මේක මීරිගමට බොහොම අවලස්සන කතාවක් …..මේ අම්ම මෙතනට ඇවිත් දැන් වසරක පමණ කාලයක් වෙනවා…වැස්සට තෙමෙමින් අවුවට වේලෙමින් මෙතනමඉන්නවා….හවසට මදුරුවන්ගෙන් එයාට
බොහොම කරදරයි….ඒ මදිවට සිත් පිත් නැති කාලකන්නි මිනිස්සු එතනට කුණු ගෙනත් දාන්න පටන්
අරගෙන..කුණු දමනකොට මදුරුවන් තවත් වැඩි වෙලා…මේ කොහෙද කියලා අහල ඔයාලා පුදුම වෙන්න එපා…මීරිගම වලව්වත්තේ ස්වර්ණ ජයන්ති
මාවතේ දේශපාලනය කරපු පක්ෂ කාර්යාලයක් අසල….මෙතනට කුණු දාන අය මේක බැලුවොත් අනේ කුණු දාන එක නවත්තන්න…ඒ අම්මට මදුරුවෝ
කනවා…..ඒ පාරේ වාහන නිතරම එහෙට මෙහෙට යනවා…හැමෝම බල බල යනවා..සමහරවිට ඒ අම්මගෙ අයිතිකාරයෝ ඒ අතර ඇති…මතක තියාගන්න කවදහරි ඔයාලාටත් ඔය ටිකම තමයි
මේ සන්සාරයේ ඒක එහෙමම තමයි…මීරිගම පොලීසියේ මහත්තයෙක් මේක බැලුවොත් අනේ
කුණු දාන එක නවත්තන්න ඔයාලට බොහොම පින්…
මේ අම්මව මහලු මඩමක වගේ නවත්තන්න හැකියාවක් තියෙන කෙනෙක් මේක බැලුවොත්
අනේ ඔයාලාට පුළුවන් උදව්වක් කරන්න..ඔයාලාට ඒ පිනම ඇති…
හිතන්න…හිතන්න….මේ ඉන්නෙත් ඔයාලගෙ අම්මා
වගේ ….කෙනෙක් තමයි……
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම