මෙම post එක මන් දැම්මේ කිසිවෙක…

, , Leave a comment

මෙම post එක මන් දැම්මේ කිසිවෙකුටවත් කිසිම ආයතනයකට වත් අපහස කිරීමට වත් හෙලා දැකීමට වත් නොවේ..හුදෙක්ම මෙවෙනි ක්‍රියාවන් නොකර සිටීමට හැකිනම් යහපත් ය උතුම් ය යන හැගීමක් දීම උදෙසා ය…
🙄මා මීරිගම ප්‍රසිද්ධ හෝටලයකින් ඉදි ආප්ප ගත්තේ රාත්‍රී ආහාරයට යි.
👉 ගෙදර ඇවිත් බලනවිට සමහර ඉදි ආප්ප නුඩ්ල්ස් වෙලාය.
👉අතින් උස්සා ගන්න විට ඉතිරිය ද කඩා වැටෙයි.
👉 එතරම් ම තුනිය .
👉වට දෙකකට වඩා කරකවා නැතුවා සේ කැඩෙයි.
👉අහස පේනවා ය.
👉සමහර ඉදි ආප්ප වල තිබුනේ බාගයක් පමණක් ය.
👉ඉදි ආප්පයක් රු.2.00/=වත් නොවටිනේය.
🤔අහෝ පුදුම සිතුනා විතරක් නොවේ කලකිරුණා ඇත්තටම.ඉදි ආප්පයක මිල රු 4.00/= කි.. වෙනදාට මන් කෑමට ගන්න ඉදි ආප්ප ප්‍රමාණය ම මෙතනින් ගත්තද දැන් මෙම ප්‍රමාණය හොදටම මදිය.යලිත් මහා රෑ ම කඩයට ගොස් පාන් රාත්තලක් රැගෙන ආවා. (Photos වල ඇත )එයින් වුනේ එක වැඩය දෙකක් වීමයි.. අදාළ හෝටලයේ නම මා නොකියන්නේ නින්දා අපහස කිරීමට, හෙලා දැකීමට අවශ්‍යතාවයක් නොමැති නිසාමයි. ඔබද එය මගෙන් අසනු එපා. මන්ද මෙය නෙත ගැටුණ විටදී හර්ද සාක්ෂිය ට එකග ව මේ මගේ ඉදි ආප්ප යැයි අදාල හෝටලය වටහා ගනීවිය.එය ප්‍රමාණවත් ය.නිහතමානී ව හිතට එකගව බලන්න ඔබේ ආයතනයේ ආහාරත් මෙලෙස ද කියලා. (බොහෝ තැන්වල එසේ නොවේ. )මට බොහොම දෙනෙක් මෙම හෝටලයේ ඉදි ආප්ප ගැන ඔය කතාව දැන් දැන් කිව්වා . පාරිභෝගික ඔබලට ත් මින් පසුවට චුට්ටක් මේ ගැන විමසිල්ලෙන් ඔබේ මුදල් දී ආහාර ලබා ගන්න ට මෙය අස්වැසිල්ලක් වේවි කියලා හිතනවා . මට කියන්න තියෙන්නේ මෙච්චර යි.
👉 මට සිදු වුන මේ දෙය ආයේ ආයෙත් පාරිභෝගිකයින්ට සිදු කරන්න තරම් ඔබ අකාරුණික ආත්මාර්ථකාමී මුදල් උපයන්නත් වෙන්න එපා.
👉ගන්න මුදලට සාධාරණ යක් කරන්න.
👉 අපි දහඩිය මහන්සියෙන් උපයා ලබා ගන්න මුදල ඔබ හෝටලය ට ලබා දී කුස පුරවා ගැනීම ට ඔබෙන් ලබා ගන්න ආහාර යට ඔබත් සාධාරණක්‌ සපයන්න.
👉ඔබ‍ට මුදල් ලැබෙනවා සේම අපේ කුසද පිරිය යුතුය.
👉එවිට ඔබ උපයන සාධාරණ මුදල් ඔබ‍ට හිතට සතුටක් ගෙනෙනු ඇත.
👉කුස ගිණි නිවුන කල්හි අපට ද සතුටක් දැනෙනු ඇත.
👉ධාර්මිකව උපයන මුදල් ඔබේ සාර්ථකභාවයට හේතු වේවි.
👉ලාභයම අපේක්ෂා වෙන් නොව මනුෂ්‍යතත්වයද සිත තුල අනිවාර්යෙන් රදවා ගන්න.
👉මොකද අද තිබෙන මුදල් හෙට නොමැති වීමට හැකිය.නමුත් මනුෂ්‍යතව ය සධාකාලිකව අමරණිය වේවි.
👉ඔබ ආයතනයේ නමත් අමරණි ය වේවි.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම