අප රටේ පුරවැසියකු හට යුක්තිය ඉ…

, , Leave a comment

අප රටේ පුරවැසියකු හට යුක්තිය ඉටුකරවා ගැනීම උදෙසා පිළිසරණ සොයා යන්න තියන උපරිම තැන ” ශ්‍රේෂ්ඨාධිකරණය ” යි.
නමුඳු අපේ රටේ සාතිශය බහුතරයක් පුරවැසියන් හට යුක්තිය ඉටු කරවා ගනු වස් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන්න ලැබෙන අවස්ථා නම් අතිශ්‍යයින්ම සීමිතයි.
එයට මූලික හේතු කිහිපයක් බලපාන බවයි මගේ අදහස.
මුලින්ම පුරවැසියාගේ නීතිය පිළිබඳව පවත්නා දැනුම නොඑසේනම් නෛතික සාක්ශරතාවයේ අඩුව හේතුවක්.
ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කරන්න දරන්න වෙන අධික වියදම.
ඒ වගේම නඩු කියන්නේ කාලය වැයවන කටයුත්තක් කියලා පුරවැසියන් තුල පැල පදියම් වෙලා තියන දුර්මතය..
මේ වගේ හේතු නිසා බොහෝවිට පහළ අධිකරණයේ තීන්දුවකින් අතෘප්තියට සහ/හෝ අගතියට පත්වන බොහොමයක් දෙනා ඉහළ අධිකරණයක් වෙත එකී පහළින් දුන් තීන්දුවක් ගැන අභියාචනය කරන්න යොමු නොවීම අපේ රටේ සාමාන්‍ය තත්වයක්.
අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙනියන නඩු කටයුතු වලින් බහුතරයක් යමක් කමක් කරගන්න හැකි, බලයක්, ධනයක්, දැනුමක් ඇත්තවුන් ගේ නඩු.
සාමාන්‍ය පුරවැසියන් ගොනු කල නඩුවක් ගැන ඇහෙන්නේ නැති තරම්.
මේ නිසාත්, සාමාන්‍ය ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණය තියෙන්නේ අපිට නෙවේයි, බලපුලුවන්කාරකම් ඇත්තන්ට කියන මතයේ ඉන්න බවත් ඔවුන් සමඟ සමීපව කතා කලොත් පෙනී යනවා.

ඒ හින්දම අද කතා බහ අපේ රටේ
උපරිමාධිකරණය නොඑසේනම් ශ්‍රේෂ්ඨාධිකරණය නමින් හදුන්වන ලංකාවෙ උත්තරීතරම උසාවිය ගැන කෙටි දැනුම්වත් කිරීමක් උදෙසා වෙන් කරන්න හිතුවා.
මෙකී අධිකරණයන් අපේ රටටම තියෙන්නේ එකක් පමණයි. කොලඹ 12 බස්තියන් කන්දේ එහෙමත් නැතිනම් අළුත්කඩේ ප්‍රදේශයේ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාපිත කරන්නේ චීනයේ ප්‍රධානයක් ලෙසින්.
ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හිමිවන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර වන අතර 1978 ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 105 වන ව්‍යවස්ථාව අනුව පුරවැසියකුට තම අභියාචනා ඉදිරිපත් කිරීම විෂයෙහි නීතිමය අවසරය ඇති අවසානාත්මක අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
ඒ අනුව අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුලුව දහ දෙනෙකුට නො අඩු දහසයකට නොවැඩි ලංකාවේ නීතිය සහ යුක්තිය පසිඳලීමේ කාර්‍යපටිපාටිය පිළිබඳ හසල දැනුමක් සහ පරිචයක් සහිත විනිසුරු මඩුල්ලක් උපරිමාධිකරණයේ නඩු කටයුතු විනිශ්චය කරනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හි 118 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර එම අධිකරණය සතු බලතල සැකවින් පහත පරිදි දක්වන්න පුළුවන්.

1. පාර්ලිමේන්තු පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලතාව සම්බන්ධ අධිකරණ බලය.

2. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා වූ අධිකරණ බලය.

3. අවසාන අභියාචනා අධිකරණ බලය.

4. උපදේශන අධිකරණ බලය.

5.ඡන්ද පෙත්සම් සම්බන්ධ අධිකරණ බලය.

6. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකිරීම සම්බන්ධ අධිකරණ බලය.

7. පාර්ලිමේන්තුවේ විසින් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් කාරණා සමබන්ධ අධිකරණ බලයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම

8.අවසානාත්මක අභියාචනා අධිකරණ බලය

9.ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඇති උපදේශාත්මක අධිකරණ බලය.

10.ජනාධිපතිවරණ හා ජනමතවිචාරණ ඡන්ද පෙත්සම් විභාග කිරී‍මේ බලය

හිමිව තිබෙනවා.

මෙහිදී මතක තබා ගත යුතු මුඛ්‍ය කරුණක් නම් මෙහි කටයුතු කරන විදිහත්,නඩු පවරන ක්‍රමයත්,අනෙක් අධිකරණ වලට වඩා වෙනස්.
ඒ ගැන පසුව කතා කරමු.

~ ප්‍රබුද්ධ ~
#දැනුමටයමක්

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම