මීරිගම මිහිරි සිනමාවක අවසානය ….

, , Leave a comment

මීරිගම මිහිරි සිනමාවක අවසානය ..
***************************************-

ඒ 1983 වර්ශයේ උනුසුම් දහවලක්

ඉස්කෝලේ ඇරිල කලබ⁣ලෙන් ආව අම්ම මාව අන්දවගෙන ටවුන් එකට දිව්ව.. සෙනග අතරින් ලොකු ගෙයක් වගේ එකකට ඇතුල්වෙලා ඉදගත්තම සින්දු ඇහෙනව , සීනු හඬවල් 3 කට පස්සෙ මහ දවල් රෑ වුනා.. සින්දු නැවතිලා මහ විශාල රූප ඉස්සරහ මැවෙන්න පටන්ගත්ත , අලිපැටිය පිහිනුම් තටාකෙට වැටුන බබාව බේරගන්න දෙන ගේම කට ඇරගෙන බලන් හිටිය.

ඒ මගේ පලමු බයිස්කෝප් අද්දැකීම. මිහිර සිනමා 2.30.

අමරසිරි කලංසූරියව දැක්කෙ නුම්මි සහ නැන්දල එක්ක ගිහින් බලපු පූජා චිත්‍රපටයෙන්. අවසානය චූටි මටත් දුක හිතුන.
මිහිර 6.30.

සුදුබාප්ප රමාඩා එකේ වැඩ කරන 1986 – 1991 කාලෙ මාසෙකට සැරයක් ගෙදර එන්නෙ. ගොඩක් වෙලාවට අන්තිම සතියෙ සිකුරාදා . මටයි චූටි බාප්පටයි අවුරුදු එදාට , 6.30 ෂෝ එක ෂුවර් . අපි පුයර නාල ජංගි කොට ගහල බෙල්බොටම් කල්ලියෙ ටවුමේ තිත්පොල ජයවර්ධන අය්යාගේ ටේලර් ෂොප් එකට Sunpick Tailors යනව. එතන කල්ලි වැටිල ඉන්න සුදුබාප්ප අපිව මහ සෙනග මැදින් හොල් එකේ ODC ඉන්දනව.. බැල්කනිය ලමයි වන අපට සුදුසු නෑ කියල දැන ගත්තෙ ගොඩාක් පස්සෙ අපේ යාලුවො වේයන්ගොඩ ඉඳල box හොයන් මිහිර හෝල් එකට එනකොට…
සිගරැට් දුම කපාගෙන මගේ ඔලුවට උඩින් තිරේට යන කදම්බය දිහා බලාගෙන ඉන්නව..
මමයි රජා , රජ වැඩකාරයෝ, කොටි වලිගය, නොම්මර 17, දෝන්කාරය, සිංහ පැටව්… ඔබටයි ප්‍රියේ ආදරේ.. චිත්‍රපට වැලක්.. ගාමිණී , විජය , සනත් ,ශෂී, රවී, රෙබින්, රෙක්ස්, ⁣ප්‍රෙඩී , ⁣කොස්ත, ජෝ,කලං, මාලනී , ගීත , අනෝජ , සබීතා , දිල්හානි, අම්මෝ…. ලව්, කොමික්, ෆයිට් ලෝකයයි..
ඔක්කොටම වඩා ඉන්ටවල් එකට සෙනග පීරගෙන ඇවිත් අපි දෙන්නට අයිස් චොක් දෙකක් දීල යන්න අමතක කරන්නෙ නෑ පොර.

මිහිර හොල් එකේ කුඩා කල මතකය ඒතරම්ම මිහිරියි.

පස්සෙ සුදුබාප්ප අරාබියට යනව, vhs cassette dek කලර් tv ඇවිල්ල MTV , TNL එනව cd කඩ vcd player එනව අපි ලොකු වෙනව…

මිහිර සිනමා ක්ලබ් එක..

ඊට පසු තනිකඩ තරුණ සමය මිහිර හොල් එකේ චිත්‍රපට එක්ක නෙවෙයි මිහිර ක්‍ලබ් එකේ සිකුරාදා සවස මිත්‍ර සමාගමත් එක්ක මැදියම වෙනකම් රස , හර බර විප්ලව කතා බහ බීර එක්ක ගෙවුන..

සෝමරත්න දිසානායක , ජැක්සන් , චන්න , සෙල්ලප්රෙුම, යසපාලිත, රන්ජන් ටෙනී බනදු පූජ ල ගේමක් දුන්නත්

පාස්කු ඛේදවාචකය , කොරෝනා , ආර්ථික අර්බුදය , අවිවේකය, ස්මාට් යුගය…මුලු මීරිගමටම සහ අවට ගම් දනව් වලට රස මිහිර බෙදා දුන් මිහිරිගම මිහිර සිනමාවේ අවසානය ලියා අවසන් . එය ඉදිරිපිටින් යන සෑම අවස්ථාවකම ඒ රසබර යුගය මතක් වෙලා පපුව හෝස් ගාල යනව.

ඡායාරූප අන්තර්ජාලයෙන්

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම