මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් ම…

, , Leave a comment

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් මිනිසා බොහෝමයක් අවස්ථාවන් හිදී ස්වකීය අයිතිය උදෙසා විප්ලවීය මැදිහත්වීමක් කරන්නට පළඹෙති.ලෝක ඉතිහාසය තුල එවන් අරගලයන්ට උදාහරණ ලෙස මැග්නාකාටාව,ප්‍රංශ සහ අමරිකානු නිදහස් සටන ගැන අප උගත්තෙමු.එතැනින් 1 සහ 2 ලෝක යුද්ධ වලින් පසු ජාතීන්ගේ සංගමය හැදී විශ්වීය අවැසිකම් තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවූ පසු විශ්ව ප්‍රකාශණයක් විලසින් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට යෙදුනි.
අප රටේ පළමු ස්වස්ථානික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන 72 ජනරජ ව්‍යවස්ථාව තුල මූලික අයිතිවාසිකම් ගැන කතා කරන අප වඩාත් සාධනීය ආරක්ෂණයක් ලබා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් ආකෘතියක් සහිතව මූලික අයිතිවාසිකම් ගැන නෛතික බලාත්මක තත්වයක් ව්‍යවස්ථාපිත කරන්නේ 78 ව්‍යවස්ථාව තුලින්.
ඒ අනුව 78 ව්‍යවස්ථාවෙ ¡¡¡ පරිච්ඡේදය සිතීමේ නිදහස, හෘදය සාක්ෂිය සහ ආගම. වධහිංසා හෝ කුරිරු, අමානුෂික හෝ පහත් සැලකීමෙන් නිදහස් වීම. නීතිය ඉදිරියේ සමානාත්මතාවයට ඇති අයිතිය සහ නීතියේ සමාන ආරක්ෂාව. ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන කරුණු අනුව වෙනස් කොට සැලකීමට ඇති අයිතිය ගැන කතා කරනවා.
එකී මූලික අයිතිවාසිකම්
1 උත්පත්ති.
2 වැදගත්කම සහ ලක්ෂණ.
3 සමානාත්මතාවයට ඇති අයිතිය.
නිදහස සඳහා අයිතිය.
4 තොරතුරු දැන ගැනීමේ අයිතිය (RTI)
5 සූරාකෑමට එරෙහි අයිතිය.
6 ආගමික නිදහසට ඇති අයිතිය.
7 ජීවත්වීමේ අයිතිය.
8 සංස්කෘතික හා අධ්‍යාපන අයිතිවාසිකම්.
යටතේ සාරාංශ කරන්න පුලුවන්.
මූලික අයිතිවාසිකම් යනු රජය සහ පාර්ලිමේන්තුව විසින් නිර්දේශ කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්‍ෂා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවත්නා අයිතිවාසිකම් සහ නිදහසයි.
මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් යනු දෙකකි.මානව හිමිකම් යනු සියලුම ගෝලීය පුරුෂයින් හා ස්ත්‍රීන් සතු අයිතිවාසිකම්ය.එය universal declaration of human rights හි පුළුල්ව සාකච්ඡාවෙයි.ඉන් අප ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පිළිගන්නා කොටස මූලික අයිතිවාසිකම් වෙනවා.
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ට අපේ ආණ්ඩු ක්‍රමේ සදහන් III වන පරිච්ඡේදය හෝ IV වන පරිච්ඡේදය විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ පිළිගත් ඕනෑම මූලික අයිතිවාසිකමක් හෝ භාෂා අයිතියක, විධායක හෝ පරිපාලනමය ක්‍රියාමාර්ගයක් මගින් උල්ලංඝනය කිරීම් හෝ ආසන්න උල්ලංඝ නය කිරීම් සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් විභාග කිරීමට හා තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ට පූර්ණ සහ තනි අධිකරණ බලයක් තිබිය යුතුය කියලා තියනවා.
ඒවගේම හමුදාවේ පොලිසියේ වගේ නිලදරුවනට මේ මූලික අයිතිවාසිකම් සීමා වෙනවා.වෘත්තීය අයිතිවාසිකම් වගේ දේවල්.සෘජුවම පරිපාලන හෝ විධායක තීරන නිසා සිදුවන ඛණ්ඩනයන්.නමුත් ව්‍යවස්ථාමය තත්වයන් එක්ක ඔවුන්ගේ අයිතිවාසිකම් සීමාවීම නීත්‍යානුකූල කරලා තියනවා.
අපේ රටේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් විෂයෙහි සෑහීමකට පත්විය හැකි නඩු කටයුත්තක් ගොනු කිරීම පවා ධනේශ්වරයි.සාතිශ්‍ය බහුතරයක් තම අයිතිවාසිකම් කඩවීම ඉවසා වදාරනවා.නීතිය ඉදිරියට යන්න ඇති නොකැමැත්ත නිසා.
ඒ නොකැමැත්ත වෙනම කතා කරමු…

සටහන –
නීතිඥ ප්‍රබුද්ධ තිසරනාත් දහනායක

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම