සංවේදි හදවතක් හිමි මිනිසුන් වෙ…

, , Leave a comment

සංවේදි හදවතක් හිමි මිනිසුන් වෙත ලියමි

දහවල් එකට පමණ රජදහන අප නැවතී සිටින නිවසේ ගේට්ටුව ලගට වී නෝනමහත්තයා යැයි කියා අමතන කාන්තාවකි……මා යනවිටත් ඇය ගේට්ටුවේ එල්ලී නැමී සිටියාය…ඇය වයස හැත්තෑවක් හෝ ඊට වැඩි කෙසග ශරීරයක් හිම් ආච්ච් අම්මා කෙනෙකි..

ඇයි ආච්චි අම්මා….

අනේ නෝනා මම හොරුවක් බොරුවක් කරන්නේ නෑ මට පොඩි උන් දෙන්නෙක්ට කන්න දෙන්න වෙලා….
මට උදව්වක් කරන්නැයි අත් දෙක එකට කර වදිමින් කීවාය….ඒ වන විටත් ඇයගේ කම්මුල් පුරා ගල යන කදුලු වැල්ය…හදවතක් ඇති කෙනෙක්ට බලා සිටීමට අපහසුය…..

ආච්චි ඔහොම ඉන්නැයි කියමින් මම මුදල් රැගෙන ආවාය…..
එහෙත් එය දී ඈට යන්නට දෙන්නට හිත හදා ගන්නට බැරිය..

ආච්චි අම්මා කාලද….බත් ටිකක් කාලා යමු එන්නයැයි මා ඈට කතා කලාය….

අනේ නෝනා මට බත් කාලා බඩ පිරුනාම කාල ඇවිදින්න අමාරුයි ඈ එසේ කීවේ දනහිස් වලට අත තියාගෙනය…..

එහෙනම් තේ එකක්….

ඈ ඊට එකග වූවාය…

පහත මාලයේ ඇදුම් මසන ඇන්ටීගේ කඩය ඉස්සරහා පුටුවක් දී ඈට ඉද ගැනීමට ඒ ඇන්ටී ඉඩ සලසා දුන් පසු තේ සහ කෑම ලබාදී අප ඈගේ කතාව ගැන විමසුවාය…..

ඈගේ පුතා සහ ලේලි සමග කල් ගෙවූ ඇයට ලේලිය වෙන කසාදයක් කරගෙන ගිය පසු දරුවෙන් දෙදෙනාගේ බරද ඇය මත පැටවිය….පුතා විසින් බිරිද පැනගිය පුරුශයාගේ ලොරියට ගල් වලින් ගැසු පසු ලොරියේ අලාබය ලෙස උසාවියෙන් නියම කල රුපියල් 45000/= දඩය ගෙවීමට අපොහොසත් වී ඔහු තාමත් වැලිකඩය…අවුරුදු තුනක දියනියට සහ අවුරුදු හයක පුතනුවන්ට දැන් අම්මාද තාත්තද අහිමිය….ආච්චි අම්මාට දරුවන් රැකබලා ගන්නට අපහසුය….ලමා නිවාසයකට ලමයින් දැමීමට කතා කලත් එයට හැකියාවක් ඇයට ලැබී නොමැත….

මෙම කතාවේ ඇත්ත නැත්ත මම හරියට දන්නේ නැත….එහෙත් ඒ කතාව පවසන විට ඇගේ දෙනෙතින් ගලා ගිය ක්දුලු මට විශ්වාසය…..මම ඇයට වියලි ආහාර කිහිපයක් හා මගේ දියණිය ගේ පාවිච්චි කල හැකි ඇදුම් කිහිපයක්ද සෙල්ලම් බඩු කිහිපයක්ද දරුවන් දෙදෙනාට බත් පාර්සලයක්ද දී ඈ පිටත් කලාය….මට එම මොහොතේ කල හැකිව තිබුනේ එපමනකි…..

නො 44,රේන්දපොල,මීරිගම ඇගේ ලිපිනය වේ….මීරිගම අප සමූහයේ හදවත් ඇති මිනිසුනි මම ඔබට ආයාචනා කරන්නේ හැකිනම් මෙම අම්මාට ඔබට හැකි පමන උදව්වක් කරන ලෙසය….දරුවන් නවතා එන්නේ අල්ලපු ගෙදර බවත් ඔවුන් දරුවන් බලා ගන්නවාට රුපියල් සීයක් ඇගෙන් ඉල්ලා ගන්නා බවත් ඈ මට කීවාය….

උයාගත් බත් ටික මට තාම කන්නට පිරියක් නැත….ඒ තරම් මෙම සුදුවීමෙන් මම කම්පාවට පත් වීමු……ඔබට හැකිනම් අපි සැවොම එක් වී මේ අසරණ අම්මාට උදව් කරමු….පුතාගේ දඩය ගෙවීමට හැකිනම් ඔහු පැමින කුලියක් හෝ කර දරුවන් පෝශනය කරනු ඇතැයි මට සිතේ….පල්මුව සොයා බලා ඊට කටයුතු කල හැකිනම් ඇඩ්මින් තුමාට සහ හදවතක් ඇති ඔබට මම ආරාධනා ක්රමි.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම