මීරිගම MOH කාර්‍යාලයේ අසංවිධාන…

, , Leave a comment

මීරිගම MOH කාර්‍යාලයේ අසංවිධානාත්මක එන්නත්කරණය

මීට හරියටම මසකට පෙර සයිනොෆාම් එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අපි කිහිප දෙනෙක් දෙවන මාත්‍රාව ලබා ගැනීමේ අරමුණින් මීරිගම MOH කාර්‍යයාලය වෙත ගියෙමු. අප අතරින් කිහිප දෙනෙකු මීරිගම රෝහලෙන් ද තවත් අයෙකු වතුපිටිවල රෝහලෙන් ද පළමු මාත්‍රාව ලබා ගත් අය විය. අප සොයා බලා දැන ගත් පරිදි අද (07) වන දින ආසන්න ප්‍රදේශයන්හි සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබා ගත හැක්කේ මීරිගම MOH කාර්‍යාලයෙන් පමණක් වූ අතර අනෙකුත් ආසන්න ස්ථානයන්හි එන්නත්කරණය කරන දිනක් පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබාගැනීමට අපට හැකිවූයේ නැත

මීරිගම MOH කාර්‍යයාලයට යාමට පෙර අද දින එන්නත්කරණ වැඩසටහන පිළිබඳව දුරකථන ඇමතුමක් දී තහවුරු කරගත් අතර දහවල් 11න් පසු එන්නත්කරණය සඳහා නොම්මර ලබා දෙන බව ද එම නොම්මර පැමිණ ලබාගත යුතු බව ද අපට දන්වන ලදී. ඒ අනුව අප එම කාර්‍යයාලයට ගොස් 11.30 පමණ වන විට නොම්මර ලබාගත් අතර පැය කිහිපයක් පෝළිමේ සිට එන්නත්කරණයට අදාළ කාඩ්පත් වල දෙවන මාත්‍රාවට අදාළ විස්තර ද ලියූ පසු, අප පළමු මාත්‍රාව ලබාගත්තේ මීරිගම MOH කාර්‍යාලයෙන් නොවන නිසා අප හට එන්නත් ලබා දීම තදින්ම ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව පැය ගණනක් සෙනඟ අතරේ පෝළිම් වල රැඳී සිට අප වැනිම වෙනත් ස්ථාන වලින් පළමු මාත්‍රාව ලැබූ තවත් අය ද සමඟ, එන්නත ද නොලැබ ආපසු නිවසට ආවෙමු.

මට ප්‍රශ්නයක් ඇත.

ඕනෑම ස්ථානයකින් දෙවන මාත්‍රාව ලබා ගත හැකි බව රජය ගෙන යන ප්‍රචාරය මීරිගම MOH කාර්‍යයාලයට වලංගු නැත්තේ ඇයි ?

මීරිගම MOH කාර්‍යාලයට අදාළ නීතිය කුමක් හෝ වේවා දුරකථන ඇමතුම දෙන විට ද, අප හට නොම්මර ලබා දෙන විට ද ඒ බව පැවසීමට තරම් අසංවිධානාත්මක වන්නේ ඇයි ?

කොරෝනා වෛරසය සහ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානම, මේ අසංවිධානාත්මක එන්නත් පෝළිම් වල නැති ද ?

#meerigamaMOH
#covid
#covidVaccination

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම