පුරවැසියන්…විලස… මනුෂ්‍යත්…

, , Leave a comment

පුරවැසියන්…විලස…
මනුෂ්‍යත්වය….
සිත් ගෙන….
වාසය අවැසිම….
කාල සමයක…
උරුමක්කාර…
කරුමක්කාරයන්…
ලෙදින්….අප…

රාජ්‍ය සහ පුද්ගලික
දෑ අංශයේ…
මාස්පඩිකාරයන්…පවා…
සුළු සහ මැදි
ව්‍යාවසායකයන්..පවා….
වාහනයක්…ඉඩමක්,කඩමක්…
එහෙට මෙහෙට කල..
බ්‍රෝකර්වරුන්….පවා….
පොඩි එකාට…ඩේලි දුන්..
ගිණි පොලීකාරයන්…පවා…
කෑමක් බීමක්…
රෙද්දක් පෙරෙද්දක්….
විකුණාගත්….
වෙළෙන්දන්…පවා…
ඔප්පුවක්..තිරප්පුවක්…
නඩු දෙකතුනක්…ගොඩදාපු…
පෙරකදෝරු මහතැන්…පවා..
ගලක් බැඳ…උළුවස්සක් ගසා..
දහඩියෙන්….විරියෙන්…
වේල සරි කරගත්…
ශ්‍රමික දනන්…පවා….
එකී…මෙකී..නොකී….
බහුතර සැමදෙන…පවා….

එකම ගොහොරුවක….
ගිලෙමින්….හිඳී….

වෙසෙසින්ම…
මධ්‍යම පාන්තිකයා….
පැත්ත වැටී…..
ඉච්ඡාභංහවී….ඇත…
ලොකුකම්….උගත්කම්…
වත්කම්…බල පුළුවන්කාරකම්…
ඇති හැකිකම්….නම්බුකාරකම්…
සියල්ල…..බලුවී….
චොරවී….ඇත….

ඉඳින්….හිතාපන්….
බණ අහණ……
සිල් රකින….
රටක මිනිසුනි….
ඇහැරවනට….
තමා ඇතුලත….හිඳිනා….
මනුෂ්‍යත්වය මුහුවූ….
සත් පුරුෂයා….

මනු භවයක් ලද්දේ…
අප…මේ භව…..
රැස් කරනට….
පින් කෙත්…..

එසේ හෙයින්;

සිත් ගනින්….
ඉටු කරලන්නට….
මා හැඟි යුතුකම්….
පීඩිත දනන්….
දිවි සෙත පිණිසම…

බලාපන්…
යාබද නිවහනේ….උන්ගේ…
බත සරිවී ඇත්දැයි, කියා….
දීපන්….හැකි සැම විටෙක..
ඕනෑකම්….ඇති උනට….

කියා දියන්…තොප….දූ දරුවනට….
අනිකා දෙස බලන්නට….
සිය සහයා…..
අකුරු කරනවා දැයි….
කුස පුරවා ගැත්තේ දැයි…
විමසාලන්නට….

අධිඨන… කර ගනින්…
තම කාරියද… සේවයද…
නිවරදිව කරනට…
ඒ….තම සුඛ පිණිස…නොව….
පරහිත පිණිසම….
රුකුල් දෙන….

හුරු පුරුද්දට….ගනින්….
හොර බොරු නැතිව….
අමුව සමඟින්….සැබෑව මුහුකර…
ජීවිතයට බරක් දී…
තමන් විදිහට…දිවි ගෙවන්නට….

එපමණක් නොව….

අයිතියම නොඉල්ලා….
යුතුකම නිසි හඳුනා….
ඒ උදෙසා….වගකීම්….
ඉෂ්ඨ කරපන්…
ශිෂ්ඨ පුරවැසියකු…
ලෙසින්….

පිහිට වෙයන්….
පිහිටක් අවැසි….උන්ට….
හැකි පමණින්…
හැකි…සැම විටෙක….
නොපැකිල…

මනුෂ්‍යත්වය’ ට…පණ දියන්…
ඉන් නොනැවතී…..
අනාගත…පරපුරට….
මනුසත් භවයක…
සැබෑම….අරුත කියා දීපල්ලා…
මතක ඇතිවම….

මක්නිසාද යත්;

ඒ…. රැහේ…..
උන්….ඉක්මනින්…
මේක අහවර කරයි…
නිසැකවම….
උන් අතට…
බලය මුසුවී….
ක්‍රමය….ආ විට…

එබැවින්;

අනෙකාගේ…..
දිවිය විෂයෙහි….
අපටද….වගවීමක්….
මනු ලොව ඉපැදීම නිසාවෙන්…
උරුම බැව් දැන….

ඉඳින්…
උතුම් මනසක් ඇති….
මනුසතෙකු…ලෙද….

-ප්‍රබුද්ධ-

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම