“මීරිගම අපි” ඇඩ්මින් මඬුල්ලට…..

, , Leave a comment

“මීරිගම අපි” ඇඩ්මින් මඬුල්ලට..
……පින්…
පමුණුවන්න අවස්ථාවක් හොය හොයා හිටින විට අද දැක්ක…අපේ ඇඩ්මින්වරු විසින් පලකර තිබූ මේ වචන ටික ….මට ඒ පින් පමුණුවාලීම කරන්න පොට පෑදුවා..
මීරිගම අපි පිටුව මේ වන විට සාමාජිකයන් දහ අට දහසක ගේ එකතුවක්..ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් මීරිගම පැල වෙච්ච උන්.
ඒ සියලු දෙනාගේම විවිධාකාර අවශ්‍යතාවන් පහසු කරන්නට මීරිගම අපි හරහා විවර කරන දොරටුව….
සයිබරය ඵලදායී භාවිතාවට කදිම උදාහරණයක්..
ඒ…වේදිකාව නිර්මාණය කිරීම තුලින්…රැස් කරගත් මහත් වූ කුසලය…
“මීරිගම අපි” පරිපාලනයට අනුමෝදන් කිරීම අවැසිමය.
ඔවුන් සිය පිටුව ඇතුලේ සාමාජිකයන්ට වෙළෙඳ කටයුතු,ඉඩකඩම් ගණුදෙනු,එකී මෙකී නොකී බොහොමයක් අවස්ථා නිදහසේ කරගන්නට ලබාදී ඇති ලිහිල්වූ නීර්ණායකයන් විෂයෙහි…
එවන් අවස්ථාවක් පිටුවෙන් ගොඩ දාගත්ත හැම එකෙක්ම දුන්නු පින් ටික අනිවාර්යයෙන්ම යන්න ඕනෙත්….
“මීරිගම අපි” පරිපාලකයන්ට.
ඒ වගේම…කාර්‍ය බහුල ජීවිත ගත කරන උදවියගේ..ගෙදර දොරේ රෙපෙයාර් එකක්..පේන්ට් වැඩක්….වඩු මේසන්…. වැඩකට කෙනෙක් හොයාගන්න..
ටියුෂන් …වෙන වෙන ඕනෑ එපාකම් වලට විසදුම් ඉක්මනින්…වගේම අහල පහලින්ම හොයාගන්න පිටුව දෙන ශප් එකට…වැඩේ කෙටියෙන් ගොඩදාගන්න සෙට් එක
ඒ……පින…දෙන්නෙත්…
“මීරිගම අපි” ඇඩ්මින්ලාට..
ඒ වගේම විස්වාසයෙන් කෑමක් බීමක් බඩට දාගන්න…පාඩුවේ මධුවිතක් තොල ගාන්න…මීරිගම අපිට තියන පොට් ටික ගැන දෙන අප් ඩේට් එක…මම හිතන්නේ ඇඩ්මින් මහත්වරුන්ගේ ඇඟේම තියන චොයිස් එක එන්නේ එතැනින්.
ඒ විතරක් නෙවේ..මීරිගම කෑම කඩ….කැෆේ කරන්නට වගේම….කෑම ටික කොලිටි කරන්නත්..
“මීරිගම අපි” හරහා ගොඩනැගුව දේවල්…සයිබරයේ මානවවාදී හැසිරීම්.
මේ විෂයෙහි පින් පමුණුවන්න මුලින්ම සෙට් වෙන්නේ..මීරිගම අපි එක්ක ඉන්න කන බොන සෙට් එක..
කොලිටියට… පොශ් එකට..සෙල්ෆියක් ගහලා කන බොන පීපල්ස් … පින….
මීරිගම නගරය සහ අවට ස්ටෑන්ඩර්ඩ්… කැෆේ..මිනි සුපර්.. මාකට්…වැටිලා සිටි ලුක් එකක් සෙට් වෙන්නත්…මීරිගම අපි හරහා නිර්මාණය වුනු…විශේෂයෙන්ම ලොක්ඩවුන් කාලේ…ප්‍රාදේශීයව පැවති මෙවැනි වෙළෙඳ ආයතන වෙත සප් එක ගත්න..මීරිගම අපි හරහා ඒක ගොඩ දා ගත්ත උදවියගේ පින් ටිකත් අපේ පරිපාලකයන්ට….අනුමෝදනා කරනවා…
අදවන විට පිටුව බොහෝ දුරට ලහි පිටක ස්වරූපයෙන් ක්‍රියාත්මක වන්නට හැර දමන්නට ඇඩ්මින්ලා කටයුතු කරන්නේ දැයි? යමෙකුට කියන්නට පුලුවන්…නොඑසේනම් පිටුව භාවිතාවේ යෙදෙන පිලිවෙත් අනුව පවා පෙනෙන්නේ ..පිටුව හරහා ගොඩ නැගෙන ගණුදෙනුවයි…..එහිදි ගිවිසුමක් ගොඩ නැගා ගන්නට..පිටුව හරහා යම් සම්බන්ධීකරණයක් සිදුවෙනවා..
එතනදි ඇඩ්මින්ලා මේ ලිපියෙන් කියන දේ … පිටුව හරහා ගොඩනැගෙන ගණුදෙනු සඳහා වාචිකව..ලිඛිතව….ඉලෙක්ට්‍රොනික සාක්ෂි එක්ක…හැදෙන ගිවිසුම්ගත වීම්…
වඩා…..ගුණාත්මක…ප්‍රමිතිගත…කවිය යුතු බව….ඇඩ්මින්ලාගේ විශ්වාසය බවත්….
පිටුව හරහා කිසිවකු තවකෙකුගේ..හූරාකෑමට හෝ රැවටීමට ලක් නොකරන ස්ථාවරයේ.. ඇඩ්මින්ලා සිටින බවත්…මේ ලිපිය හරහා ප්‍රකාශ කිරීම…සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහිලා වැදගත්..
පාරිභෝගික ආරක්ෂණයට අදාල නීතිය ඇතුලේ පාරිභෝගිකයා සතු අයිතිවාසිකම් වගේම..පාරිභෝගිකයා වෙළෙන්දා සමඟ මූල්‍ය ගනුදෙනුව පිටුව හරහා ගොඩ නැගෙන නිසා…තමා ලබාගත් භාණ්ඩ හෝ සේවාව පිළිබඳ…සිය විවේචනය හෝ රෙකමදාරුව පිටුව ඇතුලේ ලියලා අතහරින්නත්…එවන්ම අයිතියක්..පාරිභෝගිකයා සතුයි.
එහිදී සේවා සම්පාදකයකුගේ වගකීම වෙන්නේ එය නිවරදි කරගෙන වැඩේ ගොඩදාගන්න එක.පිටුව තුලම තමන්ට වැරදුණු තැන් නිවරදි කරන්න කටයුතු කරන්නට පවා….ඇඩ්මින්ලා ගේ අවකාශය…ඉඩ දීල තියනවා..
පින් පමුණුවන අන්තිම කාරණය තමයි..
“මීරිගම අපි”පරිපාලකයන් මෙම ලිපිය ඔස්සේ …
සමාජ මාධ්‍ය සදාචාර භාවිතාව විෂයෙහි ඔවුන්ට හිමි යථ සමගින් කරනා අපූර්ව ගනුදෙනුව…
පාරිභෝගික අයිතිවාසිකම් සුරැකන …ජෙනුයින් බිස්නස් එකකින් කෙලවර වෙන…එකක් විය යුතු බවට පවත්නා මෙම ප්‍රකාශිතය තුල…
“මීරිගම අපි” සමග බැඳීගත් සියල් සාමාජිකත්වයේ…අයිතිවාසිකම් රැකීමෙහිලා…හිමිවන පින් කඳ….ඇඩ්මින් මඬුල්ලට…අවසන අනුමෝදනා කරනෙම්….

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම