වැස්ස වුණත් හැමෝටම සුන්දර නෑ…..

, , Leave a comment

වැස්ස වුණත් හැමෝටම සුන්දර නෑ..🥺😭

අපේ අතීතයත් මේ වගේ දුෂ්කරයි, දුක්බරයි..

මේ වැනි අවස්ථාවක ලැබෙන පීඩනය, දැනෙන හැඟීම අකුරු කරන්න සිංහල හෝඩියේ අකුරු මදි..

ලෝකෙන් ණය අරගෙන වුණත් සංවර්ධනය කියල ගහගත්තු පැලැස්තරවලට වැහිල ගියපු නිසා නිවාස සංවර්ධන අධිකාරියට, ⁣ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට, වසමේ ග්‍රාම නිළධාරි කාර්යාලයට හා වගකිවයුතු බලධාරීන්ට නොපෙනුණන මේ වගේ දුෂ්කර ජීවිකාවක් ගෙවන ග්‍රාමීය දරුපවුල්වලට කාගෙ හව්හරණක්ද?

හැමෝටම ආර්ථිකය අසීරු, අපහසු, අමාරු කාලයක් නිසා.. හය හතර නොදත් දරු පැටවුන් සමඟ ජීවත් වීමට සුදුසු ආරක්ෂිත වටපිටාවක් ඔය එල්ලෙන සාරි පොටෙන් ඔබ්බට ගොඩනඟා දෙන්න හැකි පරිත්‍යාගශීලි හදවතක්, කිහිපයක්, කණ්ඩායමක් හෝ සංවිධානයක් ⁣ඇත්නම් සම්පූර්ණ විස්තර සහිතව සම්බන්ධීකරණය කරදීමට අප සූදානම්..

✍️ – සෙනෙහස් පැතුම්

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම