-ඉස්සර…- ඉස්සර උදේට උස්කෝලෙ…

, , Leave a comment

-ඉස්සර…-

ඉස්සර උදේට උස්කෝලෙ යන්න හොරේට උදේට අම්මට රටේම නැති කතා කිය කියා බොරු හොයනවා ඉස්කෝලෙ නොයා ඉන්න..

කියන්නෙ බොරුයි කියලා දන්න නිසාම , අම්මා බලෙන්ම අපිව ඉස්කෝලෙට ඇරලවනවා..

උදේම යාලුවෝ එක්ක එකතු වෙලා , බෙල් කරන්න කලින් පිට්ටනියට පැනලා සේල්ලම් කරනවා..

මිදුල අතු ගගා පහුවදා බලපු නාට්‍ය ගැන කියවනවා..

අතුගාන්න ගියාම අල්ලපු පන්තිය එක්කනම් හැමදාම රණ්ඩු..

ගාථා කියද්දි එහාපැත්තෙ යාලුවා එක්ක කියවනවා..

භාවනා කලේම ඇස් ඇරන්..

හැමදාම පලවෙනි පීරියඩ් එක අපි පටන් ගත්තේ මගෙ බත් එකෙන්..

“බත් තියෙන්නෙ ඉන්ටවල් එකට කන්නම නෙවෙයිනේ..”

ඒ අපේ තියරි..

තියරි එසේ උනත් , ප්‍රායෝගික අත්හදාබැලීම් වලදි ගුටිත් නොකෑවාමත් නෙවෙයි…

වෙනදට උන්න ඩෙස් එකේ වෙන එ/කෙක් ඉන්නවා දැක්කාම ,

එතන වෙනමම යුද්දයක් යනවා..

නැටුම් පීරියඩ් එකේ නැටුම් කාමරේට ගියාම වට දෙක තුනක් කැරකිලා බිම ඉදගන්නේ චංගුමීලා දොංයීලා මතක් කරගෙන..

එහාපැත්තෙ සංගීත සෙට් එකට ඇහෙන්න අපි මේ පැත්තෙ ඉදන් හයියෙන් බෙර ගහනවා..

එයාලත් වැඩේ අතාරින්නෑ..

මිස්ලගෙන් බැනුම් අහනකල්ම ඇටෑක් ශෝ…

හිස් පීරියඩ් එකක් අහු උනාම් ඉස්සෙස්ලාම “රාජමාලිගේ පරවියා වගේ..” කියලා බජව්ව පටන්ගන්නෙ පිටිපස්සෙ පෝලිමේ කොල්ලො ටික..

ප්‍රින්සිපල්ම ඇවිත් ඩෙස් එකට වේවැලෙන් ගහලා බැනලා යනකල් අපි සිංදු කියනවා..

සමහර දවස් තිබ්බා මුලු පන්තියම ඔෆිස් එක ඉස්සරහා දනගහන් හිටියා හිස් පීරියඩ් වල සිංදු කියලා..

පංතියේ උන් පිල් දෙකකට බෙදිලා ගස්පුච්චපු , පංති අස්සෙ දුව දුවා හැංගිමුත්තො කරපු , ගැහැනු පිරිමි මල් පලතුරු කරපු දවස් අපට තිබ්බේ පොඩි කාලෙටත් වඩා ol කාලෙ..

විභාග දාට නම් කොප්පක් ගහන්න මාර ගේමක් දුන්නෙ..

මොකද මට හැමදාම සෙට් උනේ ඉස්සරහම..මිස්ලා එහා මෙහා වෙනකල් ඉදලා පොඩි පොඩි කොල කෑලි ස්ටේපර් අස්සෙ දාලා මාරුකරනවා…

පලවෙනි වාරේ සුන්දරම කාලේ house meet කාලේ..

කරපු ක්‍රීඩාවක් නැති උනත් ,

House එකට cheer කරන්න

යාලුවෝ එක්ක එකතුවෙලා කෝප්පයක් හෝදන්න හැමදාම ඉස්කෝලෙ ගියා..

බිග්මැච් කාලේ…

වෙසක් එකට වෙසක් කාඩ් නම් ඉස්කෝලෙ කාලෙට විතරක්ම සීමා උන මතකයක්..
Ol වලින් පස්සෙ වෙසක් කාඩ් එකක් ආයිම හම්බ උනේම නෑ..

ඉස්කෝලෙ වත්තෙ තිබ්බ පොල් ගස් වලින් පොල් කඩලා කැන්ටිමට විකුනලා තෝසේ කාපු ,

හවස පන්ති දාට ඉස්කෝලෙ ඇරුනාම ඉක්මන්ට යෝවාද තම්පව කියලා අල්ලපු වත්තෙන් නෙල්ලි කඩපු ,

ඉස්කෝල වත්තෙ අඹ , ජම්බු කඩපු ,

මිස්ටත් දීලා ඉස්කෝලෙන් හොරෙන් කඩපු පොල් විකුනලා ගත්ත තෝසෙ කෑව ,

ඒ හවස්වරු ගෙව්නෙ හරි ඉක්මන්ට…

මිස්ලාව කතාවට අල්ලන් පීරියඩ් ගෙව්ව හැටි ,

පීරියඩ් කට් කර කරා ටොඉලට් අස්සෙ රිංගුව හැටි…

ඒ හරි ලස්සන ol කාලයක්…

Ol ඉවර වෙලා හැමෝම වෙන් උනා..

Ol පන්තියේ උන්න කවුරුත් al පන්තියේදි හොයාගන්නවත් නෑ..

තනිවෙලා වගේ හිතුනා..

හැබැයි al පන්තියේදි මන් වගෙව්ම තනි උන යාලුවෝ ගොඩක් හම්බුනා..

මං වගේම පිස්සු සෙට් එකක් කියලා පහුවෙනකොට හිතුනත් ,

Ol සෙට් එක තරම් සෙට් කවුරුත් නෑ..

Ol කාලේ වගේ විකාර නටන්න විදිහක් නැති උනත් ,

හිස් පීරියඩ් නම් සිංදු කියලාමයි ගෙවාගත්තේ..

අපි සිංදු කියනවා..

මිස්ලා සර්ලගෙන් අපිම ආයි බැනුනුත් අහනවා…

සමහර දවස්තියෙනවා..

Ol කාලෙ යාලුවෝ මගින් හම්බෙනවා..

සමහරු නම් හිනා වෙනවා..

සමහරු කතා කරනවා..

තව අය නොදැක්ක විදිහට යනවා…

කාලේ හරි ඉක්මන්ට ගෙවිලා ගිහින්..

අද වෙනකොට ol , al කාලෙ හිටපු සමහර යාලුවෝ කැම්පස්..

සමහරු ජොබ් කරනවා…
තව අය රට ගිහින්…
තව අය බැදලත් එක්ක..

අනිත් අයත් ඒ ඒ අයගෙ වැඩ එක්ක…

WA status එකකින් , FB පෝස්ට් එකකින් එයාලව දකිනවා මිසක් ,

ඒ අය දැකගන්නත් නෑ දැං…

Ol කාලේ ඉස්කෝලෙට යන්න හම්බුනේ ළගකදි අහම්බෙන්..

ගොඩක් වෙනස් වෙලා..

පිටින් වගේම ඇතුලිනුත්…

අලුත් ගිඩනැගිලි ඇවිත්..

තිබ්බ සමහර ගස් කපලා , පරණ ගොඩනැගිලි අස්සෙන් අලුත් ගොඩනැගිලි ඇවිත්…

පීරියඩ් කට් කර කරා , ඕන එපාකම් හැම දේටම ගිය ටොයිලට් වෙනුවට ,

අලුතින් වොශෲම් එකක් ඇවිත්…

අපේ කාලෙ උන්න මිස්ලා නෑ…

සමහර ගුරුවරු විශ්‍රාම අරන්.. තව අය මාරුවීම් අරන්..

දැං ඉන්න මිස්ලා අදුරන්නෙත් නෑ…

ඉස්සර කොට කලිසම් ඇදන් උන්න පොඩි කොල්ලෝ සුදු දිග කලිසම් ඇදල…

පොඩි කෙල්ලො කොන්ඩා දෙකක් ගොතන් පද්ද පද්ද ඉස්කෝලෙ වටේ යනවා..

අදුරන්නත් බෑ..

සමහර උ/න් නම් අදුරන්නෙත් නෑ…

ඉස්සර පොල් කඩපු පොල් ගස් , අඹ , ජම්බු ගස්..

එයාලානම් තාමත් ඉන්නවා..

එයාලා අපිව අදුරන් වගේ හුලගත් එක්ක තාලෙකට දෙපැත්ත්ට වැනෙනවා..

හිතට ආව මොකක්දෝ අමුතු දුකක්..

ඉස්කෝලේ වෙනස් වෙලා.. ඉන්න අය වෙනස් වෙලා..

පරිසරය වෙනස් වෙලා..

ඒත් තාම ඒ කාලෙට මන් හරි ආසයි.. ආදරෙයි… ලෝබයි…

පරන දේවල් නැතත්, ඉස්කෝලේ අලුත් ඒවා එක්ක ඉස්සරහට යනවා.. පරන ඒවා අමතක කරල වගේ…

දැං අලුත් ඒවා තියෙන නිසා , පරන ඒව තිබ්බ , ආවා කියලා වැඩක් නෑ ඉතින්…

හීනයක් වගේ ගෙවිලා ගිය ඉස්කෝලෙ කාලේ…

උල් මාරුකරන පැන්සල් , සුවද හමන මකන ,

Flexible පැන්සල් ,සුවද තීන්ත තියන පෑන් , තින්ත පෑන් ,

පාට පාට පෑන් ,

දෙපැත්ත ඇරෙන පැන්සල් පෙට්ටි ,ඒ ඇතුලෙ අලවන බෙන්ටෙන් ස්ටිකර් ,

ඩේ කාර්ඩ්ස් ,

පොඩි කාලේ අපේ පන්තියේ හැමෝම ගාව තිබ්බා…

ඉස්සර ඉස්කෝලේ ගේට්ටුව ඉස්සරහා බෙදපු චංගුමීලා , දොංයීලා , ඔශීන්ලා , වන්තියෑන්ලා , ස්කුබීලා , සොනොක්ලා , F4 ලා , බොරලුගොඩලා , චූටි කුකූලා , මිස්ටර් බීබෝඩිලා, සීඩ්ලා, දගරවලිගලා වගේ හිතේ උන්න චරිත ඇන්ද හෑන්ඩ්බිල් ගන්න අපි පොරබැද්දා..

“ඊළග පීරියඩ් එක සියලු ගුරුභවතුන්හට විශේෂ රැස්වීමක්…”

කියලා අනෞන්ස් කරද්දි දැනුන සතුට අද,

දවසකට 2GB ෆ්‍රී දෙනවා කීවත් නෑ…

උදේට ඇවිත් යාලුව්වගෙ පොතට එබිලා ගෙදර වැඩ කරද්දි ,

බිත්තිපුවත්පතට කවි හදන් එන්න කියද්දි විජය පත්තරේ කවි ලියාගෙන ගිහින් මිස්ට පෙන්නද්දි ,

ඉතිහාසය පීරියඩ් එකේ නිදාගනිද්දි ,

උදේම පීරියඩ් එකේ හොරෙන් බත් එක කද්දි ,

යාලුවා අතින් වැරදිලා මගෙ පොතේ ඉරක් ඇදුනත් , මම හිතාමතාම ඒ/කිගෙ පොතේ ඊටත් වඩා දිග ඉරක් අදිද්දි,

පොත්වල අන්තිම පිටුවේ බලි අදිද්දි ,

ලව් එක මාට්ටුවෙලා මිස්ලගෙන් හොදවයින් අහගද්දි ,

“ඉදියාප්ප ඕඩර් බාරගනු ලැබේ..” කියලා කොලේක ලියලා ළමයිගේ පිටේ අලවද්දි ,

හුනු කූර ගේන්න , රෙජිස්ටරේ තියලා ඒන්න , රෙකෝඩ් බුක් අස්සන් කරන් එන්න කියලා පන්තියෙන් එලියට පැනලා කලුවා මාරපන ගියාවගේ රවුම් ගහලා ආයිම පංතියට එද්දි ,

මිස්ලා සර්ලට කොච්චරනම් නම් හැදුවද , ඒ අයව අනුකරනය කරන්න ගිහින් වැඩ වැරදිලා ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහද්දි…

එකී මේකී නොකී මතක මතක වගේම අමතක මතකත් කොච්චරනම් තියෙනවද….

ආයිම යන්න හිතුනත් යන්න බැරි ලස්සන අතීත කාල මතකයක්…

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම