අද ගෑස් මිල අහස උසට නැගලා. මිල…

, , Leave a comment

අද ගෑස් මිල අහස උසට නැගලා. මිල ඉහළට ගියත් ගන්න ගෑස් නෑ. මේක ලොකුම ගැටලුවක් කාටත්.
පස්යාල මීරිගම පාරේ කිලෝ මීටරයක් දුරින් පළවැනි සැතපුම් කණුව පසුවීමත් සමගම අනූෂා හොටලය අසලින් දකුණට හැරී 200m ක් ඉදිරියට යන කොට හමුවන තැන එක් තැන්ව ජීවත්වෙන මහත්මයෙක් මෙන්න මේකට අපූරුම පිළියමක් හොයාගන තියනවා.
ඒ මහත්මයා රෝගාතුරව එක තැන සිටිමින් අපූරුම පොල්කටු අගුරු ලිපක් නිර්මාණය කරලා තියනවා. විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මාසෙම භාවිත කරත් විදුලි බිල රුපියල් තිහක් වැය වෙන්නේ නෑ ඒකට. අවශ්‍ය වන්නේ පොල් කටු හෝ ග්ලිරිසිඩියා අගුරු ටිකක් විතරයි. ඒකත් නිවසේම හදාගන්නත් හැකියි කිසිම වියදමක් නැතුව.
මේ ලිප අවුලුවන්න විනාඩියක් යන්නේ නෑ. දැලි බැඳෙන්නේ නෑ. ඕන තැනකට ගෙනියන්නත් පහසුයි.
මේ ලිප ඔහු දෙනවා රුපියල් 4000ක මුදලකට.
මෙහි දැල්ල වුවත් අඩු වැඩි කරගන්නත් හැකියි කියා ඔහු කියනවා.
ඩිලිවරි කරන්න පුළුවන් ලු.
නිවසට පැමිණද රැගෙන යා හැක
තොග වශයෙන් ගන්නවනම් මිල අඩු කරලා දෙන බවත් ඔහු මට කියා එවා තියනවා. ඉතින් ඔබටත් පුළුවන් අවශ්‍ය තාවක් වෙත් නම් මීරිගම නිෂ්පාදනයක් අරගන්න.
ඉස්සරහට ගෑස් මිල ගණන් කොහොම වෙයිද කියා කියන්නත් බැරි තරම්. ඉතින් හිතලා බලන්න. මේ මිලදි ගැන්ම එක් අතකින් සේවාවක් දිරියෙන් නැගී සිටින්න හදන කෙනකුට. එහි දොසක් වෙත්නම් තැන දන්න නිසා ඒ තැනට ගිහින් අලුත්වැඩියාවක් වුවත් කරගන්න බැරිකමක් නෑනේ. මෙන්න දුරකථන අංක.

0761277795
0764477795

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම