ජනතා පරමාධිපත්‍ය හිමි පුරවැසිය…

, , Leave a comment

ජනතා පරමාධිපත්‍ය හිමි පුරවැසියන් ලෙස අප
” නීතිය ” පිළිබඳ මූලිකාංග දැන සිටීම අතිශ්‍යයින්ම වැදගත්.
එහිදී ” නීතිය ” කියන්නේ කුමක්දැයි කියවා ගැනීමට කලියෙන් අපි නීතිය නමැති සංකල්පය ලෝකයට එන්නේ කොහොමද කියන එක දැන සිටීම අතිශ්‍යයින්ම වැදගත්.
නීතිය පිළිබඳ පුරවැසියන් තුල
ඒ දැනුම්වත් බව වැඩි කිරීම උදෙසා කෙටි ලිපි පෙලක් මීරිගම අපි හි ලියන්නේ..
ඒ තුලින් පුරවැසි ඔබගේ නෛතික සාක්ශරතාවය ප්‍රවර්ධනය කිරීම විෂයෙහි සාධනීය බලපෑමක් සිදුවේ යැයි සිතූ නිසාවෙන්.

මේ දැනුම්වත් කිරීම නීතිය නොදැන සිටීම හේතුවෙන් අගතියට පත් සියල් පුරවැසියා උදෙසාමයි.

ඒ වගේම රටේ වගකීම් භාර ගන්න බලා ඉන්න බාලවයස් පුරවැසියන් හට පාසල් විෂය නිර්දේශය තුල ඉගෙනුම් ලබන
” පුරවැසි අධ්‍යාපනය ” විෂය දැනුම වර්ධනයටත්, මේ ලිපි මාලාව වැදගත් වේවි.

– 01 –
නීතිය පිළිබඳ ඓතිහාසික පසුබිම සහ වර්ධනය..

නීතිය පිළිබඳ හැදෑරීමේදී විතරක් නොවේ ඒ ගැන සාමාන්‍ය හෝ දැනුම්වත් බවකින් සන්නද්ධ වන්නට නම් මුලින්ම දැන සිටින්න අවැසිම කරුණක් වන්නේ ඓතිහාසික පසුබිමයි.

” LAW ” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන “නීතිය ” සමාජ අවශ්‍යතාවය පිළිබඳ වූ විවාදය ග්‍රීක යුගයේ සිටම පැවත එන්නකි. මේ අනුව ප්ලේටෝ විසින් පවසනු ලබන පරමාදර්ශී පාලකයාගේ ‘රාජ්‍යපාලනය’ ප්‍රතික්ෂේප කරන ඇරිස්ටෝටල් පවසනුයේ කෙතරම් පරමාදර්ශී වූවද තනි පුද්ගලයකුගේ පාලනයට වඩා නීතියේ පාලනය වඩාත් සුදුසු වේ’ යනුවෙනි.
මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා වඩාත්ම සුදුසු උපකරණය වන්නේ නීතිය යි.

මිනිස් ශිෂ්ටාචාරය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා නීතිය උපකාරී වූවා මෙන්ම ආගම, සදාචාරය, සංස්කෘතිය, චර්යාධර්ම වැනි චර්යා විද්‍යාත්මක සාධකද සෘජු ලෙසම මානව සමාජයේ යහපරිවර්තනයකට උපකාරී විය.
මෙම ප්‍රාථමික ශිෂ්ටකරණීය උපකරණ වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනසමාජයේ ඇතැම් චර්යාවන් හික්මවීමකට ලක් වූවද ද්විතීක වශයෙන් නීතිය අදාල කරගත යුතු වූයේ අදාළ චර්යාත්මක හා සංස්කෘතිකමය උපකරණ මඟින් කළ හැකි උපරිම සීමාවෙන් ඔබ්බට මානව ශිෂ්ටාචාරය ශිෂ්ට සම්පන්න කිරීමට කිසියම් බලාත්මක උපකරණයක් උවමනා වූ බැවිණි. මේ අනුවිසංවිධානය වූ මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ බාහිර පැවැත්ම පාලනය කිරීම සඳහා අධීකාරී බලය පදනම් කොට ගනිමින් රාජ්‍යය මගින් පනවනු ලබන විධානයන් නීති නම් වේ. යනුවෙන් ඉතා සරල ලෙස නීතියට අර්ථකථනයක් ලබාදිය හැක.

නීතිය මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා දැක්වූ දායකත්වය විග්‍රහ කළ හැකි
සුදුසුත ම උදාහරණයන් වන්නේ විශිෂ්ට ගණයේ නීති පද්ධතීන් පදනම් කර ගනිමින් බිහිවුණු අතීත ශිෂ්ටාචාරයන්ය.
ඒ අනුව හමුරාබි නීති සංග්‍රහය පදනම් කරගත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය හා රෝම නීතිය පදනම් කරගනු ලැබූ රෝම ශිෂ්ඨාචාරවල නීතිය විසින් මානවයා ශිෂ්ඨාචාර ගත කරනු ලැබූ බවට වන වැදගත්ම සාක්ෂි වේ.
ලෝක ශිෂ්ඨාචාරය දියුණු වන වේගයෙන් සියයට දශම ගණනකින් වත් අපේ ශිෂ්ඨාචාරය දියුණු වී නොමැති බව පරමාධිපත්‍ය බලයක් හිමි ජාතික රාජ්‍යයක පුරවැසියන් වන අප පිළිගත යුතුය.
ඒ වගේම පුරවැසියන් විදිහට අප මානව සමාජය කොතරම් ගෝත්‍රික ලක්ෂණ වලින් පිරී ඇත්දැයි විමසිය යුතුය.
ගෝත්‍රික ලක්ෂණ වලින් පුරවැසියා මුදවා ගෙන ශිෂ්ඨ සම්පන්න සමාජයට රැගෙන එන්නේ ” නීතිය ” යි.
” නීතිය ” කියන්නේ කුමක්ද?
ඇත්තටම මොකක්ද ? ඒ…

– 02 – න් හමුවෙමු

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම