විකුණුම්කර ඔප්පු සහ ඊට අදාළ මුද්දර ගාස්තු.
සාමාන්‍යයෙන් ඉඩමක් හෝ යම් නිශ්චල දේපලක් මිලදී ගැනීමකදී ලියා සහතික කරනු ලබන සාධන පත්‍රය විකුණුම්කර ඔප්පුවක් ලෙස හැඳින්වේ.
විකුණුම්කර ඔප්පුවක් ලියා සහතික කරනු ලබන අවස්ථාවක, එකී විකුණුම්කර ඔප්පුවේ උපලේඛනයේ සඳහන් දේපල ගැණුම්කරු විසින් විකුණුම්කරුගෙන් මිලදී ගනු ලබන්නේ යම් මුදලකටද,එකී මුදල “වටිනාකම” ලෙස ඔප්පුවේ සඳහන් කරනු ලැබේ.
එකී වටිනාකම උදෙසා ගැණුම්කරු විසින් එකී විකුණුම්කර ඔප්පුව අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත යොමු කිරීමට ප්‍රථම “පළාත් ආදායම් කොමසාරිස්” නමින් පවතින ගිණුමට නිසි පරිදි මුද්දර ගාස්තු ගෙවීම සිදු කර තිබිය යුතුය.
ඔප්පුවේ සඳහන් වටිනාකමට අනුව මුද්දර ගාස්තු ගණනය කිරීමේදී මුල් ලක්ෂය සඳහා 3% ක මුදලක්ද, ලක්ෂය ඉක්මවා යන සෑම වටිනාකමකටම 4% බැගින්ද මුද්දර ගාස්තු ගණනය කරනු ලැබේ.
නීතිඥවරයෙකු වන ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකු හෝ ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකු සාමාන්‍යයෙන් විකුණුම්කර ඔප්පුවේ වටිනාකමෙන් 1%ක හෝ ඒ හා සමාන මුදලක් අය කරනු ලබයි. නමුත් විකුණුම්කර ඔප්පුවේ වටිනාකම අඩු වටිනාකමක් ඇති විට ඒ හා සාධාරණ මුදලක් අය කරනු ඇත.
සටහන – නීතිඥ දුසන්තා සේනාධීර.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම