| මේ කරුණු ටිකවත් ඉටු කරන්න මු…

, , Leave a comment

| මේ කරුණු ටිකවත් ඉටු කරන්න මුල් ‍‍වෙන්න |
මීරිගම අවට ගොවිතැන් කරන ජනතාවට පොහොර ටිකක් ලබාගන්න තියන එකම වෙළෙඳ සල වේදිස එක විතරයි. තව පොඩි පොඩියට කෘෂි ද්‍රව්‍ය අලවිකරන කඩ දෙක තුනක් තිබ්බාට ඒවායේ බොහෝවිට කිසි දෙයක් නෑ. තිබ්බත් මිල අධිකයි ඒ තියෙන්නෙත් ඉතා සුලු ප්‍රමාණවලින් ගන්න විතරයි.
මට පොල් පෝර කිලෝ සීයක් ගන්න වේදිස එකට සල්ලි බැඳලත් මාසෙකට කිට්ටුයි තාම පෝර නෑ. ඒක කඩේ වරදක් නෙමේ. එයාලටත් පොහොර ලැබෙන්නේ නැතුව ඇති.
ගොවිජන සේවා එකක් තිබ්බත් කවදාවත් ඒකේ පෝර ටික නෑ. වී වගා කාලයට සලාකයට වගේ ගෙනත් බෙදනවා පොරකකා කස්ට්ය ගන්නවා. වී නොවන වෙනත් වගාවලට අවශ්‍ය පොහොර වර්ග එයාලා ගේන්නේ නෑ.
ඇයි ඒ. මේවා ගැන හොයාබලන්න අලුතින් පත් වෙච්චි මන්ත්‍රී තුමියටවත් හැකි වේවා. මන්ත්‍රීතුමිය විතරක් නෙමේ ප්‍රාසභාවේ ඉන්න හැම නියෝජිතයගේම ඇස් පෑදේවා.
පුද්ගලික අංශයේ නැතිනම් රජය මැදිහත්ව හෝ මේවාට විසදුම් දෙන්න. මෙව්වා බෙල්ල ගහලා යන ඉල්ලීම් නෙමේ ගොවියාගේ ඉල්ලීම්.
අඩුම තරමින් පුද්ගලික අංශයේ ව්‍යවසායකයෙක්වත් යොදවන්න හොද ගබඩා පහසුකම් තියන සල්ලි යෙදවිය හැකි කෙනෙක් පෝර පර්මිට් එකක් දීලාවත්. (ජයතිස්ස කඩේට මේ පර්මිට් එකක් දුන්නනං අපට මේ හිගා කකා බලා ඉන්න වෙන එකක් නෑ.
මීරිගම නව මන්ත්‍රී තුමිය, ප්‍රා සභාව, ප්‍ර ලේකම් තුමා ඇතුළු වගකිය යුතු හැමදෙනාගේම අවධානය මේ කෙරෙහි යෝමුවෙත්වා.
මෙන්න මේ කාරණය ගොවිජන සේවා එකට යොමුකරවන්න ලොකු ලොකු ලේබල් පෝර ඕන නෑ යූරියා ටීඑස්පි හා එම්ඕපී පෝර් ටික වෙන වෙනම අපට දෙන්න අපි කලවම් කරලා නියම පෝර හදාගන්නම්.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම