” පුරවැසි අධ්‍යාපනය ” සෑම පුරව…

, , Leave a comment

” පුරවැසි අධ්‍යාපනය ” සෑම පුරවැසියකුටම දිය යුතුය.
ඒ තුලින් පුරවැසියන් තුල නෛතික සාක්ශරතාවය ප්‍රවර්ධනය වේවි.

– 02 –

නීතිය සෑම පුරවැසියකු විෂයෙහිම ක්‍රියාත්මක වන බව පැවසෙන්නේ “සමාන” ලෙසිනි.
ඒ වගේම නීතිය සෑම පුරවැසියකු හටම පොදුය.
නීතිය සෑමවිටම නීතියේ ආධිපත්‍යයට යටත් පුද්ගලයන් දෙස බලන්නේ සාධාරණ බුද්ධිමත් යුක්තිසහගත පුරවැසියකු ලෙසය.
පුරවැසියන් නීතිය දැන සිටින්නන් බව අධිකරණයේ විශ්වාසයයි.
එකී නීතිය කියන්නේ ඇත්තටම කුමක්දැයි දැන සිටීම පුරවැසියන් ලෙස අපි හැමෝටම කුමන මොහොතකදී වැදගත් වන බව නොඅනුමානය.

“නීතිය” යනු කුමක්ද?

දැන සිටින බවට වන පූර්ව නිගමනයක් ලෙස පැවතෙන නමුත් පුරවැසියන් විදිහට අපි බොහෝ දෙනෙකුට මේ පැණයකට ලබාදිය හැකි නිශ්චිත පිළිතුරක් නොමැත.

එබැවින් නීතිය යන්නට ලබාදිය හැකි අර්ථ නිරූපණ රාශියකි.
එය අතීතයේ සිට අද දක්වා කාලාන්තරයක් තිස්සේ නීතිවේදීන් හට හමුවූ ප්‍රධානතම ගැටලු ව වේ.

” නීතිය ” යන්නට දියහැකි අර්ථ කථනයන්ගේ ප්‍රමාණය ලෝකයේ ජීවත් වූ නීති විද්‍යාඥයන්ගේ ගණනට සමාන යැයි කිව හැක.
නීතිය මිනිසාගේ දෛනික ජීවිතයේ සුමට යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි. මේ අනුව නීතිය යනු කුමක්ද ? යන ගැටලුවට විවධ ආකාරයේ දෘෂ්ඨිකෝණයන්ගෙන් විවිධ අර්ථනිරූපණයන් ඉදිරිපත් වී ඇත.

“A body of rules of conduct of binding legal force and effect, prescribed, recognize, and enforced by controlling authority.“

මෙහි අර්ථය වන්නේ නීතිය යනු පාලනාධිකාරිය මඟින් බලාත්මක කරනු ලබන නියමිත පිළිගත් නෛතික බලයකින් සබැඳුනු රීති පද්ධතියකි’ යන්නයි.
නීතිය සෑම තැනම පවතින්නකි. එය අපගේ සියලු කටයුතු පාලනය කරනු ලබයි. අප මිලදීගන්නා හා විකුණන නිෂ්පාදනල අපගේ සම්බන්දතා එමෙන්ම එය අප ජීවත් වන භෞතීය පරිසරය හැඩගැස්වීමෙහිලා ද උපකාරී වේ.

ඩබ්.එච් ඕඩ්න් (W.H Auden) පවසන පරිදි නීතිය යනු නීතියයි’ (The Law is The Law). මාක්ස්වාදීන් පවසන පරිදිිනීතිය යනු ධනපති පංතිය විසින් නිර්ධන පංතිය මර්ධනය කිරීමට භාවිත කරන්නාවූ පංති උපකරණයකි.
තවත් අර්ථකථනයක් වන්නේ නීතිය යනු නීතිවේදීන්, විනිසුරුවන් හා ව්‍යවස්ථාදායකය මඟින් සිදුකරන කාර්යයන්’ යන්නයි.
තවද නීතිය යනු මූලික සදාචාර මූලධර්මයන් තුළින් ගොඩනැඟුණු රීති පද්ධතියක්‘ යන්න තවත් මතයකිග ශ්‍රීමත් ජොන් සල්මන්ඩ් නම් නීතිවේදියා පවසන පරිදි නීතිය යුක්තියේ පරිපාලනය උදෙසා රාජ්‍යය විසින් ස්ථාපිත කරන ලද හා හඳුනාගන්නා ලද මූලධර්ම වල එකතුව නීතිය වේ” බ්ලැක්ස්ටෝන් පැවසුවේ සිවිල් සමාජය පාලන කිරීම සඳහා රාජ්‍යය සතු උත්තරීතර බලය මඟින් යහපත් දේ සිදු කිරීමටත් අයහපත් දේ සිදු නොකිරීමටත් දෙනු ලබන අණ නීතිය නම් වේ” යනුවෙනි.
මේ ආකාරයට නීතිය යනු කුමක්ද? යන ගැටලු ව කෙරෙහි ඉදිරිපත් වන පිළිතුරු රාශියකි.

මෙම කුමන අර්ථකථනයකදී වූවද නීතිය සමාජය තුළ සංස්ථාපනය වීමේ අවශ්‍යතාව පිළිබඳ ව සෘජුව හෝ වක්‍රව සාකච්ඡා කරනු ලබයි.
බොහෝ අර්ථ නිරූපණ තුළින් දැක්වෙනුයේ නීතිය යනු පොදු සමාජ යහපැවැත්ම උදෙසා සැකසුණු ප්‍රපංචයක් වන බවයි. එහිදී වඩාත් ඉස්මතු වන්නේ මිනිසාගේ බාහිර සමාජ දිවිපැවැත්ම ශිෂ්ටසම්පන්න කිරීම උදෙසා බිහිවුණු රීති සමුදායක් වේ යන්නයි.

මේ අනුව නීතිය යනු පොදු සමාජ සහපත උදෙසා මෙන්න මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීම උදෙසාල යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සමාජයේ ගැටෙන අයිතිවාසිකම් තුලනය කිරීම උදෙසා සමාජය තුළින්ම බිහිවූ කාර්යක්ෂම උපකරණයක් ලෙස සැලකිය හැක.

නිශ්චිත අර්ථ නිරූපණයක් කරන්නට නොහැකි නමුත් නීතිය නොමැති උනොතින් අපේ රට වගේ රටක මොන ජෝගියක් තියෙයිද? කියලා හිතා බලන්නකෝ.
නීතිය ශිෂ්ඨ සම්පන්න සමාජයක් නිර්මාණය කරනවා වගේම යුක්තිගරුක, විනයගරුක පුරවැසියකු බිහි වීමටත් හේතු වෙනවා.
අපි කුඩා කල සිටම අනාගත අරමුණ කුමක්දැයි විමසූ විට බොහෝවිට කියා ඇත්තේ සමාජයට වැඩදායී ගුණගරුක පුරවැසියකු වීම කියනවා..
ගුරුවරුන් කියන්නේ..
පාසල තුලින් යහපත් පුරවැසියන් සමාජගත කිරීම තම මෙහෙවර බවයි.
ඇත්තටම ප්‍රතිපත්තියක් නැති අපේ රටේ නීතිය මේ තරමට හරි ක්‍රියාත්මක කිරීම විෂයෙහි අධිකරණය කරන අනූපමය දායකත්වයට සියලු පුරවැසියන් හිස නමා ආචාර කලයුතුය.
ඒ නිසා..නීතිය පිළිබඳ සාක්ශරතාවය පොඩ්ඩක් වැඩි කරගන්න එක අපි කාටත් වැදගත් වනු නිසැකය.

– 03 – න් හමුවෙමු..

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම