~දුතිය උරුවෙල සුත්තං ~ (අංගුත්…

, , Leave a comment

~දුතිය උරුවෙල සුත්තං ~
(අංගුත්තර නිකාය ,චතුක්ක නිපාතය ,උරුවෙල වග්ගය ) [4:1:3:2]

නිදානය -සැවැත් නුවර ,ජේතවනාරාමය

දශබලධාරී බුදු රජාණන් වහන්සේ එක් කලෙක උරුවෙල් දනව්වේ අජපාල නිග්‍රෝධ මූලයේ දී, සම්‍යක් සම්බුද්ධත්වය ප්‍රථමයෙන් අවබෝධ කර ගෙන වාසය කරන කල්හි එකල්හි බෝහෝ වූ වයෝවෘද්ධ ජරා ජීර්ණ වූ ශරීර ඇත්තා වූ බමුණන් , හුහුංක ජාතික බ්‍රාහ්මණ සමග බුදු රදුන් අබියස එළඹ සිටියහ.
සිහි කළ යුතු කතා කොට එකත්පසෙක සිටි බමුණෝ මෙසේ ප්‍රකාශ කළහ.

“නහී භවං ගොතමෝ,බ්‍රාහ්ම්මණෝ ජින්නේ වුද්ධේ මහල්ලකේ ,අද්ධගතේ වයෝ අනුප්පත්තෝ, අභිවාදේතීවා පච්චුට්ඨේතී වා ආසනේනවා නිමන්‍තේතී, තයිදං භෝ ගෝතම න සම්පන්නමේවාතී”.

භවත් ගෞතමයාණෝ, ජීර්ණ වූ ,වෘද්ධ වූ, මහලු භාවයට පත් වූ ,පශ්චිම වයසට ගියා වූ බමුණන් දැක වන්දනා නොකරයි ,දැක හුනස්නෙන් නොගැටීයි.අසුනෙන් නො කැඳවති.භාග්‍යවතුන් වහන්ස ඒ කරුණ සුදුසු නැත්තේමය , මෙලෙසින් ප්‍රකාශ කරන ලදී .

එකල්හි බුදුරදුන් හට මෙසේ සිතක් පහළ විය .
මෙලෙස භික්ෂූන් ආමන්ත්‍රණය කලසේක.ආයුෂ්මතුන් වහන්සේලා ස්ථවිර භාවය හා ස්ථවිර භාවය පිණිස පවත්නා වූ කරුණු ඒකාන්තයෙන්ම නොදන්නේය .

මහණෙනි අසූවයස් හෝ අනූවයස් හෝ සියක් වසක් හෝ ඇති, වයෝවෘද්ධ පුද්ගලයෙක්
ආකාලවාදී වේ.
අභූතවාදී වේ.
අනාර්ථවාදී වේ.
අධර්මවාදී වේ .
අවිනයවාදී වේ.
අකාලයෙහි නිෂ්කාරණා වූ පර්යන්ත රහිත වූ ලොවි ලොවුතුරා අරුත් නැතිවූ,ළෙහි හිදන් නොකටයුතු තෙපුල් කියන්නේ වේ.අද බොළඳ ස්ථවිර ගණයට වැටෙන්නේ ය.

අට්ටකථා විග්‍රහය
~ මනෝරථපූරණි ~

1.ආකාලවාදී – නුසුදුසු කල්හි.
2.අභූතවාදී -අස්වාභාවික වූ
3.අනාර්ථවාදී -අනාර්ථ වූ
4.අධර්මවාදී -ධර්මයට පටහැණි.
5.අවිනයවාදී -විනයට පටහැනි වූ
හදවතෙහි තැන්පත් නොකළ යුතු වචනයක්, කීමට නොයා යුතු කාලයෙ හි කියන ලද්දක් ,කෙළවර රහිත වූ සීමා නොදක්නා වූ ,ලෞකික ලෝකෝත්තර අර්ථයට නොවූවා වූ වචන කියන්නේ ය.

මහණෙනි තරුණ වූ භද්‍ර යෞවනයේ ප්‍රථම වයස වූ තරුණයෙක් වූවත් ,(පළමු වයසෙන් අවු :30 ක් වූ,)ඔවුහු කාලවාදීව, භූත වාදීව ,අර්ථවාදීව, ධම්මවාදීව, විනයවාදීව නිසි ආකාර වූ ලෞකික ලෝකෝත්තර අර්ථ ඇත්තා වූ,හදවතෙහි නිදන් කළ යුතු වචන කියන්නේ නම් , ඔහු ස්ථවිර භාවයට සුදුසු වන්නේ ම ය .

මෙලෙස ථේරභාවය පිණිස පවත්නා වූ කරුණු හතරක් වේ .

1.”ඉධ භික්ඛවේ භික්ඛු, සීලවා හෝති .පාතිමොක්ඛ සංවරසංවුතො විහරති,ආචාරගෝචරසම්පන්නෝ,අනූමත්තේසූ වජ්ජෙසු භයදස්සාවි, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු”

මහණෙනි ,මේ ශාසනයෙහි භික්ෂුව සිල්වත් වූයේ , ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් මනා වූයේ,ආචාරයෙන් හා ගෝචරයෙන් වූයේ,අල්ප මාත්‍ර වූ වරදහී පවා බිය දක්නා සුලු වූයේ,සමාදන් වූ ශික්ෂාපද කයින් වචනයෙන් ව්‍යතික්‍රමණය නොකරනුයේ .

2.”බහුස්සුතෝ හෝතී සුතධරෝ සුතසන්නීචයෝ, යෙ තෙ ධම්මා ආදි කල්‍යාණ මජ්ඣෙ කල්‍යාණ පරියෝසාන කල්‍යාණ සාත්ථා සව්‍යංජනා කේවලපරිපුණ්ණා,පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති,තථාරූපස්ස ධම්මා බහුස්සුතෝ හොන්ති,ධතා ව්චසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා”.

අට්ඨකථා අර්ථානූකූලව ගත් තේරුම :-

*බහුශ්‍රැත – බෝහෝ ඇසුපීරු තැන් ඇත්තේ.
නවාංග ශාස්තෘ ශාසනයම පූර්වාඅපර වශයෙන් ගැලපීමේ, මානාව උගනා ලද්දේ අර්ථයෙන් .

*සුතධර -මනාකොට බුද්ධ වචනය උගත් ව සජ්ඣායනා කොට, නොනැසි ව මනසෙහි තැන්පත් වූ අර්ථයෙන් .

*සුතසන්නීචයෝ- -බොහෝ ඇසූ පිරූ දෙයට නිධාන වූ ,යම්කිසි සූත්‍රයක් ප්‍රකාශ කළ කල්හි මනාඅවබෝධය ඇති වූයේ .උද්ධෘත සහිත ව දේශනා කිරීමෙහි දක්ෂ වූයේ ,භවංග චිත්ත ධාරාවක් මෙන් ප්‍රගුණ වූයේ ,ගලේ බැඳී ඉරක් මනාව රැස් දෙන්නා සේ අර්ථයෙන් .

*ධාතා -උගත්ව උපුටාගත් දේ ඒ අනුවම කීමෙහි දක්ෂ වූ .

*වචසා පරිචිතා -සූත්‍ර, දශක,පණ්ණාසක, වශයෙන් වචනයෙන් ප්‍රගුණ කරන ලද්දා වූ .

*මනසුපෙක්ඛිතා -මනසින් විමර්ශනය කරන ලද්දා වූ .
*දිට්ඨියාසුප්පටිවිද්ධා-ප්‍රඥාවෙන් දැන මනාව අවබෝධ කරගත් අර්ථය .

3.”චතුන්නං භික්ඛවෙ ඣානං අභිචේතසිකං දිට්ඨධම්මසුඛවිහාරං නිකාමලාභි හෝති ,අකිච්චලාභී, අකිසරලාභී”.

අධිචිත්තය ඇසුරු කොට සිටී,ඉහත ආත්මයෙහි සුඛ විහරණ ඇති,සතර දැහැන්( චතුර්ථ ධ්‍යාන)මනාව රිසි කොට සමවැදී කැමති සේ සුව ලබන සුළු වූයේ, විපුල කොට ලබන සුළු වේ .

බොහෝ පහසුවෙන් සුවසේ ධ්‍යාන ලබා ගන්නා වූ පුද්ගලයෙක් බවට පත් වීම.

4.”ආසවානං ඛයා අනාසවං චේතොවිමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේවධම්මේ සයං අභිඤ්ඤා සච්චි කත්වා උපසම්පජ්ජ විහරති.”

ආශ්‍රවයන් ක්ෂය කොට අන් ආශ්‍රව වූයේ ,චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්ති ය මෙලොවදී ම තමන්ගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ වූයේ වේ.

මේ වනාහී සතරක් වූ ස්ථවිරභාවය පිණිස පවත්නා වූ ධර්මයෝ ය .

[පෙළ අට්ඨකථා අධ්‍යනය තුළින් හා අප ත්‍රිපිටක ධර්මය පීඨයේ ත්‍රිපිටක ධර්මාචාරින් වහන්සේලාගෙන් උගත් දෑ අනුකූලව මා විසින් සම්පාදනය කරන ලද ස්ව්‍යං ලිපියකි .]

නිබ්බාන පච්චයො හෝතු !!
තෙරුවන් සරණයි !!!

මීට මෙත්සිතින් ,

පූජ්‍ය කැළණියේ ධම්මගවේසී හිමි .

ශ්‍රි ශාසනෝදය භාවනා මධ්‍යස්ථානය ,
වත්තෙමුල්ල,
බාදුරාගොඩ .

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම