Lanka Premiere League t20 තරගා…

, , Leave a comment

Lanka Premiere League t20 තරගාවලියෙන් ලද සාධනීය උත්තේජනයෙන් පසු ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව යොමුවිය යුත්තේ කොයිබටද??

නිමාවූ Lanka Premiere League තරගාවලිය තුලින් උගත් පාඩම් ටික…වෙනසකට යොදවමු..

ටෙස්ට්,ODI සහ t20 යන format තුනේම ගහන්නේ කවුද?
odi & t20 ගහන set 1 සහ අනෙක් t20 specialists ලා හදුනාගැනීම සදහා LPL සාධනීය මැදිහත්වීමක් කලා.
මොනවාද ? ඒ….

# හදුනාගත් අලුත් මුහුණු

1st class Cricket එකේ වගේම provincial cricket වල නවකයන්ට අවස්ථා ලබාදීම අගනේය.එහිදී ධනංජය ලක්ෂාන්,තුශාර,සදකැන්, කිලිනොච්චි express, jaffna boy,අවිශ්ක,ඇංජෙලෝ පෙරේරා,විනෝද්, ප්‍රියන්ජන්,තක්ශිල,පුෂ්පකුමාර,වගේ චරිත ටිකක් කලඑළි බැසීම මේ වෙලාවේ වැදගත්.
senior players ලා ගේ මට්ටමත් දුටුවා.චන්දිමාල්,මෙන්ඩා,අසේල,ගුනතිලක,වනිදු,ධනා,තිසර,දසුන්,දක්ෂතා අතරට පැමිණීම සුභයි.

# වේග පන්දු බල ඇණියක්

Vaas ගෙන් පස්සේ මාලි සහ කුලේගෙන් පසුව අපිට වේග පන්දුයවන්නන්ගේ අඩුවක් තිබ්බා.විටින් විට ප්‍රදීප්,ලක්මාල්,යමක් කලා.නමුත් වේගයෙන් පන්දු යවන්නන්ගේ අඩුවක් තිබ්බා. lpl හරහා හොදම improvement තියෙන්නේ දුෂ්මන්ත චමීරගේ. ලහිරු කුමාර ශරීර යෝග්‍යතාව කෙසේ නමුදු හොද රිද්මයක් එක්ක පන්දු යැව්වා.මාලිගේ ඉරියව්වෙන් පන්දුයවන තුශාර හදා ගන්න පුලුවන්.ධනංජය ලක්ෂාන්,තක්ෂිල ද සිල්වා, වගේ ක්‍රීඩකයින් all rounders ලා විදිහට හරි පාරට ගන්න ඕනේ.

# පන්දු රැකීම විෂයෙහි පවත්නා දුර්වලතාව

තරගාවලිය පුරාවට අතහැරුණු උඩපන්දු ගණන ඇල්ලූ ප්‍රමාණයට තරම්ය.අද්‍යතන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණය,පුහුණු ක්‍රම,කැපවීම්,තරගකාරීත්වය, ක්‍රීඩකයින්ගේ හැකියාවන්,දක්ෂතා මත පවතින්නේ දැඩි උද්වේගකර සහ ක්‍රීඩාශීලී තත්වයකය.පන්දු රැකීම තුලින් විශේෂයෙන් 20 තරග වල ground fealding වලින් නවත්වන ලකුණු 15/20 වගේම ලැබෙන සෑම අවස්ථාවක්ම ලබාගැනීම ඉතා වැදගත්.
අපේ 1st class සිට club,division සිට school cricket දක්වාම නව දැනුම සහ තාක්ෂණය ලැබෙන්නේ අඩුවෙන්.තරගකාරීත්වයේ අඩුවත් පන්දු රැකීම දුර්වල වෙන්න හේතුවක්.day & night අත්දැකීම් නොමැතිවීම,ground එකේ condition,බලපෑමක් වෙන්න ඇති.
lpl හරහා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාවේ පවත්නා තත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථා උදාවූවා සේම 1st class සහ club tournament සියල්ල international stadium වලත්, devision 2 & 3 සහ Ddistrict tournament වල semi & finals turf වල ගස්සවන්න ඕනේ.
school cricket වල fealding basics & technic හරියටම කරවන්න අවශ්‍යයි.එමෙන්ම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම,ආහාර හා පෝෂණය, ව්‍යායාම, වෛද්‍ය පරීක්ෂණ, වගේම කරන දේ හරියට කරන්න පුහුණු කරවීම සහ විනය පවත්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණික,වෛද්‍ය විද්‍යාත්මක,න්‍යායාත්මක සහ ක්‍රීඩාව පවත්වාගෙන යාමට අවැසි පුහුණුකරුවන් බිහිකිරීම සහ නිරන්තර පසුවිපරමක් සහ විශ්ලේෂණයක් සහිත වැඩපිළිවෙළක් කඩිනමින් සකස් විය යුතුයි.
school cricket grounds වල ලණු පැදුරු වෙනුවට තණතිලි යොදාගන්නට අවශ්‍ය පහසුකම් සැපයන්නේ නම් ආදි ශිෂ්‍ය සහ දෙමාපිය සහයෝගයෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන්.

# ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවේ පවත්නා ප්‍රශ්න

lpl තුලින් ක්‍රීඩකයින් තුල පවත්නා ශාරීරික ආබාධ වගේම ඉරියව් තුල පවත්නා වැරදි අඩුපාඩු හදුනාගැනීම පහසුය.දැනුමින් පොහොසත් පුහුණුකරුවන්, අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමග සමීපව කටයුතු කරන්න ලැබීම තුල ආධුනිකයන් ලබන දැනුම වගේම bating weakness, bat gripping,stance,stroking,foot work වල අඩුපාඩු හදාගන්නත්,technical ajustments, sroking options, phisical training & fitness වල අලුත් දැනුම ගන්නත් අවස්ථා උදාවීම නවකයන්ට හොද අවස්ථාවකි.
ලංකාවේ අතීත ක්‍රීඩකයින් සමග පුහුණුව ලැබීම වගේම උපුල්,රංගන,තිළිණ,ගිබ්ස්,මොයින් වැන්නවුන් ගෙන් ලද දැනුම වඩා වැදගත්ය.
අපේ රටේ නම් දැරූ ක්‍රිකට් පතාකයින් ජාත්‍යන්තරය වෙත ලබා දෙන දැනුම අපේ කනිෂ්ඨයන්ට ලබාගන්න ඊලග tournament එකේදි වත් උත්සහ කලයුතුමය.

# ජාත්‍යන්තර ක්‍රිකට් සහ අපේ පලමු පෙළ , Club Cricket අතර පවත්නා මහා පරතරය

අපේ 1st class,premiere,odi,3/4 day,t20, tournaments හි ක්‍රීඩාවේ ගුණාත්මකබව සහ තරගකාරීත්වය වැඩි කල යුතුමයි.
odi සහ t20 tournament league ක්‍රමයට ගස්සවන්න ඕනේ.crowd එකත් එක්ක අඩුම semi සහ final day n night ගස්සන්න ඕනේ.club cricket වලට SLC වලින් දෙන මුදල් සහ පහසුකම් වැඩිකල යුතුයි.district cricket association හරහා devision 2 /3 club වලට මූල්‍ය පහසුකම්, ක්‍රීඩා භාණ්ඩ සහ පුහුණුවීම් පහසුකම් ලබාදීමත්, දිස්ත්‍රික් සංචිතයක් පවත්වාගෙන යාම වැදගත් වේවි.

# T20 ජාත්‍යන්තර තලයේ BBL,IPL,CPL වැනි තරගාවලින් නියෝජනය කරන්නට උදාවන අවස්ථා.

දේශීය තරග සහ ජාත්‍යන්තර තරග වලදී දස්කම් දක්වන ක්‍රීඩකයින්ට t20 ක්‍රීඩාව තුලින් තම හැකියාවන් ජනප්‍රිය කරගන්න lpl හොද අවස්ථාවකි.
මීලඟ තරගාවලියට විදේශීය star players ලා වැඩිදෙනෙක් ගෙන්න ගැනීම SLC සතු කාරණයක්.
එවිට lpl standered ,qulity සහ international attraction වැඩිවීම තුලින් අපේ players ලාට ipl,big bash,caribion,t10 කණ්ඩායම් වලින් හොද ඉල්ලුමක් සහ වටිනාකමක් ලැබේවි.
එය කනිෂ්ඨ ක්‍රීඩකයින්ට කරන උත්තේජනය ඔවුන්ගේ commitment , grooming සහ achivement වලට හේතු වේවි.

# ජාතික කණ්ඩාමට තේරීපත්වීම උදෙසා ක්‍රීඩකයින් අතර තරගකාරීත්වයක ඇතිවීම.

lpl හරහා හදුනාගැනෙන නවකයන්ට ජාතික කණ්ඩායමට එක් වන්න අවස්ථා ලැබෙන අතරේම ඔවුන් තම උපරිමයෙන් lpl කිරිමත් වැදගත්. එවිට දැනට එම ස්ථානය සදහා ක්‍රීඩා කරන ක්‍රීඩකයා සිය උපරිමයෙන් ක්‍රීඩා කරනවා.තම position එක වෙනුවෙන්.
ජාතික කණ්ඩායම නියෝජනය කරන අරමුණ සහිත ක්‍රීඩකයින් ක්‍රිකට් වෙනුවෙන් තම උපරිම දායකත්වය සහ කැපවීම යොදන්න,පුහුණුවීම් කරන්න පුරුදු වෙනවා.නියම වෘත්තීය ක්‍රීඩකයකු වෙන්න ක්‍රීඩාව වෙනුවෙන් කැපවීම් කරන්නම වෙනවා.

# ජාතික සංචිතය හා සමාන පුහුණුවක්,අත්දැකීම් සහ මූල්‍ය වටිනාකමක් සහිතව අවම වශයෙන් තිහක සංචිතයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය.

ජාතික සංචිතයට අමතරව දෙවන පෙළ සංචිතයක් ජාතික සංචිතයේ පුහුණුවීම් වලට සමගාමීව ඒ සමාන පහසුකම් සහ පුහුණුවක් ලබාදීමටත්,ඔවුන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීම.දැනට ජාත්‍යන්තර තරග සදහා සහභාගි නොවන විදේශීය කණ්ඩායම් සමග සහ B කණ්ඩායම් සමගත් දේශීයව සහ විදෙස්ගතව ක්‍රීඩා කිරීමේ අවස්ථා වැඩිදියුණු කිරීම.ICC වෙතින් සහ විදෙස් ක්‍රිකට් ආයතන සමග එකගතාවයන් ඇති කරගැනීම.
මෙම සංචිතයේ
ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම් vacant වෙන තැනකට replace කරන මට්ටමෙන් නඩත්තු කිරීම SLC වගකීමකි.
under 19 සංචිතය සංචිතය තෝරා ගැනීම වඩාත් පරිස්සම් විය යුතු කාරණයයි.පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වල පල්ලටම වැටී ඇත.දක්ෂතාවය ඉක්මවා ගිය හිතවත්කම් මත පාසලේ 1st eleven නම දාගන්න ක්‍රමය මුලින්ම නැවැත්විය යුතුයි.
school tournament schedule සහ training schedule එක cricket වල basics…batting,bowling & fealding වල theories සහ technics හරියටම කරන්න පුරුදු කරන්නට හැකි අයුරින් revice කරන්න අවශ්‍යයි.
u19 squad එකෙන් සියයට හැටක්වත් ජාතික සංචිතය වෙත සහ B සංචිතය වෙත අවුරුදු 20/21 වෙද්දී යන මට්ටමේ පුහුණු ක්‍රමවේද SLC වෙතින් සිදුවිය යුතුයි.
school cricket program එකනම් research කරලා,expert advice අරගෙන,අපේ ළමයින්ගේ body structure,energy,endurance,වලට ගැලපෙන sri lankan style cricketrs ලා බිහිකරන වැඩසටහනක් විදිහට, දූරදර්ශිව කලයුතු වැඩක්.
එහිදී ක්‍රීඩා අමාත්‍යංශය,අධ්‍යාපන අමාත්‍යංශය,සෞඛ්‍ය සහ වෛද්‍ය ආයතන සමග ඒකාබද්ධව පාසල්වල ක්‍රිකට් සහ අනෙකුත් පහසුකම් වැඩිකිරීම,පෝෂණ වැඩසටහන්,ක්‍රීඩාංගන,ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථාන, ඇතිකිරීම.
ක්‍රීඩකයින්ගේ ආබාධ හදුනා ගැනීම සහ ඒ සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍ය උපදෙස් සහ භෞතචිකිත්සණයට අදාල පහසුකම් රෝහල් තුලින් ප්‍රමුඛතාව මත ලබා ගැනීම.
පන්දු යැවීමේ ඉරියව් සහ පහරදීමේ ඉරියව් හි දෝෂයන් කුඩා කලදීම හදුනා ගැනීම සහ ඒ සදහා තාක්ෂණික සහ පුහුණු සහය ලබා දීම.

# පාසල් ක්‍රීඩකයින් තුල උද්‍යෝගයක් සහ උනන්දුවක් ඇතිවීම.

lpl එක්ක තමන් කැමති ක්‍රිකට් වීරයන් තමන්ගේ රටේ ක්‍රීඩකයින් සමග තම ප්‍රදේශය නියෝජනය කිරීම තුලින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සදහා දරුවන්ගේ යොමුවීම වර්ධනයට හේතුවක්.
අනිත් දේ තමයි school cricket වලින් club cricket වලට මාරු වෙද්දී හැලී යන බහුතරය රැක ගැනීම.ඒ හැලී යාමට හේතුව ක්‍රිකට් ක්‍රීඩාව කරනවානම් ජාතික කණ්ඩායම නියෝජනය නොකලොත් වැඩක්නෑ කියන මතය.
ඒක නැති කරන්නත් lpl හොද වැඩක්.
ක්‍රීඩා කිරීමට ඇති අවස්ථා වැඩි කලයුතු අතර SLC මැදිහත්වීමක් යටතේ විදේශිය 2nd class,club,country සහ tournament සදහා ක්‍රීඩකයින් යොමු කිරීම,ගිවිසුම්ගත කිරීම සහ තෝරා ගැනීම.

# 2021 තරගාවලිය සදහා පිළිගත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් කැදවා ගැනීම.

එන වසරේ තරගාවලිය සදහා ප්‍රමුඛ cricket ක්‍රීඩා කරන රටවල් වෙතින් දක්ෂයින් සහ විශිෂ්ඨයන් පස් හයදෙනෙක් වත් කැන්දා ගැනීම lpl ජීවගුණය තීව්‍ර කරනු ඇත.අවම වශයෙන් කණ්ඩමකට විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙක් වත් ක්‍රීඩා කිරීම තරගාවලිය වර්ණවත් කරයි# අනුග්‍රාහක දායකත්වය ප්‍රවර්ධනය තුලින් Club Cricket හි Qulity ය ඉහල නැංවීම.

SLC සහ ක්‍රීඩා අමාත්‍යංශය මට්ට්මෙන් ක්‍රීඩා සමාජ සහ හදුනාගත් දක්ෂ ක්‍රීඩකයින් සදහා පුද්ගලික අනුග්‍රාහකත්වයන් හදුන්වාදීම සහ අනුග්‍රාහකයන් සමග සෘජුවම ගිවිසුම්ගත වීමට clubs වලට ලබා දීම.
club cricketrs වෙනුවෙන් රැකියා අවස්ථා SLC මැදිහත්වීමක් සහිතව ලබා දීමට කටයුතු කිරීම.
club cricketrs ලා අතුරින් කැමති ක්‍රීඩකයින්ට umpiring,scoring,coaching,curator,phisio,වැනි අවස්ථා ලබාදීම.

# School සහ Club Cricket Players Monitoring සහ Ranking හි අවශ්‍යතාව.

SLC සහ school cricket association වෙතින් සියලු පාසල්හි වයස් මට්ටමේ සහ division 3/4 සිට Premiere දක්වා සියලු club ක්‍රීඩකයින් assessment එකකට යටත් කරලා performance,scoring,wickets,personnal details,achivements,injuries වගේ සෑම පැත්තක් ආවරණය වන monitoring system එකක් වගේම selection වලදී assessment සහ ranking පිළිබඳව සලකා බැලීමේ ක්‍රමවේද සකස් කිරීම.

# පාසල් ක්‍රිකට් සහ Division B,C,D හි තරගාවලින් SLC සහ තේරීම් කමිටුව හරහා පූර්ණ අධීක්ෂණයේ අවශ්‍යතාව.

ශ්‍රී ලංකා cricket සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගේ qulity development,skill development, සහ performance development,confidence building, discipline development, සදහා school cricket association,SLC,sport ministry,ministry of education හරහාත්, club cricket වලදී SLC හි selction committee යටතේ district selection board apoint කිරීම සහ දිස්ත්‍රික් සංචිත තෝරාගැනීම සහ අවශ්‍යතා මත සංචිත සදහා නිර්දේශ කිරීම district committee වෙතින් සිදු කිරීම.
division 3/4 තරගාවලියේ ගුණාත්මකබව වැඩි කිරීම සහ එහි දක්ෂ ක්‍රීඩකයින් හදුනාගැනීම , ඔවුන් තක්සේරුකරණය සහ මූල්‍ය සහ අනෙකුත් පහසුකම් දිස්ත්‍රික් සංගම් මගින් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන SLC වෙතින් ලබාදිය යුතුය.
නව ක්‍රීඩා සමාජ ඇති කිරිම සහ මූල්‍ය ශක්තිය අඩු තරගාවලිය හොදින් කරන කණ්ඩායම් හදුනාගැනීම සහ SLC ආයතනය දිසා ක්‍රිකට් සංගමයන් හරහා එවන් ක්‍රීඩා සමාජ වෙත මූල්‍ය සහ භාණ්ඩ පරිත්‍යාග ලබාදීම.

# SLC වෙතින් පඩි සහ දීමනා ලබන Provincial Coaches සහ district coach ලාගෙන් ගන්නා පඩියට අදාල සේවය ලබාගැනීම.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ඉන් වැටුප් හා දීමනා ලබන දිස්ත්‍රික් පුහුණුකරුවන් වෙතින් අවශ්‍ය සේවය ලබා ගැනීම.දිසාවේ පාසල් සහ ක්‍රීඩා සමාජයන්හි පුහුණුකරුවන් පුහුණු කිරීම සහ දිස්ත්‍රික් සංචිතයේ පුහුණු කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා ගැනීම අනිවාර්යය කලයුත්තේය.
සියලු දිස්ත්‍රික් සංචිත සහ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් හි පුහුණුකරුවන් පුහුණු කිරීම.provincial cricket coach මගින් ක්‍රියාත්මක කිරීම SLC වගකීම වේ..
National Coach SLC සමග ගිවිසුම්ගත වන අවස්ථාවෙදීම ඔහු B squad සහ under19 squad දෙකෙහිම coaching program එක සහ එම සංචිතයන්හි පුහුණුකරුවන් පුහුණු කිරීම සහ අධීක්ෂණය කිරීමට බැදීමට ලක්කල යුතුය.

# හතු පිපෙන්නාසේ බිහිවන Cricket Academy නියාමනය.

Cricket Academy ආරම්භ කිරීම සහ පවත්නා ඒවායෙහි පුහුණුකරුවන්ගේ සුදුසුකම් නියාමනය අත්‍යාවශය වේ.
පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ට,ක්‍රීඩා සමාජයන්හි ලියාපදිංචි පුහුණුකරුවන්ට සහ SLC වෙතින් අනුමත සුදුසුකම් සපුරන ලද අයට පමණක් cricket academy පවත්වාගෙන යාමට අවසර ලබාදිය යුතුය.
දිස්ත්‍රික් පුහුණුකරුවන් සහ පළාත් පුහුණුකරුවන් academy පුහුණුකරුවන් ගේ කටයුතු සහ පුහුණු ක්‍රම පිළිබඳ අධීක්ෂණය, සුපරීක්ෂණය සහ පසුවිපරම කල යුතුය.
club players වෙත පුහුණුකරුවන් වශයෙන් අවශ්‍යය පාඨමාලා SLC වෙතින් හැදෑරීමේ පහසුකම් ලබාදිය යුතුය.
විදේශීය පුහුණු පාඨමාලා හැදෑරීමේ අවස්ථා පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමෙන් ලබාදීමේදී පුහුණුකරුවන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහ පලාත් මට්ටමෙන් පවත්වාගෙන යන aasesting & rankig system මගින් high performance සහිත දක්ෂතා පදනම් කර පුහුණුකරුවන් තෝරා ගැනීම.

# High Qulity, technically trained, Positive Minded, physical Fit, Talented Young Generation එකක් හදන්න අවශ්‍ය Short,Medium සහ Long Term National Cricket Policy එකක අවශ්‍යතාව.

lpl සමගින්ම අපේ players ලා කිහිප දෙනෙකු හැරුණු කොට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කෞෂල්‍යයක් පෙන්වීමට අසමත් වූ බැව SLC මතක තබා ගැනීම වටියි.
school cricket සහ club cricket දෙකෙහි මුඛ්‍ය අරමුණ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න සුපිරි සෙට් එකක් හදන එක විදිහට සලකලා school cricket සහ SLC ආයතනය කටයුතු කලයුතුය.
සියලු බර සහ වෙර යෙදිය යුත්තේ professional cricketr කෙනෙක් බිහිකරනා වැඩක් වෙනුවෙනි.
school Astra Cup එක Milo Cup එක හෝ Marmite Cup එක දිනා ගන්න හෝ annual bigmatch එක දිනනවාට වඩා qulity young player කෙනෙක් හදන project එක වෙනුවෙන් u13,u15 සහ u17 tournament schedule කල යුතු අතර u19 school tournament එක සුපිරි තරගකාරීත්වයක් සහිතව lpl මට්ටමේ experience එකක් කරන්න SLC සහ school cricket කටයුතු කරන්න ඕනේ.
මේ වෙනුවෙන් දිගු,මධ්‍ය සහ කෙටිකාලීන සැලසුම් ප්‍රවීණයන්ගේ දැනුම,අත්දැකීම්,විශේෂඥ මතයන් එක්ක ඉක්මනින්ම සකස් කිරිමට lpl හරහා ලද උත්තේජනය පාවිච්චි කල යුත්තේ SL Cricket ආයතනයයි.
ක්‍රීඩා අමාත්‍යංශය හරහා ඒ master plan එකට රාජ්‍ය ප්‍රතිපත්තිමය බලයක් ලබා ගත හැකි Cricket Policy එකකට යන්න හොදම අවස්ථාව උදාවී ඇත

# Local Coaches ලාගේ Knowledge and Technology Upgrading.

SL Cricket ආයතනය වෙතින් Recognize Coaching Course හදුන්වා දිය යුතු අතර ICC වෙතින් සහ අනෙකුත් රටවල් වෙතින් දැනුම සහ පාඨමාලා අවස්ථා මෙන්ම ශිෂ්‍යත්ව අදිය ලබා ගැනීමට SL Cricke මැදිහත්ව කටයුතු කලයුතුවා සේම විදේශීය පුහුණු ආයතන සමග MOU ඇති කරගන්නට අවශ්‍ය මැදිහත්වීම කලයුතුය.

# Research and Devlopment Institution එකක අවශ්‍යතාව.

අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තුල පවත්නා genetical skills හදුනාගැනීම,Srilankan cricket style හදුනාගැනීම,වගේම individual player researching and monitoring සදහාත්, cricket සදහාම වන research & developing සදහාත්,ක්‍රිකට් සදහා පවත්නා marketing opportunities හදුනාගැනීම උදෙසාත්,Physical,Nutrition, Mind clearence & future planing, සහ analyzing සදහා SLC අනුබද්ධිත Research & Development Institution එකක අවශ්‍යතාව දැඩිව ඇතිවී ඇත.

මේ ටිකවත් මේ වෙලාවේ හරියට Manage කරගන්න SLC එක කටයුතු නොකරන්නේ නම් ක්‍රීඩා අමාත්‍යංශය සෘජු අධීක්ෂණයකට, නියාමණයකට සහ පසු විපරමකට ලක් කල යුතුයි.
නොඑසේවී නම්; ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ ජානගතව කිදා බැසගත් සුද්දාගේ මහත්වරුන්ගේ ක්‍රීඩාව වන CRICKET සහමුලින්ම කෙටිකලකින් විනාශය කරා යනු ඇත.

සටහන : ප්‍රබුද්ධ දහනායක

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම