මහා භීෂණය ‘ග්‍රරිස් යකා’ ‘බූලා…

, , Leave a comment

මහා භීෂණය ‘ග්‍රරිස් යකා’ ‘බූලා”

වර්ථමානයේ මිනිස්සුන්ගේ බුද්ධියත් මානසිකත්වයත් දැඩි ලෙස විපරීත භාවයට පත් වෙමින් පවතිනවා. මං මේ කියන්න හදන්නේ ඒ ගැන උදාහරණ දෙන්න පුළුවන් කථාවක් , හැබැයි පොඩි අපුලක් දැනේවි ඒත් අපිට පුළුවන් මේ කථාවෙන් දෙයක් පැහැදිලි කරගන්න. ඒක තමයි , අපි මීට වඩා අවධානයකින් අපේ වගේම අපේ ආදරණීයයන්ගේ ජීවිත ඇතුලේ වගකිව යුතු භූමිකාවක් රඟ දැක්විය යුතු කාලයක් එලඹ ඇති බව.

මේ සිද්ධිය මුලින්ම සිද්ධ වෙන්නෙ මීට මාසයකට පමණ ඉහතදී. ප්‍රදේශය මීරිගම නාරියමුල්ල හල්පේ. කාන්තා යට ඇඳුම් ගණයට අයත් අපි කවුරුත් ‘ස්කිනර්’ යන නමින් හඳුන්වන මෙම ඇඳුම සොරාගෙන එහි පියයුරු වැසෙන කොටස කවුරුන් විසින් හෝ සපා කා තිබුණා. එය පිරික්සා බැලීමේදී , මෙම ක්‍රියාව සතෙකුගේ නොවන බවට ඒත්තු ගැන්වෙන කාරණා ඕනෑ තරම් තිබුණා. ඉතින් අපට සිතන්නට ඉතිරිව තුබූ අවසාන සහ සාධාරණම නිගමනය වූයේ මෙය මානසික විකෘති තාවයකින් පෙලෙන මනුෂ්‍යයකුගේ ක්‍රියාවක් බවයි. එය සනාථ කරමින් මීට දින කිහිපයකට පෙර එම සිද්ධිය ඒ ආකාරයටම නැවතත් සිදුවී තිබුණා.

ඔබට මතකයේ ඇති කාලයකට පෙර මහා භීෂණයක්ව පැවති ‘ග්‍ රීස් යකා’ ‘බූලා’ නමින් හැඳින් වූ විකෘති කාමාශාවන්ගෙන් හෙබි මනුෂ්‍ය කොට්ඨාශයක් ගැන. ඇත්තටම මම කියන්නෙ නෑ මේක ඒ තරම්ම භීෂණයක් වේවි කියලා. නමුත් මොන තරම් තාක්ෂණයෙන් විද්‍යාවෙන් අපි දියුණු උනත් , අවිද්‍යාවෙන් සහ විකෘති භාවයන්ගෙන් හෙබි මිනිසුන් තවමත් අප අතර සිටිනවා. දැන් උදාවී ඇත්තේ බණ කියා මිනිසුන් යහමඟට ගත හැකි කාලයක් නම් නෙවේ. එසේ සිදු වන්නේ නම් අපේ ලංකාවේ බණ ඇසෙන තරමට අපි සියල්ලෝම සෝවාන් වී තිබිය යුතුය. ඉතින් වඩාත් සුදුසු වික්‍රමය වන්නේ අපි ඇඟ ගලවා ගැනීමය. අවධානයෙන් සිටින්න මෙවන් මානසික ලෙඩුන් ඔබේ ප්‍රදේශයෙන් වුවත් මතු වන්නට බොහෝ ඉඩ කඩ ඇත. තම තමන්ගේ හැකියා ප්‍රමාණයෙන් මේ මානසික විකෘතීන්ගෙන් ප්‍රවේශම් වී සිටින්නට තම තමන්ම වග බලා ගැනීම මැනවි.

වහල් වී කාමයේ රසයට නේක දුර්ගුණ වපුරනා
මිනිසුන්ගෙ ඔළු බෑ හදන්නට ඇසෙන මේ බුදු ගුණයෙනා
උන්ට බැරිනම් නිවෙන්නට ඒ කාම ගින්නෙන් ඇවිලෙනා
හදමු අපි අපෙ උන්ගෙ ඔළු ටික රැකෙන්නට මින් නුවණිනා…..

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම