ඊයේ මීරිගම ප්‍රාදේශීය සභාවේ අය…

, , Leave a comment

ඊයේ මීරිගම ප්‍රාදේශීය සභාවේ අයවැය ගැන තැබූ සටහනෙන් පසුව එහි පහළින් ලියා තිබුණු සටහන් දැකලා යමක් ලියන්න හිතුනා.
ඒ පුරවැසියා දැන සිටිය යුතුම, ඒ වගේම, පුද්ගලිකවත්, සාමුහිකවත්, සුවිසල් වැඩක් ගන්න පුළුවන් අයිතියක් ගැන.

මම හිතන්නේ පුරවැසියන් විදිහට අපි තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාර රාජ්‍ය ආයතන වලින් අවශ්‍ය තොරතුරු ඉල්ලන්න ඕන.
ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වෙත පැමිණි ප්‍රතිපාදන කොපමණද?
විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වගේ ආයතන වලින්.
ප්‍රාදේශීය සභාව වාර්ෂිකව කොපමණ බදු ආදායමක් ලබනවද? රාජ්‍ය අය වැයෙන් කොපමණ මුදලක් බැය ශීර්ෂ වලින් මීරිගම ප්‍රාදේශීය ලේකම් වෙතට ආවද? මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස මීරිගමින් පලාත් සභා මන්ත්‍රීවරුන් පත්වූ අයට කීයක් වෙන් උනාද? පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී ප්‍රතිපාදන කොපමණද?
ඒ අනුව සමස්ත වර්ෂයක් සඳහා මීරිගමට ලැබුනු සම්පූර්ණ රාජ්‍ය මුදල් කොපමණද?
සභාවට වරිපනම්, සති පොළ, කඩ කාමර, විනෝද බදු සහ ආනුශංගික බදු මගින් කොපමණ අදායමක් ලැබුනද?
මේ රාජ්‍ය මුදල් සහ රාජ්‍ය නොවන මුදල් යෙදවීමට අපේක්ෂා කරන ව්‍යාපෘති මොනවාද?
එම ව්‍යාපෘති හරහා මීරිගම පුරවැසියන්ට ලැබෙන ප්‍රයෝජන සහ ජන ජීවිතය නගා සිටුවීම උදෙසා වන දායකත්වය කුමක්ද?
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සහ ඒ සඳහා තෝරාගන්නා ක්‍රමවේදය කුමක්ද?
අදාල ව්‍යාපෘති සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කලාද? මහජන අදහස් සහ යෝජනා සඳහා එම ව්‍යාපෘති යෝජනා යොමු කලාද?
ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වෙතින් සිදු කරන ව්‍යාපෘති මොනවද?
මේ වගේ බොහෝ තොරතුරු ගමේ පුරවැසියන් විදිහට අපට දැන ගන්නට අයිතියක් පවතිනවා සේම ඒවා ලබා දීමට පොදු අධිකාරිය (රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනය) පනත ප්‍රකාර බැඳී සිටිනවා.
ඒ කියපු දේවල් විතරක් නොවෙයි.මීරිගම සමූපකාරයේ තොරතුරු උනත් අපිට ඉල්ලන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ.
රජයේ පාසල්, වන ජීවී, සුරා බදු, ඉඩම් නිරවුල් කිරීම, පොලිස් වැනි ඕනෑම රාජ්‍ය මුදලින් නඩත්තු වන දෙපාර්තමේන්තු ආදියත් මේ යටතට වැටෙනවා.
උදාහරණයක් ලෙස 2023 වසරේ මීරිගම ඩී.එස් සේනානායක විද්‍යාලයට 6 වසර සඳහා බඳවා ගත් සිසුන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු.
කනිෂ්ඨයට 1 වසරට බඳවාගත් ළමුන්ගේ පදිංචිය, සම්මුඛ පරීක්ෂණ ලකුණු වගේ දේවල් උනත් ඉල්ලන්න පුළුවන්.
රාජ්‍ය ආයතන වලින් පුරවැසියන් තොරතුරු ඉල්ලීමට මැලි වීම ඒ ආයතන වල අකාර්යක්ෂමතාවය සඳහාත් හේතුවක් වන් බවයි මගේ අදහස.
මක් නිසද යත්; පුරවැසියන් නිතර තොරතුරු විමසන්න ගත් විට, ආයතන ප්‍රධානීන් සහ සේවකයා දැන ගන්නවා තමා කරන කටයුතු පිළිබඳව පුරවැසියා අවධානයෙන් බව.එවිට පුංචි චකිතයක් නිර්මාණය වනවා ඔවුන් තුල, වැරදීම් අවම කර ගතයුතු බවට.
මේ නිසා පුරවැසියන් විදිහට තමාගේ පුද්ගලික කාරණයකදී මෙන්ම පොදු කාරණයකදී තොරතුරු ඉල්ලා සිටින්න පුරුදු වන්න.
උදාහරණයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙතින් ඔබගේ ඉඩම් බලපත්‍රයක් පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු නොවුනොත් ඒ සඳහා තොරතුරු ඉල්ලන්න.
ප්‍රාදේශීය සභාවෙන් ගමේ පාර අලුත්වැඩියා නොවනවා නම්, පාරට ලයිට් නොවැටෙනවා නම්, ප්‍රාදේශීය සභාවට මිලදී ගත් විදුලි බල්බ ගැන, තාර, ගල් වැලි ප්‍රමාණය ගැන විමසන්න.
සමූපකාරයෙන් ප්‍රාදේශික කීයක් තියනවද? ඒවාට කොපමණ සතියකට සහල්, පරිප්පු, සීනි ලබා දෙන්නේදැයි? විමසන්න.
රට හදන්න කලියෙන් අපි ගම හදන්න ඕන. එවිට රට ඉබේටම හැදෙයි.
ඒ සඳහා පුරවැසි අයිතිවාසිකම් පාවිච්චි කරන්න.
ඒ වගේම පුරවැසි යුතුකම් ඉටු කරන්නටත් අමතක නොකරන්න.

අවසන් වශයෙන් මේ ටිකත් කියන්නම අවැසියි.
මන්ද යත්; නේක මතධාරීන් වෙනස් අරථ නිරූපණ එක්ක ටිපර් වීම සාමාන්‍ය දෙයක් නිසා.
මම මේක අකුරු කලේ දේශපාලනික කතාවක් ලෙසින් නොව නීතිය ඇසුරෙන් කල සමාජීය විමසුමක් ලෙසින් මිසක් කිසිවෙකු උදෙසා අභියෝග කරන්න නම් නෙවේ.

හොඳ ඵලදායී සංවාදයක් කරා ගෙනයාම
“මීරිගම අපි” විසින්ම කලයුත්තක්.

– ප්‍රබුද්ධ –

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම