අපරාධ නීතිය – 02 අපරාධ …

, , Leave a comment

අපරාධ නීතිය – 02

අපරාධ නීතියේ ඉතිහාසය, දඬුවම් ගැන පළමු ලිපියෙන් අපි කතා කලා.
අපරාධයක මූලිකාංග,අපරාධ වර්ග සහ ව්‍යතිරේකයන් ගැනයි මේ හැඳින්වීම.
බොහෝ නීති බලපවත්වනු ලබන්නේ දඬුවම් ලබාදෙන බවට තර්ජනය කිරීම වන අතර ඒවායේ තැනින් තැනට බොහෝ වෙනස් වේ. අපරාධ නීතිය ඉතා විශාල ක්ෂේත්‍රයක් වන අතර එය සම්පූර්නයෙන් ම හැදෑරීම ඉතා දුෂ්කර කාර්යයකි.

මූලිකාංග හෙවත් සම්පාදක ධාතු

සාමාන්‍යයෙන් අපරාධ නීතිය නුසුදුසු අන්දමින් ක්‍රියා කිරීම තහනම් කරනු ලබයි. මෙසේ අපරාධයක් ඔප්පු කිරීම ට යම් ක්‍රියාවක් සිදුකළ බවට ඔප්පු කළ යුතුය. විශාරදයන් මෙය හඳුන්වන්නේ
වරදකාරී හෙවත් සාවද්‍ය ක්‍රියාව (actus reus) ලෙසය.
සමහර අපරාධ විශේෂයෙන්ම වර්තමාන යාමක වරද තව දුරටත් අවශ්‍යය නොවන අතර ඒවා යථාර්ථ ආධීනතාව ලෙස හඳුන්වයි. නමුත් අපරාධයකට වරද කරු කිරීමෙන් ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති කරන නිසා පොදු නීතියේ දී විනිසුරුතුමන්ලා අපරාධය සඳහා චේතනාවක් (සාවද්‍යය චේතනාවක්) තිබුනේ දැ යි සොයා බලනු ලැබේ. සාවද්‍යය ක්‍රියාව සහ සාවද්‍යය චේතනාව දෙකම අත්‍යාවශ්‍යය වන විට දී මෙම මූලිකාංග ද්විත්වයම එකම මොහොතේ තිබිය යුතු අතර ඒවා වෙන වෙනම සිදු වීම ප්‍රමාණවත් නොවේය යන්න විනිසුරු තීරණය විය.

සාවද්‍ය ක්‍රියාව. (actus reus)

සාවද්‍ය ක්‍රියාව අපරාධයක් සිදු කිරීමේ භෞතික මූලිකාංගය වන අතර එය ක්‍රියාවක්, ක්‍රියාවක් සිදු කිරීමේ තර්ජනයකින් හෝ ක්‍රියාවක් සිදු කිරීම පැහැර හැරීමක් මඟින් සිිදු වූ දෙයක් විය හැකිය.
උදා:- A විසින් B ට පහර දීම හෝ දෙමාපියන් විසින් දරුවාට අහාර ලබා නොදීම වැනි ක්‍රියාවන් අපරාධයක සාවද්‍ය ක්‍රියාව විය හැකිය. සාවද්‍ය ක්‍රියාව යම් ක්‍රියාවක් සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් නම් ඒ වෙනුවෙන් යුතුකමක් තිබිය යුතුය. යුතුකමක් ස්වෙච්ඡාවෙන් බාරගත් ගිවිසුමකින් වුව ද තමන් විසින් ම භයානක තත්වයක් නිර්මාණය කර ගැනීමෙන් ද ඇති විය හැකිය. සාවද්‍ය ක්‍රියාව සංසාධනය නොමැති වීමෙන් ශුන්‍යය කල හැකිය. සංසාධනය අපරාධයට ලක් වූ තැනැත්තා ගේ අනතුරට භාජනය විය හැකි තත්වය නිසා බිඳ නොවැටේ. කෙසේ වෙතත් මෙය බිඳ වැටීම තුන්වන පාර්ශ්වයක මැදිහත් විම නිසා, අපරාධයට ලක් වූ තැනැත්තා ගේ ම හැසිරීම නිසා හෝ බලාපොරොත්තු විය නොහැකි ක්‍රියාවක් නිසා සිදූ විය හැකිය. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී සිදු වන අත් වැරදීමක් එම අත් වැරදීම නිසාවෙන්ම මරණය සිදු වුණි නම් දාමයේ බිඳීමක් සිදු නොවේ.

සාවද්‍යය චේතනාව. (mens ria)

සාවද්‍යය චේතනාව යනු යම් වැරදි සහගත ක්‍රියාවක් සිදු කිරීම සඳහා ඇතිවන චේතනාවයි. චේතනාව අපරාධ නීතියේ දී පුද්ගලයාගේ පෙළඹවීමෙන් වෙන්ව පවතී. විතත්තිකරු ක්‍රියාව අනතුරු දායක එකක් බව දැන සිටිය ද එය කෙසේ හෝ කිරීමට අදහස් කරන විට දී අවම වශයෙන් සාවද්‍යය චේතනාවේ එළිපතත් තේ සිටියි. මෙය අනවධානයයි. J නම් පුද්ගලයෙක් ගෙදර ඇති මුදල් ගැනීමට බිත්තියක් ළඟ සිට ගෑස් මාපකයක් කඩා දමා එසේ කාන්දු වන ගෑස් අසල් වැසියාගේ නිවසට ගියහොත් ගිනි ගන්නා බව දැනගෙන සිටීම නිසා ඔහු විෂවීම සඳහා වගකිව යුතු වේ.

යථාර්ථ ආධීනතාව

යථාර්ථ ආධීනතාව විත්තිකරුගේ පැත්තෙන් සිදු කරන ලද හානියට හේතුව ලෙස විස්තර කල හැක. සෑම අපරාධයකටම නරක චේතනාවක් තිබීම අනිවාර්ය නොවන අතර වැරදිකරු වීම සඳහා අවශ්‍යය කරුණු ඌණ විය හැක. විත්තිකරු හිතාමතාම හෝ සාහසික ලෙස ක්‍රියා කල බවට වඩා නොසැලකිලිමත්ව ක්‍රියා කල බව පෙන්වීම පමණක් සෑහේ. යථාර්ථ ආධීනතා අපරාධ ව්‍යවස්ථා මඟින් නිර්මිත අපරාධ වන අතර එය යථාර්ථ ආධීනතා අපරාධයක් බව එහි පැහැදිලිව සඳහන් නොවීම නොපැහැදිලි ආකාරයට කෙටුම්පත්කරණයේ ප්‍රතිඵලයක් ලෙසය.

මරණීය අපරාධ

මිනී මැරීම පුළුල්ව අර්ථ දක්වා ඇති ආකාරයට නීති විරෝධී අයුරින් ඝාතනය සිදු කිරීමයි. නීති විරෝධී අයුරින් ඝාතනය සිදු කිරීම අපරාධ නීතියේ දී බොහෝ විට ඉලක්කය වන ක්‍රියාවයි. බොහෝ අධිකරණ වල මිනීමැරුම නමැති අපරාධය එහි කෘර කම අනුව විවිධ ශ්‍රේණි වලට බෙදා දක්වා ඇත. ද්වේෂය මිනීමැරීම සඳහා අත්‍යාවශ්‍යය අංගයකි. ද්වේෂය නොමැති විට සාධාරණ පෙළඹවීමක් හෝ හීන දරා ගැනීමේ හැකියාවක් නිසා සිදුවන මිනීමැරීම මිනිමැරීමේ අඩු ප්‍රභේදයක් වේ. නිරුත්සාහක මනුෂ්‍යය ඝාතනය සාපරාධී චේතනාවකින් තොරව අනවධානයෙන් සිදුවන ඝාතනයක් ලෙස හැඳින්වේ.

පුද්ගලික අපරාධ

බොහෝ අපරාධ නීති සංග්‍රහයන් සිරුරේ භෞතික සම්පූර්ණත්වය ආරක්ෂා කරනු ලබයි. අනඩ්තේට්ටම් කිරීම සාම්ප්‍රදායිකව හඳුනාගන්නා පරිදි නීති විරෝධී අයුරින් අතපත ගෑම දිනපතා සිදු කරන පහර දීම් සහ හැල හැප්පීම් සෙනඟක් මධ්‍යයේ සිටීම නිසා නිශ්ශබ්දව අනුමත කිරීම මීට ඇතුළත් නොවේ. ඉතා ආසන්න අනඩතේට්ටම් කිරීමේ භයක් ඇති කිරීම පහර දීමක් වන අතර, එමඟින් සාපරාධී වගකීමක් ඇති විය හැකිය. කැමැත්තෙන් තොරව සිදු වන සංසර්ගය හෙවත් ස්තී්‍ර දූෂණය අනඩ්තේට්ටම් කිරීමේ බරපතල අවස්ථාවකි.

දේපළ අපරාධ

දේපළ අපරාධ අපරාධ නීතිය මඟින් අරක්ෂා කරනු ලබයි. අන්‍යයකුගේ නිශ්චල දේපළකට ඇතළු වීම නීති විරෝධී වේ. බොහෝ අපරාධ නීති සංග්‍රහයන් අපවර්තනය, මුඅල් වංචා කිරීම, සොරකම වැනි දේපළක වටිනාකම අහිමි කරන අපරාධ සඳහා දඬුවම් නියම කරනු ලබයි. මංකොල්ල කෑම යනු බලය යොදාගෙන සොලකම් කිරීමයි. ව්‍යාජ නියෝජනය, තොරතුරු හෙළි කිරීමට නොහැකි විම හෝ තනතුර අයථා භාවිතය මඟින් වංචා කිරීම එක්සත් රාජධානියේ 2006 වංචා පණත උල්ලංඝනය කිරීමකි

හවුල් අපරාධ

සමහර අපරාධ නීති සංග්‍රහයන් සාපරාධී ක්‍රියාවන් සිදු කිරීම සඳහා සම්බන්ධ වීම හෝ එවැනි ක්‍රියා සඳහා සඵල නොවූ උත්සහ කිරීම් ද අපරාධයන් ලෙස දක්වා ඇත. ආධාර දීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ තැත් කිරීම මීට උදාහරණයන් ය.

විත්තිවාචකය

අපරාධයක මූලිකාංග නිෂේධනය කල හැකි විත්තිවාචක ලෙස හඳුන්වන විඬිධ තත්වයන් පවතී. බොහෝ විට අපරාධය සම්පූර්ණයෙන් ම ඔප්පු කිරීමේ භාරය රජයට පැවරෙන අතර ඊට මෙම විත්තිවාචකයන් සම්බන්ධ නොමැති බව ඔප්පු කල යුතුය. වෙනත් වචන වලින් කියතොත් විත්තිවාචකයන් සම්බන්ධ නොමැති විට අපරාධයේ මූලිකාංගක් ලෙස සලකනු ලැබේ. විත්තිවාචකයන් මඟින් භාගික වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම දඬුවමින් නිදහස් විය හැකිය.

සිහිවිකල්බව

සිහිවිකල්බව (ඔස්ට්‍රේලියාව සහ කැනඩාව) ඕනෑම අපරාධයක් කිරීමේ අදහස නිෂේධනය කළ හැකි වුවත් ඊට අදාළ වන්නේ චේතනාව නමැත් අංගය අත්‍යාවශ්‍යය වන අපරාධයන් ට පමණි. නියම චශයෙන් සිහිවිකල්බව අර්ථ දැක්වීම සඳහා විවිධාකාරයේ රීතීන් සම්පාදනය කර ඇත. බොහෝ අවස්ථා වල දී ක්‍රියා කරන්නාට තමා වැරදි සහගත අයුරින් ක්‍රියා කරන බව අවබෝධ කර ගැනීමට නොහැකියාව හෝ ක්‍රියා කරන්නාට නීතියට අනුව කටයුතු කිරීමට ඇති නොහැකියාව යන අවස්ථා දෙකෙන් එක් අවස්ථාවක් වේ. යම් විත්තිකරුවකු සිහිවිකල් බව හේතුවෙන් නිර්දෝෂ බව ප්‍රකාශ කරන ලද විට නිරන්තරයෙන් ම ප්‍රතිඵලය වන්නේ එම පීද්ගලයාව මානසික රෝහලකට යොමුකර වීම යි.

ස්වයංක්‍රියතාවය

ස්වයංක්‍රියතාවය යනු මනසේ පාලනයකින් තොරව හෝ විඥානයකින් තොරව ක්‍රියා කිරීමයි. කෙනෙකු කම්පනය හේතුවෙන් ඇතිවන ආතතියේ ප්‍රතිඵලයක් ලෙස හෝ විශාල මී මැසි රංචුවකගේ ප්‍රහාරයකට ලක් වීම වැනි සිතින් මවා ගත් තත්වයක් නීසා හදිසියේ අසනීප තත්වයකට පත්ව ස්වයංක්‍රීයව වශී වූ තත්වයකට පත් වීමයි. ස්වයංක්‍රියතාව ඇති වීමට නම් ඉච්චානුගත පාලනය සම්පූර්ණයෙන් ම නැති වී යා යුතුය. අධික ලෙස රිය පැදවීමේ ප්‍රතිඵලයක් ලෙස අසම්පූර්ණ ලෙස විඥානය නැති වී යාම මෙයට ඇතුළත් නොවේ.

මත්වීම

මත්වීම සමහර අවස්ථාවල දී සමහර අපරාධ සඳහා පමණක් අදාළ වන විශේෂිත සාවද්‍යය චේතනාව නිෂේධනය කිරීමට හැකිවේ. එවැනි විශේෂිත චේතනාවක් නොමැති වීම මිනි මැරුමක් සාවද්‍යය මනුෂ්‍යය ඝාතනයක් බවට පත්වීමට හැකියාව ඇත. ඉච්චානුගත මත්වීම නිතරම මූලික චේතනාව ඇති කරනු ලබයි. උදා සාවද්‍යය මනුෂ්‍යය ඝාතන චේතනාව. අනෙක් අතට අනිච්චානුගත මත්වීම උදාහරණයක් ලෙස මත්පැන් නිසා ඇතිවන තත්වය මූලික චේතනාවක් අතිව කරන ලද්දක් බවට නිගමනය නොකෙරේ.

අත් වැරදීම

අත්වැරදීම් සිදු වීම සමහර විටක දී විත්තිවාචකයක් විය හැකි එම අත් වැරදීම කරුණුමය මෙන්ම සැබෑ එකක් විය යුතුය. පොලිස් නිලධරියෙකුට පහර දීමේ චෝදනාව සැබෑ අත්වැරදීමක් ලෙස නිෂේධනය කල හැකි වන්නේ ඔහුට පහර දුන් පුද්ගලයා නිලධාරියෙකු නොව අපරාධකරුවෙක් ලෙස සිතා පහර දුන් විටය.

ආත්මාරක්ෂාව

ආත්මාරක්ෂාව යනු සාමාන්‍යයෙන් තමා අරක්ෂා වීම සඳහා ගනු ලබන සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවන්ය. ආත්මාරක්ෂාව සඳහා සිදු කරන ක්‍රියාවන් කිසිවිටෙකත් අපරාධයන් නොවේ. ඒ සඳහා දඬුවම් පනවනු නොලැබේ. මෙසේ ගනු ලබන ආරක්ෂක ක්‍රියා මාර්ගයන් ඇතිවන තර්ජනයන් ට සමානුපාතික විය යුතුය. මරණීය නොවන තර්ජනයකට ගිනිඅවියක් භාවිත කිරීම මීට දිය හැකි හොඳම උදාහරණයයි.

බලකිරීම

බලකිරීම නිසා කෙනෙකු නීති විරෝධී අන්දමින් ක්‍රියා කළ හැකිය. බල කිරීම බෙහෝ අවස්ථාවලදී විත්තිවාචකයක් වුවත් මිනි මැරුම්, නිනි මැරීමට තැත් මිරීම, මිනි මැරීමට සහය වීම සහ සමහර රටවල් වල නම් දේශද්‍රෝහී වීම වැනි දරුණු අපරාධ සඳහා විත්තිවාචකයක නොවේ. බලකිරීම ඉතා ආසන්න ලෙස මරණීය තර්ජනය හෝ බරපතල ලෙස තුවාල සිදුකිරීමේ තර්ජනය දරා ගත නොහැකි ආකාරයට විත්තිකරුගේ මනස තුල ක්‍රියාකාරී විය යුතුය. විත්තිකරුට එල්ල වූ තර්ජනයට මධෘස්ථ පුද්ගලයෙක් ඊට වෙනස් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නම් විත්තිවාචකයක් නොමැතී බවට සධාරණව විශ්වාස කළ යුතුය. වයස, ගර්භනී බව, ශාරීරික දුබලතාව, මානසික රෝගී බව, ලිංගිකතාව, මේ සඳහා මිනුම් දඬු වුවත් මූලික දැනුවත්බව එසේ නොසලකනු ලැබේ.

මෙහි දී විත්තිකරුට ගැලවී පලා යාමට යාමට කිසිදු මඟක් නොමැති විය යුතුය. බල කිරීම, මුදල් නැවත ගෙවීමට තර්ජනය කිරීම නිසා එම මුදල පියවිමට බැංකුවක් කොල්ල කෑමට යොමු වීම නොව කිසියම් ක්‍රියාවක් කිරීමට අණ කිරීමක් විය යුතුය. කෙනෙකු තමාම තර්ජනයකට ලක විය හැකි තත්වයකට පත් වුවහොත් බල කිරීම විත්තිවාචකයක් ලෙස ගත නොහැකිය.

අපරාධමය වරදක් සංස්ථාපනය වීම විෂයෙහි බලපාන්නා වූ මූලිකාංග ගැන වගේම වරදෙහි ශාරීරික අංගය සහ මානසික අංගය ගැනත් යම් අවබෝධයක් ඇතිවන්නට ඇති.
අපරාධ නීතිය පිළිබඳ ජාත්‍යන්තර තත්වය මීලඟ සටහනින්.

“ප්‍රබුද්ධ”

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම