නීතිය පිළිබඳව දැනුම වර්ධනය කර…

, , Leave a comment

නීතිය පිළිබඳව දැනුම වර්ධනය කරගැනීම පුරවැසියකු ලෙසින් අත්‍යාවශ්‍ය කාරණයක්.
මක් නිසාද යත්;
නීතිය සෑම දෙනාම දන්නා බව නීතියේ පූර්ව නිගමනයයි.
ඒ අතුරින් අපරාධ නීතිය (Criminal Law) ගැන සාමාන්‍ය හෝ අවබෝධයක් සෑම සියළුදෙනාටම යම් පමණකින්වත් පැවතීම ජීවිතයට වැදගත්.

අපරාධ නීතිය – 01

විවිධ බල සීමා තුළ සහ විවිධාකාර බල ව්‍යුහයන් තුළ ක්‍රියාත්මක වන අපරාධ නීතිය නොහොත් දණ්ඩ නීතියේ පෙන්නුම් කරන පොදු හා සුවිශේෂ වූ ලක්ෂණයක් වනුයේ එම නීතිය අනුගමනය කිරීමට අසමත් වූ විට එවැනි නීති බලාත්මක කිරීම සඳහා ප්‍රබල දඩුවම් පැමිණවීමයි. අපරාධයක් සඳහා ලබාදෙන දඩුවම එම අපරාධයේ ස්වාභාවය සහ එම දඩුවම පැමිණවීමට යම් ව්‍යුහයකට පවරා ඇති බලය මත තීරණය වනු ලබයි.

එම දඩුවම විවිධාකාරයෙන් අපරාධය සිදුකරන තැනැත්තා මත පැමිණිවිය හැක.
උදා: ලෙස මරණීය දණ්ඩනය, පෞද්ගලික නිදහස අහිමි කිරීම, රාජ්‍ය ‍නිරීක්ෂණයට භාජනය වීම (පරිවාස භාරය සහ පොරොන්දු පිට ලබාදෙන නිදහස) සමහර අපරාධ ක්‍රියා (මනුෂ්‍ය ඝාතන)
ලෝකයේ වූ විවිධ නීති පද්ධතීන් තුළ වෙනස් අර්ථ කථනයන් ලබා දී ඇත. එලෙසම එකම නීතිය තුළ කිසියම් වැරදි ක්‍රියාවක් අපරාධ ගණයට හෝ සිවිල් වැරැද්දකට නිශ්චිතවම වැටේ ද යන්න පැහැඳිලි ලෙස නිර්වචනය කර නොමැත. අපරාධ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ යම් රටක ආණ්ඩුවක් වන අතර පෞද්ගලික පාර්ශවයන්ට එම රටේ සිවිල් නීතිය තම අයිතීන් තහවුරු කරගැනීමට ඉවහල් වේ.

ඉතිහාසය

අපරාධ නීතිය සහ අපරාධ නීතියේ ඉතිහාසය ලෝකයේ ප්‍රථම ශිෂ්ඨාචාරයන්ගෙන් ඇරඹේ. අතීතයේ සුමේරියන් නම් ජන කාණ්ඩායම අපරාධ නීතියක් සිවිල් නීතියක් යනුවෙන් නීතියේ වර්ගීකරණයක් සිදු නොකෙරූහ. ඔවුන් පළමුම ලිඛිත නීති පද්ධතියක් සම්පාදනය කරන ලදහ. නියෝ සුමේරියානු රජෙකු වූ ඌර් ලොව දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත නීති පද්ධතිය සම්පාදනය කරන ලද රජු වෙයි. මෙය නමින් ඌර් නම් විය. මෙවැනිම වැදගත්වූ තවත් නීති පද්ධතියක් හමුරාබි බැබිලෝනියන්වරු විසින් ඔවුන් ‍ගේ නීතියේ කොටසක් ලෙස සම්පාදනය කරන ලදී. ඉහත පද්ධතීන් දෙකම සිවිල් වැරදි අපරාධ වැරදි වලින් (දණ්ඩ නීති) වෙන්කොට නොදක්වන ලදී.
මේ හා සමාන වැදගත් කමකින් යුක්ත වූ ගයිස්ගේ විස්තරාත්මක නිගමනයන්ගෙන් (රෝම නීතියේ එන twelve tables ) මෙම සිවිල් සහ අපරාධ අංශයන් වෙන වෙනම විග්‍රහ කොට නොතිබිණි.
උදා : ගතහොත් හොරකම / furtum දිලික්තයනක් ලෙස අර්ථ නිරූපණය කර ඇත. අන් අයෙකුව හිංසනයට ලක් කිරීම (assault) සහ ප්‍රචණ්ඩත්වය යොදා ගෙන කරනු ලබන සොරකම් අනවසරයෙන් තම දේපල ට ඇතුල් වීම වශයෙන් සලකා ඇත. ඉහත අපරාධ සම්බන්ධයෙන් වූ නීති උල්ලංඝනය වූ විට පැන නගින නෛතික වගකීමෙන් නිදහස් විය හැක්කේ මුල්‍යමය වශයෙන් සිදු වූ අලාභ හානි වලට වන්දි ගෙවීමෙන්ය.

අපරාධ සහ සිවිල් කරුණු සම්බන්ධයෙන් නූතන වර්ගීකරණය පිළිබඳව මුල්ම සාක්ෂිය හමුවන්නේ එංගලන්තය නෝමන්වරුන් ‍ගේ ආක්‍රමණයට භාජනය වූ අවධියේය. සුවිශේෂ සංකල්පයක් වූ අපරාධය සඳහා වූ දඩුවම (යුරෝප‍ය සම්බන්ධයෙන් පමණක් සලකා බැලීමේ දී) මුලින්ම පැන නැගුනේ පුරාණ ස්පාඤ්ඤ දර්ශනයක් Scolasticism (බලසම්පන්න අල්පොන්සු ඩී කස්‍ත්‍රා ) තුළය. මෙම සංකල්පයට අනුව (ආගමික ) දේවදඩුවම (Poena aeterna) මිනිසෙකු මත පමුණුවන ලද්දේ හුදෙක් ඔහුගේ අපරාධය වෙනුවෙන් මනසට දඩුවම් කිරීමට ය. මෙය මූලික නීතිය (canou – law) හා සම්මිශ්‍රණය වී අවසානයේ දී ආගමික බලපෑමකින් තොර වූ අපරාධ නීතියක් නිර්මාණය වීමට බලපාන ලදී.

‘යම් කිසි රාජ්‍යයක් යුක්තිය පසිදලීම (අධිකරණයක් හමුවේ දී)’ සංකල්පය ඉදිරියට පැමිණෙන්නේ 18 වන සියවසේ දී යුරෝපා ජාතීන් පොලිස් සේවාවන් නඩත්තු කිරීමේ යෙදී සිටින විටය. එම මොහොතේ සිට අපරාධ නීතිය පමුණු වීම වඩාත් ක්‍රමානුකුලව විධිමත් යාන්ත්‍රනයන් ඔස්සේ සිදුවීම ආරම්භ විණි. මේ හේතුව නිසා අපරාධ නීතිය වෙනමම හේතුවක් ලෙස වර්ධනය වීමට මඟ පෑදිණි.

අපරාධ නීතිය සහ අපරාධයට ලබා දෙන දඬුවම

අපරාධ නීතිය අන් නීතිවලින් වෙනස් වනුයේ එය උල්ලංඝනය වීමකට භාජනය වූ විට අපරාධ නීතිය මඟින් අපරාධකරු මත පමුණුවන ලද ප්‍රතිඵලය ඉතා ප්‍රබල එකක් වන බැවිනි. සෑම අපරාධයක් ම අපරාධය සම්පූර්ණ වීමට අත්‍යවශ්‍ය වන සංඝටක වලින් නිර්මාණය වී ඇත. ශාරීරික හෝ කායික දඩුවම් කසපහර දීමෙන් හෝ වේවැල් පහර ලබාදීමෙන් පමුණුවිය හැකි වූවත් බොහෝ රටවල නීති පද්ධතීන් මෙවැනි ආකාරයේ දඩුවම් පැමිණවීම් නීති මඟින් වාරණය කොට ඇත. පුද්ගලයන් විවිධ අවස්ථා යටතේ (විවිධ පාලනයන්) සිරගත වීමට ලක් කල හැක. හුදෙකලාගත කිරීමකට මේ යටතේ පුද්ගලයෙකු භාජනය කල හැක. මෙවැනි සිරගත කිරීම් එක් දිනක සිට අවරුදු ගණන් දක්වා බලපැවැත්වෙන පරිදි පැමිණවිය හැක. (මෙවැනි සිරගත කිරීම් පරිවාස නිලධාරීයෙකු යටතේ හෝ කොන්දේසි වලට යටත්ව සිදුකල හැක. මේ අවස්ථා වලදී අපරාධ නීති යටතේ චූදිතයාගේ දේපල සහ මුල්‍යමය සම්පත් රාජසන්තක ‍කිරීමට හෝ අධිකරණ භාරයට ගත හැක.

මූලික අරමුණු 5 ක් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. ඒවා මෙසේ නම් කල හැක.

Retribution (පළිගැනීම)
Deterrence (රඳවා ගැනීම)
Incapacitation (නොහැකියාව)
Rehabilitation (පුනරුත්ථාපන)
Restitution (නැවත පිහිටුවීම)
යන මේවා මත පනවා ඇති වටිනාකම් විවිධ නීති පද්ධතීන් තුළ විවිධාකාර අගයන් ගනී.

Retribution (පළිගැනීම)

‘අපරාධකරුවන් කුමන ආකාරයකින් ‍හෝ විඳවිය යුතුය.’ මෙම සංකල්පයේ මූලික හරය එයයි. අපරාධකරුවන් ලබාගන්නා අයුතු වාසියන් හෝ අන් අයගේ අයිතීන් බුක්ති විදීමකට සිදුකරනු ලබන අනිසි බලපෑමක් පහකිරීම සඳහා ප්‍රති පිළිතුරක් ලෙස චූදිතයා මත ඒ හා සමාන වූ අවාසියක් හෝ බලපෑමක් නීතිය මඟින් පනවනු ලබයි. මෙම ක්‍රමය “Ctalitariuism” යන සංකල්පය මත ඇති වූ බවට සමහරෙක් මත පළ කරයි. Retribution යන්න ඉහත සංකල්පය මත පදනම් වූයේ පහත සඳහන් තර්කය තහවුරු කිරීම තුළිනි.

‘මහජනයා තමන් මරණයට ලක්නොවී සිටීමට නීතිය පිළිපදී. ව්‍යංගයෙන් කිවහොත් නීති කඩකරන මිනිසුන් ඉහත අයිතිය අත්හැරියා සේ සළකනු ලබයි.

Deterrence (රඳවා ගැනීම)

මෙහි ගැබ් වී ඇති මූලික හරය වනුයේ අපරාධකරුගේ අපරාධයට සරිලන නියමාකාර දඩුවමකට ඔහු ලක්කිරීමය. උදා: ලෙස ගතහොත් මිනීමැරුමක් සිදුකල බවට ඔප්පු වීමේන් පසුව එම මිනීමැරුම සිදුකරන ලද චූදිතයාට මරණ දණ්ඩනය ලබාදීමයි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ වරක් අපරාධයක් කළ පුද්ගලයෙකු නැවත එම අපරාධයම කිරීම සඳහා ඇති ඉඩකඩ අහුරා අධෛර්යමත් කිරීමය. මීට අමතරව අනිකුත් පුද්ගලයන් අනාගතයේ දී එවැනි අපරාධ සිදු කිරීම වළක්වාලීමට අනුබලයක් මෙයින් ලබා දේ.

Incapacitation (නොහැකියාව)

මේ හරහා මූලිකව අපේක්ෂා කරනු ලබන්නේ සහ සිදුකරනු ලබන්නේ සමාජයේ යහ පැවැත්මට බාධා පමුණුවන අපරාධකරුවන් පොදු යි. අන් විදියකින් පැවසුවහොත් ඔවුන් සිරදඩුවමකට භාජනය කිරීමයි.

මරණීය දණ්ඩණය සහ පිටුවහල් කිරීම මඟින් මෙවැනි අදහසක් සපුරා ගැනීමට අපේක්ෂා කරයි.

Rehabilitation (පුනරුත්ථාපන)

මෙමඟින් අපේක්ෂා කරනු ලබන්නේ අපරාධයක් සිදුකරනු ලබන තැනැත්තෙකු සමාජයට වග කියන යහපත් පුරවැසියකු බවට පත්කිරීමය. මෙම ක්‍රමය හරහා අපරාධකරුට තමන් කරන ලද වැරදි ක්‍රියාවේ අනිසි අහිතකර සමාජ බලපෑම අවබෝධකර දී ඔහු එවැනි වැරදි ක්‍රියා කිරීමෙන් වළක්වා ගැනීමය.

Restitution (නැවත පිහිටුවීම)

මෙමඟින් අපරාධයට ලක්වූ තැනැත්තාට වන්දි ලබාදීමට හෝ අපරාධය සිදු වීමට ප්‍රථම තමන් සිටි ස්ථානයේ නැවත පිහිටුවාලීම සිදුකරනු ලබයි. උදා: ලෙස යම් කෙනෙකු (A) තව කෙනෙකුගේ (B) මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට ඔප්පු වුවහොත් මුලින් කී තැනැත්තා (A) අනෙකාට (B) එලෙස ‍සාවද්‍ය ලෙස අපහරණය කරන ලද මුදල ගෙවීමට නීති පද්ධතියක් තුළ ප්‍රතිපාදන (නෛතික) සපයා ඇත. මෙම සංකල්පය ඉහතින් සඳහන් කරන ලද සංකල්ප හා එකිනෙක බැදී පවතී.
අපරාධ නීතිය ගැන තවත් දැනුම මීළඟ සටහනින්..

“ප්‍රබුද්ධ”

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම