මීරිගමට මෙහෙවරක් කල දේශපාලන නායකත්වයන් අතුරින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කල ගරු මන්ත්‍රිනී ශිවා ඔබේසේකර නාමයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.
මීරිගම එජාප බලකොටුව බින්දේ ඇය විසින් බවයි මීරිගම දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ. පේශ කර්මාන්තයට සහ හස්ත කර්මාන්තය දියුණු කිරීම විෂයෙහි ඇය කල සුවිශේෂී මෙහෙවරෙහි ශේෂයන් මීරිගම ආශ්‍රිතව පවතියි.
පවුල් සෞඛ්‍යය සේවය නිර්මාණය කරන්න මූලික වූ ශිවා ඔබේසේකර හිටපු සෞඛ්‍ය ඇමැතිනිය,
වතුපිටිවල රෝහල ඉදි කිරීමටත් මීරිගම රෝහල ඉදිකිරිමටත් සිය දේපල දන් දෙමින් එවා ඉදිකිරීමට මහත් වූ සේවයක් සැපයූ උත්තුංග මනුස්සකමක් සහ පරිත්‍යාගශීලී බවක් සහිත පිරිපුන් දේශපාලන පෞරුෂත්වයකි.
මේ….ඈ සමග කෙරුණු කතා බහක් ඇසුරින් තබනා සටහනක්.
ජීව දත්ත Bio Data
* සම්පූර්ණ නම :- ශිවගාමි වෙරීනා දසනායක ඔබේසේකර
* උපන් ගම :- නාත්තණ්ඩිය
*උපන් දිනය :- 1929 මැයි 07 වැනිදා
* සැමියා :- (සෙනෙට් සභික) දේශමාන්‍ය ජේ. පී. ඔබේසේකර
* පියා :- ක්ලිෆ්ටන් දසනායක
* මව :- එම්බෙල් කොරයා
* දරුවන් :– ෂොන්ටාල් හිරන්ති ඔබේසේකර ද සේරම්
* පාසල :- කොළඹ කාන්තා විද්‍යාලය
* දැරූ තනතුරු :-
සෞඛ්‍ය ඇමැතිනි,
ලංකාවේ ප්‍රථම වැඩබලන කතානායකවරිය,
ජාතික ශිල්ප සභාවේ සභාපතිනි, ලෝක හස්ත ශිල්ප සභාවේ සභාපතිනි
* ශ්‍රී ලංකා කලාකරුවන්ගේ සහ හස්ත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපතිනි
ලැබූ සම්මාන :-
* හස්ත කර්මාන්තයට කරන ලද සේවය වෙනුවෙන් ඉන්දියාවෙන් 2003 දී හිමි වූ කමලා සම්මාන් සම්මානය,
* මෙතෙක් කළ සේවය වෙනුවෙන් 1991 දී හිමි වූ “දේශමාන්‍ය” සම්මානය
*උපත සහ කුඩා විය :
ඒ 1929 වසරේ වෙසක් මහේ 07 වැනිදා ක්ලිෆ්ටන් දසනායකත්, එම්බෙල් කොරයාගේත් ජීවිතවලට අරගෙන ආවේ අලුත් බලාපොරොත්තුවකි. ඈ එම්බෙල්ගේ තුරුලට වෙලා නිදාගෙන සිටින ආකාරය දැක්ක ක්ලිෆ්ටන්ගේ මුවඟට නැඟුණේ සිනාහවකි.
“අපි දෙවැනියට ශිවගාමි කියලා නම තියමු” ඔවුන් දෙදෙනාගේ ඒකමතික තීරණයට අනුව අලුත ඉපදුණු බිළිඳිය ශිවගාමි දසනායක වුණේ ඒ අයුරිනි.
නාත්තන්ඩියේ උපත ලැබූ ශිවගාමිට හිටියේ වැඩිමහල් සහෝදරියක්. ඔවුන් දෙදෙනාගේ මේ සොඳුරු ජීවිතයට කාලයක් යද්දී තවත් අමුත්තෙක් පැමිණියේය. ඒ ශිවගාමිගේ බාල මල්ලිය.
ශිවගාමිටත්, සොහොයුරියටත් ආත්තම්මා සමඟ යාපනය ප්‍රදේශයට යන්නට සිදුවුණේ සිය මාමා රාජකාරී කළේ පොලිසියේ බැවිනි. ළමා කාලයේදී ඈ පළමුව අකුරු කරන්නට පිය නඟන්නේ යාපනයේ කන්‍යාරාමයක තිබුණු ළදරු පාසලකටය. ළදරු පාසලේදී ලැබූ අධ්‍යාපනය නිමා කළ කුඩා ශිවගාමි කොළොම්පුරවරයට සේන්දු වන්නේ සිය අධ්‍යාපන ගමනට නව අර්ථයක් දීමටය.
* ළමා විය සහ අධ්‍යාපනය :
කොළඹට ආවට පස්සේ ඇය කොළඹ හතේ තිබුණු කාන්තා විද්‍යාලයට ඇතුළත් කෙරුණා. පාසලේ ක්‍රියාකාරී දැරියක වූ ඇය වයසින් වැඩෙද්දී ක්‍රීඩා කටයුතුවලට මා බෙහෙවින් ඇළුම් කළා. ඒ කාලයේ පාසලේ විදුහල්පතිනිය විදියට හිටියේ ජී. එෆ්. ඕ. පී. කියන නවසීලන්ත ජාතික කාන්තාවක්. ඈ බොහොම ක්‍රියාකාරී විදුහල්පතිනියක්.
ඒ නිසාම පාසලේ ක්‍රීඩා අංශයත් ක්‍රියාකාරී වුණා. ඇයගේ ප්‍රියතම ක්‍රීඩාවක් වුණේ නෙට්බෝල්, ටෙනිස් වගේම මලල ක්‍රීඩාවන්. මේ ක්‍රීඩාවල නායිකාව විදියට අවුරුදු 6 ක්ම ඉන්න ඇයට හැකිව තිබෙනවා.
කොළඹ තිබුණු කාන්තා විද්‍යාලය නුවරට අරගෙන යන්නේ හදිසියේමයි. ඒ දෙවන ලෝක යුද්ධය තිබුණු සමයයි. ජපනුන් කොළඹට බෝම්බ හෙලන මේ කාලයේ දරුවන්ගේ යහපත උදෙසා ඕපිසිය පාසල් දැරියන් සමඟ නුවර ප්‍රදේශයට යන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සිතන නිසයි.
මේ කලබලකාරී තත්ත්වයෙන් පසුව නැවතත් කොළඹට එන ශිවා ඇතුළු පිරිස සුපුරුදු ලෙස සිය අධ්‍යාපන කටයුතුවලට නැඹුරු වෙති. ඒ විතරක් නෙවෙයි ශිවා සමාජ සේවා කටයුතුවලට වඩාත් ඇලුම් කරන්නේ ඕපි විදුහල්පතිනියගෙන් ලැබුණු ගුරුහරුකම් මැදයි.
* සමාජ සේවයට එක්තු වීම :
සමාජ සේවයට යොමු කිරීමේ මූලික ගෞරවය හිමිවිය යුත්තේ ඕපි විදුහල්පතිතුමියට බවයි ඕතමෝ කියන්නේ. දුප්පත්, අසරණ අයට උදවු කරන්න. ඔවුන් විපතට පත් වූ අවස්ථාවල ඔරසන් කියන්න වැනි කටයුතු වලට එකතු වුණා. ඒ හරහා කළ හැකි උපරිමයෙන් ඔවුන්ට උදවු කළා. ඒ වගේම දුප්පත් අය හා ඔවුන්ගේ ජීවිත පිළිබඳ මට ඇති වුණේ දුකක්.
කවදා හෝ ඔවුන්ට උදවු කළයුතු යැයි ඇය සිතා ගත්තේ එදා බවයි.
ඈ පවසන්නේ.
රත්මලානේ අඳ, ගොළු, බිහිරි පාසලට නිතර නිතර යන ශිවාට දිනක් ඇසෙන්නේ ගීතයක් ගයන මියුරු ස්වරයකි. ඈ ඒ ස්වරය ඔස්සේ පිය නඟන්නේ ගීතය ගයන්නේ කෙබඳු යුවතියක දැයි දැක ගන්නා අටියෙනි.
“මේ සිදුවීම නම් මගේ ජීවිතේ තිබෙනතුරාවට මට අමතක වෙන්නේ නෑ. එදා මට ඇසුණු ගීතය මියුරු ලෙසින් ගැයුවේ අඳ යුවතියක්. වයලීනයත් වයමින් ඈ ගැයූ ගීතය මට මේ දැනුත් ඇහෙනවා වගෙයි. ඒ වෙලාවේ මගේ සිත කොයිතරම් කම්පාවට පත්වුණාද කිව්වොත් මම පාසලෙන් ලැබෙන රු. 16.75 ක මුදල මේ ළමයින් වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කළා.”
* නව යොවුන් විය :
මෙවන් සංවේදී යුවතියක් වූ ශිවාට ඇගේ අනාගත සහකරු මුණ ගැසෙන්නේ මේ අතරතුරදීයි. එදා ටෙනිස් තරගාවලියක් පැවැත්වුණු දවසක්. මේ තරගාවලිය නරඹන්න ඒ කාලයේ කතාබහට ලක්වුණ අපූරු තරුණයකු පැමිණියේය. ජේ. පී. ඔබේසේකර කියන මේ තරුණ ගැටයා එංගලන්ත ගුවන් හමුදාවේ සේවය කළා විතරක් නොවෙයි කේම්බිජ් විශ්වවිද්‍යාලයේ සිට ලංකාවට තනිවම කුඩා ගුවන් යානයක් පදවාගෙන පැමිණියෙකි.
එදා බොහොම දක්ෂ විදියට ටෙනිස් ක්‍රීඩා කළ ශිවා කියන පාසල් යුවතිය අසල ජේ.පී. ගේ සිත නැවතුණේ ඉබේමයි. හදවතේ ඉපඳුණු ඒ සොඳුරු පැතුම හංගා ගනිමින් ඔහු ඈට සුබපැතුවේය. ඒ මිත්‍රත්වයකට මුල පුරවමිනි.
ඒ මිත්‍රත්වය කොයිතරම් දුරදිග ගියාද කිව්වොත් ශිවා නිවැසියන්ගේ අවසරය ඇතිව ජේ.පීත්, ඩග්ලස්, මෙරිස් කියන යාළුවෝ කිහිපදෙනෙකුත් සමඟ ගෝල්පේස් හෝටලයේ තිබුණු උත්සවයකට සහභාගි වූවාය. ඈ පිළිබඳ තම හදවතෙහි ලියලමින් තිබුණු ආදර හැඟුම් ගලායද්දී සිය ආදරය ප්‍රකාශ කරන්නට සුදුසුම කාලය මේ යැයි ඔහු සිතුවේය. ඔහුගෙන් ලැබුණු ඇරැයුමට ඇගෙන් ලැබුණේ මදසිනහවකි. ඒ සිනාවේ බොහෝ දේ ගැබ්ව තිබුණි. ශිවා තමන්ට ඉදිරිපත් වුණ ආදර ඇරැයුම සිය මවුපියන්ට පැවසුවේ කීකරු සුවිනීත යුවතියක් ලෙස ඇතිදැඩි වුණ නිසාවෙනි. අධ්‍යාපනයෙන් පස්සේ ජේ. පී. ඔබේසේකර අතගන්න ශිවා නම් කදිම යුවතිය ශිවා ඔබේසේකර වන්නේ මේ අයුරිනි. ඒ 1948 මැයි මාසයේදීය.
* විවාහයට පසු :
විවාහයෙන් පස්සේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න කියලා සැමියා ඉල්ලීමක් කළා. ඒ සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍ය සියලු කටයුතු සලසා දෙන්නත් ඔහු සූදානම් වුණා. නමුත් ඒ හැමදේකටම වඩා මගේ සිත කිව්වේ ජනතාව වෙනුවෙන් යමක් කළයුතු බවයි. මේ වන විට ජේ. පී. දේශපාලනයට අවතීර්ණය වීමට තීරණය කරගෙන සිටියා.
ඔහුගේ පවුලත්, බණ්ඩාරනායක මහත්තයගේ පවුලත් අතර තිබුණේ කිට්ටු සබඳතාවයක්. මේ සබඳතාවය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නවවන සාමාජිකයා වූයත් ඇගේ සැමියායි.
* දේශපාලන අව්තීර්ණය :
නිදහස් පක්ෂයේ සාමාජිකාවක් ලෙස ඇයට හිමිවන්නේ විසිවන ස්ථානයයි. 1952 දී ඇගේ සැමියා මීරිගම ආසනයෙන් ඡන්දය ඉල්ලන්නේ මේ අතරදියි. ඊටපසුව අත්තනගල්ල ප්‍රදේශයේ ඡන්දය දිනා අත්තනගල්ල මන්ත්‍රී ධුරයට පත්වන ඔහු නිසා මමත් සමාජ සේවා කටයුතුවලට යොමු වුණා.
සමාජ සේවා කටයුතුවලදී ශිවා ඔබේසේකරගේ සිත පැහැර ගත්තේ පේෂ කර්මාන්තය හා හස්ත කර්මාන්තයයි. සිය සැමියාගේ දේශපාලන කටයුතු නිසා ගෙන් ගෙට ගොස් එහි විසූ ගෘහණියන්ගේ, යුවතියන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් සිටි ශිවාට ඔවුන්ගේ ආර්ථිකය නඟාසිටුවීමට යමක් කළයුතු යැයි හැඟුණි. ඒ නිසාම රැකියාවක් නොමැති කමින් පීඩා විඳි ඔවුන්ව සංවිධානය කරමින් මැහුම් පංති ක්‍රමයක් අරඹන්නේ මෙතැන් සිටයි. එක් මධ්‍යස්ථානයකින් ඇරැඹි මෙම පංති ක්‍රමය ගම්මානයෙන් ගම්මානයට ව්‍යාප්තව ගොස් මධ්‍යස්ථාන දාහතරක් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවුණි.
* පේශ කර්මාන්තය සහ හස්ත කර්මාන්තය
රේන්ද ලේන්සු වැනි මැහුම් ක්‍රමවලින් ආරම්භ කළ මැහුම් පංති සියල්ල එකතු කරමින් ප්‍රදර්ශනයක් තියන්න අප කටයුතු කළා. එහිදී ඔවුන් හොඳ ආදායමක් ලැබුවා. එතැනින් ආරම්භ කළ මේ පංති ක්‍රමයට පසුව තවත් බොහෝ දේ එකතු වුණා. පන් වලින් කළ හැකි නිර්මාණ, මැටි, ලී වගේම අත්යන්ත්‍රවලින් කෙරෙන රෙදි විවීම වැනි දේ නිසා මේ මධ්‍යස්ථාන වටා බොහෝ අය එක්රොක් වුණා.
පළමුවෙන්ම මේ සියලු නිෂ්පාදන එකතු කරමින් අත්තනගල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක් විවෘත කළා. ලංකාවේ සෑම නගරයකම වගේ අපි ඇවිද්දා. නුවර, මාතර, ගාල්ල ආදී මේ ප්‍රදේශවල මිනිසුන්ගේ පුදුම උනන්දුවක් මෙම කර්මාන්තයට තිබුණේ. ඔවුන්ට මේ නිර්මාණ අලෙවි කර ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පැන නැගිලා තිබුණා. ඒ නිසයි 1964 දී “ලක්සල” ආරම්භ වෙන්නේ. ඒ එකල ඇමැතිවරයෙක් වුණු මෛත්‍රීපාල සේනානායක මහත්තයා ලබා දුන්න කොළඹ කොටුවේ මිලර්ස් ගොඩනැගිල්ලේ.’’
එකල ගම්වල නිපදවූ හස්ත හා පේෂ කර්මාන්ත නිර්මාණ සඳහා අපූරු තෝතැන්නක් වූ ලක්සල ග්‍රාමීය ජනතාවගේ මුදුන් මල්කඩක් මෙන් විය. සියලු සමාජ සේවා කටයුතු මෙසේ ව්‍යාප්ත වී යද්දී ශිවා ඔබේසේකර නම් වූ ධෛර්යමත්, ශක්තිමත් කාන්තාව දේශපාලනයට පිවිසීමට තීරණය කළාය.
* දේශපාලනයට ප්‍රවේශයක් :
දේශපාලනයට ආවොත් මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් කළ හැකියි කියන මතයේ මම හිටියා. ඒ නිසා 1965 දී මීරිගම ආසනයට තරග කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට හැකියාව ලැබුණා.
* මීරිගම UNP බලකොටුව බිඳීම :
ඒ කාලය මීරිගම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බල කොටුවක්. ඒ බලකොටුව පෙරලා දේශපාලනමය වශයෙන් ජයග්‍රහණය කරන්න මට හැකියාව ලැබුණා. මා ජනතාවට කිව්වේ මම උපතින්ම ක්‍රිස්තියානි ආගමික පවුල් පරිසරයක හැදුණු කාන්තාවක්. නමුත් දේශපාලනය කරද්දී මා ආගම මාරු කරන්න කල්පනා කළේ නැහැ. ඒ වගේම එදා වගේම අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකාවක්. මං දේශපාලනය කළේ සමාජ සේවයේ නියැළීමට තිබුණු කැමැත්තටයි. මගේ දක්ෂතාවයෙන් හැකියාවෙන් රටට වැඩක් කරන්නයි මට අවශ්‍ය කියලා මා ඔවුන්ට පැවසුවා.
* කථිකත්වය :
ශිවා ඔබේසේකර සතුව දක්ෂ කථිකත්වයක් තිබුණි. ඇගේ චතුර කථිකත්වය මෙන්ම ජනතාව කෙරෙහි දැක් වූ ආදරය ජනතාව අතර ඈ ඔසවා තැබුවාය. මේ නිසාමදෝ ඇය 1970 සෞඛ්‍ය අමාත්‍ය ධුරයටද පත්වූවාය.
ලංකාවේ පවුල් සංවිධානය විධිමත් කරන්න එතුමියට උවමනා වුණා. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය කටයුතු නඟා සිටුවන්න ඈ කැපවීමෙන් වැඩ කළා.
“පවුල් සෞඛ්‍ය සේවිකාව” හඳුන්වා දෙමින් පවුල් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. කාලයකදී පැමිණි මැලේරියා වසංගතය තුරන් කිරීමට ගත් උත්සාහය බොහෝ විට සාර්ථක වුණා. සෞඛ්‍ය ඇමැතිනිය විදියට ඇය කොළඹට වී සිටිමින් ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.
ඒ ප්‍රදේශවල ඇවිදිමින් ඔවුන්ට කළයුතු දේ කුමක්දැයි සොයා බැලුවා. ඇයටත් මැලේරියාව වැළඳුණා. ඉන් සුව වූයේ බොහෝ කාලයකට පස්සේ.
මේ සිටිනා අතරතුරත් හස්ත කර්මාන්ත, පේෂකර්මාන්ත කරුවන්ට විශාල ශක්තියක් වීමට ලැබීම මගේ ජීවිත කාලය තුළ මා ලැබූ භාග්‍යයක්.
* ලක් පහන ඈරඹේ :
1973 දී “ලක්පහන” ආරම්භ කරන්නේ එතුමියගේ පෞද්ගලික වියදමින්. අද වනවිටත් බොහොම සාර්ථකව පවත්වාගෙන යන ‘’ලක්පහන’’ ආයතනය වටා සාමාජිකයන් රාශියක් එකට බැඳිලා. ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් දිගින් දිගටම මේ කාර්යය පවත්වාගෙන යනවා.
1968 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වැඩබලන කතානායකවරිය ලෙසත් කලක් ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය ලෙසත් පත්වූ ශිවා ඔබේසේකර සිය දේශපාලන ගමනෙන් සමුගත් පසුවද සමාජ සේවා කටයුතුවලින් ඈත්වීමට මැලි වූවාය. ඒ හේතුවෙන් ඇය අගය කිරීම් කිහිපයකටම ලක්වූයේ නොසිතූ විරූ අයුරිනි. 1991 දී දේශයට කළ සේවය වෙනුවෙන් පුද කළ ‘’දේශමාන්‍ය’’ සම්මානය ලැබුණේ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙනි.
* ලෝක හස්ත ශිල්ප සභාවේ සභාපතිනිය වීම:
1992 වසරේදී ලෝක හස්ත ශිල්ප සභාවේ සභාපතිනිය වීමත් ශිවා ඔබේසේකරගේ ජීවිතයේ සංධිස්ථාන යන්ය. ඇගේ ජීවිතයට විශේෂිත වූ ‘කමලා සම්මාන්’ සම්මානය හිමි වන්නේ 2003 වසරේදීය. ඉන්දියාවෙන් හිමි වූ මෙම සම්මානය මේ දිරිමත් කාන්තාවට ලැබුණේ හස්ත කර්මාන්තයට ඈ කරනු ලැබූ සේවය වෙනුවෙනි. ඉන්දියාවට එම කර්මාන්තය ඔස්සේ විශාල සේවයක් කළ කමලාදේවි සිහිපත් කෙරෙන එම සම්මානය වෙනත් රටකට හිමිවූයේ ප්‍රථම වරටය.
තම දැනුම කාට හෝ ලබා දෙන්නටත් තමා අපේක්ෂා කළ දෑ ඒ අයුරින් ඉටුවෙනවා දැයි සොයා බලන්නටත් ඈ කැමතියි.
පිළිකා සංගමයේ, වතුපිටිවල ළමා වැඩිහිටි නිවාසයේ කටයුතු වලට ඇයගේ දායකත්වය අපමණයි.
අලුත් පරපුරට එතුමිය කියන්නේ…
” වැඩ කළ හැකි කාලයේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ”
කොළඹ රාජකීය මාවතේ පිහිටි ඔබේසේකර වලව්ව ශිවා ඔබේසේකර නම් වූ ඒ සුවිශේෂී කාන්තාවගේ නවාතැනයි.
අද දේශපාලනය තිබෙන්නේ කොහිදැයි???
ඔබම සිතා බලන්න…
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම