මීරිගම රෝහලට පවත්නා අවැසිකම් ක…

, , Leave a comment

මීරිගම රෝහලට පවත්නා අවැසිකම් කවරේදැයි විමසනු වස් මා මිත්‍ර Nalinda Gunathilake සහ Priyanjith Ruwan සමග අද උදෑසනේ එහි ගියා.එහිදී රෝහලේ අද දවසේ අධිකාරීතුමා විලසින් වැඩ කටයුතු කරන මනෝහරන් වෛද්‍යතුමා මුණ ගැසුනා.
පවත්නා බැව් පැවසූ අඩුලුහුඬුකම් නම් එමටයි.
මූලික වශයෙන් වාට්ටුවල ඉඩපාඩු නොමැති වීම.දැනට පවතින වාට්ටුවල රෝගීන් ධාරිතාවයට වඩා දෙතුන් ගුණයක්.
එයට පිළියමක් ලෙස වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගී ප්‍රතිකාරයන් සඳහා අවශ්‍ය විදිහට නවීකරණය කර ගැනීම අත්‍යාවශ්‍ය බව රෝහල් අධිකාරීතුමා ප්‍රකාශ කලා.
ඒ සඳහා ශ්‍රමය වගේම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාවක් තියනවා.ඒ වගේම කොවිඩ් රෝගීන් සඳහා අසාධ්‍ය අවස්ථාවලදී අවශ්‍ය විශේෂිත ඔක්ෂිජන් සැපයීමේ යන්ත්‍රයක අවශ්‍යතාව ආනාවරණය උනා.ඊට අමතරව ස්වසන සාහයක උපකරණ,නිදාගන්න අවශ්‍ය පහසුකම් (ඇඳන් නොවේ ඇඳන් තියනවා) රෝගීන් සඳහා වගේම සෞඛ්‍ය සේවක අවශ්‍යතා තිබෙන බව එතුමා ප්‍රකාශ කරන්නට යෙදුනා.
අපි ඒ සියල්ල ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.ඒ අනුව රෝහල පාලනාධිකාරිය “මීරිගම අපි” වෙතින් කරන ඉල්ලීම් සහිත ලිපිය අද සවස්වරුවේ ලබා දේවි.එවිට මෙහි පල කරන්නම්.
“මීරිගම අපි” ඉන්නේ අවදානමක.කොයි මොහොතේ POSITIVE වෙයිද? කියන්න බෑ.
අපේ ලබැඳියන් අසාධ්‍ය වෙන්න බැරි නෑ.එවන් විටක අපට යන්න ඉතිරිව ඇත්තේ මීරිගම රෝහල පමණයි.ඒ නිසාවෙන්…
අපි අපිට….ඇති හැකි විදිහට යමක් කරන්න පුලුවන් නම්..මේ….
ඒ උදෙසා සමයයි.

“මීරිගම අපි”

සමගින් බැඳුණු සියල් සැම එකතු උනොතින් අපිට අපේ ගමේ අපේ රෝහලේ අඩුපාඩු ටික සපුරලා දෙන එක මහා දෙයක් නෙවේ.බොහෝ දේ සපුරා දෙන්නට හැකි වේවි.
මීරිගම අපේ ….
ලබැඳියන්…
හිතැත්තන්…
වැඩිහිටියන්…
මවුන්…
දරුවන්…
බොහෝ දෙනකුට ජීවිතය රැක දෙන්න පිටිවහලක් වනු නොඅනුමානය…

අසීරු මොහොතක…
මේ මෙහෙවර….
යතාර්ථයක් …
කරගනු වස් අවැසි …
සංවිධානය…
සම්බන්ධීකරණය…
සංනිවේදනය…
මැදිහත්වීම….
දායකත්වය…
ලබාදෙමින්…..සක්‍රීය දායකත්වය ලබා දෙන්නට..
“මීරිගම අපි”
සූදානම්..
එන්න..
පටු වාදභේද පසෙක ලා…
එකව ජයගමු…

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම