මීරිගම ත්‍ර්‍රීරෝද රථ Hire වල …

, , Leave a comment

මීරිගම ත්‍ර්‍රීරෝද රථ Hire වල මිල විචල්‍යය ගැන මේ සමූහයේ දුටු පෝස්ට් එකක යන කතා බහේදි එහි කොමෙන්ටුවක් විලස ලියැවුනු මේ සිතිවිල්ල මුහුණතෙත් ඇලවූවානම් නරකද? කියා හිතුනා.
මේ කතාවේ යම් ඇත්තක් නැතිවා නොවේ..
මම දන්න විදිහට මීරිගමට ත්‍රීවීල් පාක්
1. DS School එක ලඟ
2. Station එක
3. බෝ ගහ ලඟ
4. සතොස ලඟ
5. සංවර්ධන කූඩුව ලඟ
6. සේනානිය ලඟ
7. රවුම් පාර
8. දංඕවිට හංදිය
තියනවා.
මේ එකෙන් එකට හයර් වල මිල විචල්‍යයයි.
එක් එක් පාක් එකට වැදෙන hire පවා විචල්‍යයයි.
ත්‍ර්‍රීරෝද රථ ධාවනය කරන ක්‍රමවේදයන් ටිකත් විචල්‍යයයි.
ඒ කිව්වේ…
Turn එකට යන තැන්,කැමති එකක් තෝරාගන්න පුලුවන් park, අඬගහල ගොඩ කරගන්න park
විශේෂයෙන්ම කෙටි දුර හයර් සබැඳිව සාමාන්‍යයෙන් කිලෝමීටරයකට ආසන්න දුරැති ගමනක් සඳහා රු 50/= සිට 100/= දක්වා වූ අය කිරීම් ගෙවන්න වෙන අවස්ථා නැතිවාම නොවේ.
ඒ ගැන රස බර අත්දැකීම් බොහෝමයක් මටත් තියනවා.
ඒ නිසාවෙන් බොහෝ විට දන්න හඳුනන ත්‍රීවීලර් එකක යන්න තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ.
දැන්නම් ගොඩක් වෙලාවට call එකක් දීලා ගෙන්නවා ගන්නවා.
මා පමණක් නොවේ බොහෝ දෙනා දන්න කියන විශ්වාසවන්ත ත්‍රීවීල් එකක් phone no තියාගෙන ඉන්නවා.
ත්‍රීවීල් දුවන මහත්වරුන්ගේ මීටර් කෙරුවාවට තියෙන්නේ අකමැත්තක්. ඔවුන් කියන්නේ එය මීරිගමට set වෙන්නේ නැති බව.
මීරිගම වගේ ප්‍රදේශයකට මීටර් නොගැලපෙනවා යැයි කීම පිළිගැනීමට අපහසුයි. කිලෝමීටරයකට නිශ්චිත වටිනාකමක් තීරණය කරන්න පුලුවන් නේද? සංගමයක් විදිහට.
එය සේවා සම්පාදක සහ සේවාලාභියා යන දෙදෙනාටම විනිවිදයි.ඒ වගේම සිත් රිදවීම් අවමයි.
නමුඳු නීති තිබුනාට ඒවායේ ක්‍රියාත්මක භාවය අඩුයි.
ත්‍ර්‍රීරෝද රථ ගාස්තු විචල්‍යයයි කියන මේ කතන්දරේ මීරිගම විතරක් තියන කතන්දරයක් නෙවේ ලංකාවටම පොදු කාරණයක්. දිවයින පුරා මෑතකාලීන ත්‍රීවීලර් ගාස්තු වෙනස් වෙන්න,
මූලික කාරණා දෙකක් බලපෑවා.
1. පෙට්‍රෝල් මිල
2. ලොක් ඩවුන්
මේ හේතු නිසා ගාස්තු ටිකක් එහෙ මෙහෙ උනා.
හිතු මනාපෙට ගාස්තු කියපු අයත් උන්නා.
ඒ කතන්දරය ත්‍රීවීල් දුවන මහත්වරු පිළිගන්න වෙනවා.

මීටර් ක්‍රමයට මීරිගම හැඩ නොගැසීමට හේතුව ගාස්තු එහෙ මෙහෙ කරන්න ඇති ලැදියාව නොවේදෝ යැයි සිතිය නොහේ.

මේ කතන්දර ගොන්නට සබැඳිව මට හිතුනු කතා වස්තුවත් නොකිව්වොත් හරි නෑනේ.
මෙච්චර කතන්දර කියපු එකේ.

1. KM ක් සඳහා නිශ්චිත මිලක් සියලු මීරිගම සංගමයේ ලියාපදිංචි ත්‍ර්‍රීරෝද රථ සඳහා.

2. මීරිගම ත්‍ර්‍රීරෝද රථ ගමන් තොරා ගැනීම සඳහා මීරිගමට set වෙන APP එකක් හදන්න ඕන.

3. මගියාගේ ජංගම දුරකථනය මගින් ගමන් මාර්ගය සහ ගමනාන්තය දක්වා ගමන් වාරයේ දුර නිශ්චය කරගත හැකි ඩිජිටල් ක්‍රමවේදය (google map) ක් මගින් රියදුරු වෙත පෙන්වා ඒ දුරට අදාල ගාස්තුව ගෙවීමට අයිතිය දිය යුතුය.

3. නිශ්චිත ගමනාන්තයන් සඳහා (air port drop) නිශ්චිත ගාස්තු ප්‍රදර්ශනය කල යුතුය.

4. ලියාපදිංචි ත්‍ර්‍රීරෝද රථ රියදුරන් එකම ඇඳුමක් (වර්ග 3 ක
t shirt 3 දෙනවා එක අයකුට)

5. සංගමය ශක්තිමත් කිරීම

6. පාක් වල turn එක.pick කිරීමේ ප්‍රමුඛතාව ලැබෙන ක්‍රමවේදය

මේ අතර මා කියූ
“Pick Up” මීරිගම taxi App එක හරියට develop කරන්න ව්‍යවසායකත්වයට අයෝජනයක් කරන්න පුලුවන් නම් ඔහුටත්, ත්‍රීවීල් දුවන අයටත්, හයර් යන අපිටත් හොඳක් සිද්ධ වේවි.
හිතළුවක් පමණි…
අඩුම කුඩුම එකතු කරලා ලස්සන කරල ගන්න…
විවේචනය කරලා නැති කර දාන්න…
Set වෙන කෑලි ටික අරගන්න..
ඕන දේකට විවරයි..

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම