මීරිගම යනු අපගේ නගරය පමණක් නොව…

, , Leave a comment

මීරිගම යනු අපගේ නගරය පමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසය තුළ නිතර නිතර කියැවෙන නගර නාමයකි. 1948 වසරේ බි්‍රතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ඩී.එස්. සේනානයක මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස මීරිගම නාමය මුවින් මුව කියැවෙන නාමයක් කිරීමට දේශපාලනිකව හේතුභූත විය. එමෙන්ම වෙනත් බොහෝ අංශයන්ගෙන්ද දක්‍ෂතා දැක්වූ, ජාත්‍යන්තරයට පවා මෙම නාමය ගෙන ගිය දූ පුතුන් බිහි කළ, බිහි කරන ජනප්‍රිය නගරයකි මීරිගම. පුණ්‍යා හීන්දෙනිය, වීරවර්ධන හීන්දෙනිය, හසන්ත ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි, අජිත් ක්‍රිෂාන්ත සේරම්, නිශාන්ත කහවිට, හේමන්ත හපුආරච්චි, චාමිකර පෙරේරා, එන්.පී. විජේරත්න, කුමාරි දසනායක, ආර්.ජේ. නිශ්ශංක ආදී කලා ශූරීන්ද, ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද, ඉතා උසස් වෘත්තීයයන්හි නිරත දහස් සංඛ්‍යාත පිරිසක් ද මීරිගමට ගෙන එන්නේ ආලෝකයකි.
එවන් ජනතාවක් වෙසෙන නගරය හරහා දුම්රිය මාර්ගය සහ අධිවේගී මාර්ගය හරහා දහස් සංඛ්‍යාත දෙස් විදෙස් පිරිස් දිනපතා ගමන් කරති. දිනකට මීරිගම නගරය හරහා ඇදෙන වාහන සංඛ්‍යාව සුළුපටු නොවේ. එසේම කැන්වේ ඔටෝඩ්‍රෝම් ධාවන පථය වෙත එන බොහෝ පිරිසක්ද වෙති. එසේ හෙයින් මීරිගම නගරය, මහා මාර්ගය හා දුම්රිය මාර්ගය අවට පිරිසුදුව හා අලංකාරව තබා ගැනීමට කටයුතු කිරීම මගින් අපගේ නගරය මහජනතාව අතර තවත් කතාබහට ලක්වෙන පිරිසුදු, අලංකාර නගරයක් බවට පත්කර ගැනීමේ මූලික අරමුණෙන් තබන අඩිතාලම ඔක්තෝබර් මස 22 ඉරුදින සවස 3 සිට 7 දක්වා කාල පරාසය තුළ පහත දැක්වෙන සියලුම ආයතන සහ සංවිධානවල සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.

Melani 0753222213
Nuwan Karunarathna 0762262435
Nilantha 0779510838

City Guides

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම