මීරිගම අපිට තිබ්බ (අපිට විතරක්…

, , Leave a comment

මීරිගම අපිට තිබ්බ (අපිට විතරක් නෙමේ ලංකාවෙම තිබ්බ) ලොකු ප්‍රශ්ණයක් වෙච්ච් තෙල් ප්‍රශ්ණෙ QR කෝර්ඩ් එකත් එක්ක සෑහෙන්න දුරට විසඳිලා

අද මීරිගම IOC එකේ (ඊයෙ රෑ 10 විතර ඉඳන්) QR කෝර්ඩ් එක ස්කෑන් කරලා තෙල් ගැහුවා.
මේ ලියන මොහොත වෙද්දිත් දෙවනි 6600L ලෝර්ඩ් එකේ තෙල් ගහනව. (11.00 PM)

IOC අධිපතිතුමාගේ ආරාධනයක් පිට අපිටත් පුලුවන් උනා වැඩේ වෙන විදිහ සමීපව නිරීක්ෂණය කරන්න වගේම වැඩේට සපෝර්ට් එකක් දෙන්න.❤

ස්තූතියි ආරාධනාවට!

එතනදි අහපු දැකපු දේවල් වල හැටියට වැඩේ අති සාර්ථකයි.
වෙනද උන්න ගමේ චන්ඩි,හිච්චි බවුසර් ඕනර්ස්ලා කවුරුත් නෑ.😄
හැමෝම සාන්ත දාන්තව මල් පෝලිමේ එනව වගේ ඇවිත් තමන්ට හිමි කෝටව හිමි තෙල් ටික ගහගෙන ගියා. ❤

අනිත් විශේශම කාරණය තමා හැමෝම QR කෝර්ඩ් එක ඉදිරිපත් කරල තෙල් ගහගත්ත එක.🥰

එතනදි අහපු හැමෝම කිවුවෙ වැඩේ මරු.නැත්නම් වෙනදට පෝලිම් වල මරාගන්න වෙන්නෙ අද ඒ මොකුත්ම නෑ කියල

යම් යම් සුලු තාක්ෂණික දෝෂ කීපයක් නිසා සුලු ප්‍රමාදවීම් තිබ්බ්ත් උපරිම පැය 2 වගේ කාලයක් තුල පෝලිමවට එකතුවෙලා තෙල් ගහගත්ත හැමෝම

ඉතින් මේක ලිව්වෙ අද IOC එකෙන් තෙල් ගහගත්ත අපේ ආදරනීය සාමජිකයින් කියන්න බලන්න QR වැඩේ ගැන ඔයාලගෙ ගුණ දොස් ☺️
යෝජනා චෝදනා එහෙම තියෙනවනම් ඒවත් කියන්න ☺️
පාරිභෝගික අදහස් අනුව වැඩේ තවත් ලස්සනට කරන්න මීරිගම IOC අදිපතිතුමා කටයුතුකරාවී 🙏

මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යෑම අපි සැමගේම යුතුකමක් වගේම වගකීමක් 🙏

ස්තූතියි

මීරිගම අපි වෙනුවෙන් මම පුබුදු අලහකෝන්
2022/08/01

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම