාල වූ හෙයින් හා ගව්වෙන් ගව්ව පුලුල් වී ව්‍යාප්තියට පත්වු හෙයින් ,ක්‍රම ක්‍රමයෙන් විශාලයට පත් වූ හෙයින් “වේසාලියං “හෙවත් විශාලා මහනුවර ලෙසින් ප්‍රසිද්ධය .
එහි රජදරුවන් වනාහී “ලිච්චවී රජදරූහ ” වීදුරු බදුනක් සේ එකිනෙකට විනිවිද පෙනෙන ආකාරයෙන් වු සමක් හා දිදුළන පැහැදිලි ජවියෙන් යුක්ත වූයේ “ලිච්චවී” නමින් එම රජදරුහූ ප්‍රසිද්ධය .
“තෙන ඛෝ පන සමයේන සුනක්ඛත්තෝ ලිච්චවී පුත්තෝ අචිරපක්ඛන්තෝ හෝති ,ඉමස්මා ධම්ම විනයා සෝ වේසාලියං පරිසති ,එවං වාචං භාසති ,නත්ථි සමනස්ස ගෝතමස්ස,උත්තරී මනුස්ස ධම්මා අලමරිය ඣානදස්සන විසේසෝ”
එකල්හි සුනක්ඛත්ත නැමති ලිච්චවී රජපුත් ධර්ම විනය හි ඇතුලත්ව පැවිදි ව ,පසුව සිවුරු හැරදමා (උපැවිදි )වී පසුවනුයේ , විශාලා මහනුවර පිරිස් මැදට ගොස් ,බුදු රජාණන් වහන්සේ හට උත්තරී මනුස්ස ධර්මය න් නැත,ඉර්ධි ප්‍රාතිහාර්ය න් පැමට අසමත් ය,භවත් ගෞතමයන් වහන්සේ ,තර්ක කොට තමන්ට වැටහෙන ආකාරයෙන් විමර්ශන බුද්ධියෙන් යුක්තව ධර්මය දේශනා කරනවා ,නමුත් සුනක්ඛත්ත පවසනුයේ එම ධර්මය අවබොධය තුලින් නිවන් අවබොධ කලහැකි භවත් ය.
එහි “සුනක්ඛත්ත” යන්නෙන් අදහස් වන්නේ ,සුභ නැකත යන අරුතයි.
“සුනක්ඛත්තං සුප්පභාතං” යනුවෙන් පැහැදිලි වූයේ එයයි.
එහි “උත්තරී මනුස්ස ධර්මය” වශයෙන් පැහැදිලි කරන ලද්දේ, මනුෂ්‍ය ත්වය ඉක්මවු ධර්ම බැවින් උත්තරී මනුස්ස ධර්ම වන බවයි.
මනුස්ස ධර්මය කොටස් දෙකකි.
1. “මනුස්ස ධම්මෝ විය දස කුසල ධම්මෝ” එයින් පැහැදිලි වූයේ දස අකුසලයන්ගෙන් වෙන්ව දස කුසලය තුළ වාසය කීරිම මනුස්ස ධර්මය වන බවත් ය.
2.උත්තරී මනුස්ස ධර්මය වූයේ මනුෂ්‍ය ත්වය ඉක්මවු ධර්ම වූ, ධ්‍යාන ,සමාපත්තී ,ඉර්ධිප්‍රාතිහාර්‍ය ,මාර්ග ඵල ආදීයයි.
මෙලෙස සුනක්ඛත්ත නැමති කුමරුවා මෙලෙස මුග්ධ කරුණක් ප්‍රකාශ කරන කල්හි ,උදැසන පාසිවුරු ගෙන විශාලා මහනුවර පිඩු පිණිස හැසිරෙන්නාවු මහා ධර්ම සේනාධිපති දකුණත් සව් ,පැණවත් භික්ෂූන් අතරින් අග්‍ර ,සාරිපුත්ත මහා රහතන් වහන්සේ ගේ දෙසවනට යොමු වී බුදුරාජාණන් වහන්සේ වැඩ සිටින්නේ යම් ස්ථානයක ද එතැනට එලැබියේය.එලැබ එම කරුණ සැලකර සිටියේය .
එවිට භාග්‍යවතුන් වහන්සේ පවසනුයේ,සුනක්ඛත්ත නැමති මෝඝ පුරුෂය ක්‍රෝධ සිතින් යුක්තව එවන් ක්‍රෝධ වචන කාථාකරන බවත් ය.
තාථාගතයන් වහන්සේ පිළිබඳව යම් වර්ණනාවක් කරනවානම්,බුදුරදුන්ගේ ධර්මය තුලින් නිවන් අවබොධ කට හැක්කේ ය.යනුවෙනි.එනමුත් සුනක්ඛත්ත හට බුදුගුණ පිලිබඳ අවබොධයක් නැත.
ඔහු ඉර්ධිප්‍රාතිහාර්‍ය පාන ආකාරය පිලිබඳ ව නොදන්නේය.
එසේ ඉර්ධි ප්‍රාතිහාර්ය පාන ආකාරය මේසේය .
1.එක් පුද්ගලයෙක් වී බෝහෝ දෙනෙක් වීම
2.බෝහෝ දෙනෙක් වී එක් පුද්ගලයෙක් වීම
3.නොපෙනී සීටිම.
4.බිත්ති කදු පර්වත දොරවල් ආදීයෙන් නෝගැටි ඒමත ගමන් කීරීමේ හැකියාව,
5.පක්ෂියෙක් මෙන් අහසෙහි ගමන් කීරිම .
6.මහාපොලොවේ ගිලෙමින් මතු විම.
7.මහාපොලොවේ යන්නාවු වතුර මතුපිට ඇවිදගෙන යාම
8.කුරුල්ලෙකු ඇවිදිනවා මෙන් එරමිනියා ගොතා එහේ මෙහේ ඇවිදිම.
9.චන්ද්‍ර මණ්ඩලය හා සූර්ය මණ්ඩලය අතින් පිරිමැදීමේ හැකියාව
10. අකනිටා බඹලොව දක්වා ඉසුරුමත් බව පැතිරවීම.
තවද,අනෙක් අයගේ සිත් පිරිසිද දැනගැනීමේ හැකියාව ,මිනිස් කන ඉක්මවා ගොස් දිබ්බෙන ,මනුස්සෙන දිබ්බ සෝත ධාතුවෙන් දැක අවබොධ කරගැනීමේ හැකියාව,
සිතෙන් සිත පිරිසිද දැනගැනීමේ හැකියාව .
රාගයෙන් තොරබව දැනගැනිම.
ද්වේෂයන් තොර හා එහි සිටින බව දැනගැනීම.
මෝහයෙන් තොර හා මෝහයෙන් සිටින බව දැනගැනීම .
නීවරණ ධර්මයන්ගෙන් වසග වී ඇති බව දැනගැනීම .
වික්ෂිප්ත බව දැනගැනීම
මහත් බවට පත්වූ සිත දැනගැනීම
රූපාවචර අරූපාවචර සිත් ඇති බව දැනගැනීම
සිත උත්තරීතර තත්වයට පත්ව ඇතිබව අවබෝධ කරගැනීම
සිතේ සමාධිය හොද හැටි අවබොධ කර ගැනීම
කෙලෙසුන් කෙරෙන් මීදී ඇතිබව දැනගැනීම .
ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ සතු දසබල නුවණ පිලිබඳ විග්‍රහ කීරිම .
1.ඨානා ඨාන නුවණ :ස්ථාන අස්ථාන දන්නා නුවණ ස්ථානය හෝ ස්ථානය නොවන ආකාරය පිලිබඳව දන්න ආකාරය .
“අට්ඨාන මේතං භික්ඛවෙ අනවකාසෝ ” ආදී නයින් පැහැදිලි කල අයුරින් අංගුත්තර නිකාය අට්ඨාන පාලියේ මේ ලෝකයේ සිදු නොවන දේවල් පිලිබඳව විස්තරය .
එයින් කිහිපයක් නම්.
සෝවාන් ආදී මග ඵල තුලින් නොපිරිහීම.
බුදුවරුන් දෙදෙනකු එකට පහළ නෝවීම.
චක්‍රවර්තී රජවරුන් දෙදෙනෙක් එකට පහළ නෝවීම
2.අතීත ආනාගත කර්ම සමාදානයන්ගේ ස්භාවය අවබෝධ කරගැනීම
විපාක පිලිබඳව හොදාකාරවම දැනගැනීම .ලෝක විසය ,සර්වඣාතා ගුණය ,ඉද්ධි විසය පිලිබඳ හේතු ප්‍රත්‍ය වශයෙන් විපාක දෙන අයුරු .ත්‍රිවිධ සම්පත්තිය වූ ,.
කාල සම්පත්තිය
ගති සම්පත්තිය
ප්‍රයෝග සම්පත්තිය
හොදින් අවබොධ කරගත්බව
3.සබ්බත්ථගාමීනි-උප්පත්ති වශයෙන් යන්නාවු තැන් පිලිබඳව අවබෝධ කරගන්නා නුවණ
4.අනේකධාතු නානාධාතු යාථාභූථ නුවණ –
ඇස ආදී ඉන්ද්‍රියයන් දැක ගැනීමේ ඒ ඒ ස්ව්භාවයන්ගේ යාථා භූත ස්ව්භාවය දැකග්න්නා නුවණ පිරිස් එකතුවේන්නේ ඒ ඒ හැගිම් අනූව.
5. නානාධිමුත්ති කතං නානාධිමුක්තිකබව
පුද්ගලයන් ගෙ විවිධ හැගිම් ආකල්පයන් පිලිබඳව
1.ක්ල්‍යාණිමුක්තික -හොද යහපත් හැගිම්
2.හීනාධිමුක්තික -පහත් හැගිම් ආකල්පයන් යුක්ත වීම .
6.පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියානං පරෝ පටියත්තං යාථාභූථං පාජානාති.
පුද්ගලයන් ගේ ඉන්ද්‍රියයන් මුහුකුරා ගියබව ,ඒ ඒ පුද්ගලයන්ගේ ගුණ ධර්ම වැසී ඇති බව දක්නා නුවණ,සීල සමාධි පඝ්ගා විමුත්ති ගුණ පිලිබඳ ව
7.ධ්‍යාන විමෝක්ෂ සමාධි සාමාධිනංච සංකිලෙසං
ධ්‍යාන ආදී න්ගේන් කෙලෙස් යටපත් වූවත් ඒවායින් නිෂ්ඨාවට පත් නෝවී ඇති බව දක්නා නුවණ
8.පුබ්බේනිවාසානුස්සති නුවණ
පෙර විසු කද පිරිවෙස පිලිබඳ දක්නා නුවණ ජාති 1000ක් 100 ක් 50 ක් ආදී වශයෙන් දක්නා නුවණ
9.දිබ්බේන චක්ඛුනා – දිබ්බ චක්ඛු හෙවත් චුතුපපාත නුවණ වූ මැරෙන ඉපදෙන්න වුන්ගේ හීන ප්‍රණිත ආදී වශයෙන් දක්නා නුවණ
10.ආසවානං ඛයා අනාසවං –
ආශ්‍රව ධර්මය න් කෂයකොට චේතො විමුත්ති නැණ විමුක්ති සාක්ෂාත් කරගන්නා නුවණ
චේතො විමුක්ති
යනු,නීවරණයන්ගෙන් වෙන්වූයේ කෙලෙස් තරමක් ප්‍රහාණය කොට කාම ලොකයෙන් වෙන් වූයේ රූපාවචර අරූපාවචර ලෝකයේ න් මිදුනේ
පැන විමුත්ති
පැනවත් බවින් කෙලෙස් දුරුකොට අනිත්‍ය දුක්ඛ ආනාත්ම වශයෙන් දැක තත් අයුරින් දැනගන්නා නුවණ
සාරිපුත්තය මෙලෙස,බුදු රජාණන් වහන්සේ දසබලනුවණින් යුක්තයි .මෙසේ එම වචනය අත් නොහරින්නේ දෝෂාරෝපණ සිතිවිල්ල අත් නොහරින්නේ මානය අත් නොහරින්නේ, මානය අත් නොහරින්නේ නිරයේ උත්ප්තියේ ලබයි .
බුදුරජාණන් වහන්සේ ගේ විශාරද නුවණ සතර .
1.බුදුරජාණන් වහන්සේ සම්‍යයක් සම්බුද්ධ යි
2.බුදුරජාණන් වහන්සේ කිණාෂ්‍රවයී
3.බුදුරාජාණන් වහන්සේ දේශිත අන්තරායකර ධර්ම අනුගමනය නොකලාට අයහපතක් නොවන්නේය
4.යම් අර්ථයක් සදහා දේශිතද එතුලින් නිවන් අවබොධ කලනොහැකි යනුවෙන්
මෙලෙස යම් කිසි පුද්ගලයෙක් මෙම විශාරද තත්වයන් නොමැති යැයි ශ්‍රමණ යෙක් බ්‍රාහ්මණ යෙක් පවස්නුයේ,ධර්මානුකූලව පවසයි නම් සාරිපුත්තය මට එවැනි නිමිත්තක් වත් පහල නොවන්නේය.
(මෙම සූත්‍රය මැදුම් සගියේ ඉතාමත් දීර්ඝ සූත්‍රය ක් බැවින් ඉතුරු ධර්ම පරියාය නෝබෝ දිනකින් ම ලිපිය සපයා සූත්‍ර දේශනාව සම්පූර්ණ කරන්නේමු)
නිබ්බාන පච්චයො හොතු !!!
(මෙම ලිපිය උපුටා ගැනිමක් නොව මා විසින් පෙල දහම් අටුවා ආදිය පරීශිලනය කරමින් හා අප ත්‍රිපිටක ධර්මායතනයේ ත්‍රිපිටක ධර්මාචාරින් වහන්සේලාගෙන් උගත් දෑ ආශ්‍රය කොට සකස් කරගත් ලිපියක් බව කරුණාවෙන් සලකන්න )
තෙරුවන් සරණයි !!!
මීට සසුන් ලැදි ,
පූජ්‍ය කැලණිය ධම්මගවෙසි හිමි
ථේරවාදී මහා විහාරීය ත්‍රිපිටක ධර්ම පීඨය ,
මහා සංඝ මුලස්ථානය ,
නාරහේන්පිට ,
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම