සයිබරය හරහා සිදුවන යම් අපරාධමය…

, , Leave a comment

සයිබරය හරහා සිදුවන යම් අපරාධමය වරදක් සංස්ථාපනය කල හැකි ක්‍රියාවක යමෙක් නිරත වීම හේතුවෙන් අගතියට පත්වූ,වින්දිතයකු බවට ලක්වූ පුරවැසියකු විසින් එකී තොරතුරක් වගේම අන්‍යාකාරයක අපරාධමය වරදකට අදාල තොරතුරක් පැමිණිල්ලක් විලස අපරාධ පරීක්ෂණය, විමර්ශනය කරන අංශයන් වෙත ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය දැන සිටීම ඔබට වගේම තවකෙකුගේ අවශ්‍යතාවකදී උපදෙස් දීමටත් වැදගත් වේවි.
මේ ඒ කාර්‍ය පටිපාටිය ගැනයි.එය පියවරෙන් පියවර විස්තීර්ණව පැවතීම අනුගමනය කිරීමේදී පහසුව සලසාවි.

පැමිණිලි කරන්නා අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි පසු පහත පියවරයන්ට අනුගතව කටයුතු කිරීම දෙපාර්ශවයටම පහසුවගෙන දේවි.
පියවර 01:
පොලිස් ස්ථානයෙහි අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කරන්නා පැමිණිය යුතුය.

පියවර 02:
පැමිණිල්ල පිළිබද පැමිණිළි කරන්නා පොලිස් පැමිණිලි සටහන් කිරීමේ හේතු අංශ භාර ස්ථානාධිපති වෙත හෝ පැමිණිල්ල ලබා ගන්නා නිලදරුවා වෙත වාචිකව ඉදිරිපත් කරයි. එයට සවන්දෙන්නා පැමිණිල්ලෙහි ස්වභාවය අනුව පැමිණිලි කරන්නා අපරාධ විමර්ශන අංශය වෙත යොමු කෙරේ.

පියවර 03:
පැමිණිලි කරන්නා පැමිණිල්ල ඉදිරිපත් කල පසු එය ලිඛිතව පැමිණිලි සටහන් කිරීමට භාවිතා කරන සම්මත අංකනය කරන ලද පොත් යොදා ගැනෙනවා.එය සටහන්කර අවසානයේ කියවා තේරුම් කරදී පැමිණිලි පාර්ශ්වය වෙතින් අත්සන් ලබා ගන්නා පොලිසිය ඔහුට බී ආකෘතිය යටතේ කුවිතාන්සියක් නිකුත් කරයි.

පියවර 04:
පැමිණිල්ල ලද පොලිස් ස්ථානයෙහි අපරාධ විමර්ශන අංශය විසින් පැමිණිල්ලට අදාලව නඩුවක් පවරන්න අවශ්‍ය සාක්ෂි එක්රැස් කරයි.

පියවර 05:
විමර්ශනය ප්‍රකාර අනාවරණය වන තොරතුරු ප්‍රකාර සැකකරු/සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනවා.

වෙනත් අංශ වෙතින් ද අවස්ථානුකූලව අපරාධ විමර්ශන අංශය වෙත නඩු ඉදිරිපත් කරයි.මෙහිදී අනුගමනය කලයුතු පියවර පහත පරිදි වේ.

පියවර 01:
අනිකුත් අංශ සිය නඩු අපරාධ විමර්ශන අංශය වෙත ඉදිරිපත් කරයි.අවශ්‍ය විටෙක ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශ වෙත අදාල යොමු කෙරේ.

පියවර 02:
පොලිස් අපරාධ විමර්ශන අංශය නඩුව පිළිබද සාක්ෂි එක්රැස් කරයි.

පියවර 03:
ප්‍රමාණවත් සාක්ෂි ති‍බේනම් අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අත් අඩංගුවට ගැනේ

පියවර 04:
අත්තඩංගුවට ගන්නා ලද සැකකරු බී වාර්තාවක් මගින් නිසි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.

පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නඩු කටයුත්තක් ඉදිරිපත් කිරීමේදී පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.

එහිදී,කවර පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නඩුවක් ගොනුකල හැක්කේ ලැයිස්තුගත කල අපරාධ යටතේ ගැනෙන විටකදීය.ඒ වගේම පීඩාවට ලක්වු අය සතුව එකී අපරාධමය වරද සංස්ථාපනය කිරීමට සාක්ෂි තිබිය යුතුය.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරි‍මේ දී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය සලකා බලන කල්හි එහිදී,

පැමිණිල්ල කරනු ලබන තැනැත්තා පොලිස් ස්ථානයෙහි අපරාධ විමර්ශණ අංශයෙහි පෙනි සිටීම අනිවාර්ය වේ.
එලෙස ඉදිරිපත්ව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙහිලා පහත කරුණු කෙරෙහි අවධානය යොමු කල යුතුය.

ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කරන පාර්ශවය පොලිස් පැමිණිලි වෙත දැන්විය යුතු අතර ඔහු එය පැමිණිලි පොතෙහි සටහන් කරනු ඇත. පොලිසිය විසින් පාර්ශවය වෙත කුවිතාන්සියක් (බී ආකෘතිය) නිකුත් කරනු ඇත.

මෙවන් පැමිණිල්ලක් කිරීමට අවැසි පුරවැසියකුට ඒ සඳහා පැය 24 පුරා සතියේ දින හතම විවෘතයි.ඒ කියන්නේ වසරේ දින 365න් ඕනෑම දිනක හැකියි.

ඉහත තැන් කිහිපයක “බී” ආකෘතිය කියලා සඳහන් සෑම විටකම එය පැමිණිල්ල පිළිබද යොමුව දැක්වෙන එහි සාරාංශයක් වන අතර පොලිස් ස්ථානයෙහිදි පැමිණිල්ල සටහන් කරගනු ලැබු පොතෙහි යොමුවද එහි දැක්වේ.
උදා – CIB ii/195/65 වගේ අංකයක් විය හැකිය.
මෙම සේවය සදහා කිසිදු ඉල්ලූම් පත්‍රයක් නොමැති අතර යතුරු ලියනය හෝ අත් අකුරින් සටහන් කිරීම පමණක් සිදුවේ.

ප්‍රමාණවත් සාක්ෂි නොමැති නමි සාක්ෂි තවදුරටත් එකරැස් කිරිමට අපරාධ විමර්ශන අංශ කටයුතු කරනු ලබයි.
මෙහිදී වැඩිදුර වාර්තා මගින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීම පොලිසියේ වගකීම වේ.
අපරාධ නීතියේ ප්‍රතිපාදන ප්‍රකාර මුල් අවස්ථා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුට මෙහිදී ඇප ලබා දිය හැකිය.නොමැති නම් නිසි අධිකරණයක් වෙතින් ඇප ලබාගන්න වෙනවා.

අපරාධමය වරදකට අදාලව කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් සේවාව ලබා දීමේදී ගතවන කාල සීමාව නිශ්චිතව කිව නොහැක.
විත්තිකරු ආපරාධය සිදුකල බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරලා පෙන්වන්න පැමිණිල්ල සාක්ෂි සොයා ගන්න වෙනවා.
එහිදී විමර්ශන අංශ එකී සාක්ෂි සොයා ගැනීමට සමත් වීම මත කාලය තීරණය වෙනවා.

ඒවගේම ගැටළුවෙහි සංකීරණ ස්වරූපය සහ සාක්ෂි සොයා ගැනීමේ අපහසුතා අනුවද ගතවිය හැකි කාලය වෙනස් වේ.
ඒ උදෙසා පොලිස් විමර්ශන නිලධාරීන් පැය විසිහතර පුරාවට රාජකාරි කටයුතු කරන බවත් අමතක නොකල යුතුයි.

පොලිසිය ලබාදෙන මෙම සේවාව මිලකල නොහැකියි.
පැමිණිල්ලක් දැමීමේ සිට විමර්ශන සිදු කර නඩු පවරා චූදිතයකු වරදකරු බවට පත් කර දණ්ඩන නියමයක් සිදුකිරීම දක්වා කිසිඳු අවස්ථාවක කවරාකාර හෝ ගාස්තුවක් මෙම සේවාව සඳහා අය කෙරෙන්නේ නෑ.නමුත් මේ ක්‍රියාවලිය සඳහා මහජන මුදල් විශාල ලෙස අය වැය හිදී වෙන් වෙනවා.
නමුත් පොලිස් ස්ථානය වෙතින් ලබාගන්නා පැමිණිල්ලෙහි උද්ධෘතය වෙනුවෙන් එක් පිටුවකට රු 25.00 බැගින් වු ගෙවිමක් පැමිණිලි කරන්නා විසින් ගෙවිය යුතු වෙනවා.

මෙහිදී දඩ හා අධිභාර අය කෙරෙන්නේ නෑ. ඒ වගේම
සාවද්‍ය පැමිණිලි වෙනුවෙන් පොලිස් නිළධාරින් විසින් කිසිදු දඩ මුදලක් අය නොකෙරේ.
සාවද්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම් පොලිසිය විසින් පැමිණිලි කරන්නා අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර අධිකරණය විසින් පනවනු ලබන දඩ මුදල් වලට ඔහු යටත් වනු ඇත.

පැමිණිල්ලක් කරන්න යන විට නඩු නිමිත්තට අදාල අවශ්‍ය උපකාරක ලිය කියවිලි
පරික්ෂණය සදහා අවශ්‍ය වන කවර ආකාරයෙහි තොරතුරු හෝ උපකරණ සියල්ල අපරාධ විමර්ශන අංශය වෙත ගෙන ආ යුතු අතර විමර්ශනයට උපරිම සහයෝගය ලබාදීම පැමිණිලි පාර්ශ්වයේ වගකීමක් වේ.

පොලිස් විමර්ශන සේවා වගකීම් සම්බන්ධයෙන් පහත නිලධාරීන් අදාල වෙනවා.
* කාර්ය භාර නිළධාරි – අපරාධ විමර්ශණ අංශය
* කාර්ය භාර නිළධාරි – පොලිස් ස්ථානය
පැමිණිල්ලක් විෂයෙහි විමර්ශන සිදු කිරීමෙහිලා විශේෂ අවස්ථා සහ/හෝ ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘති කිසිවක් අදාල නැත.
උක්ත ක්‍රමවේද ප්‍රකාර සිදුකරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමෙහිලා පවත්නා නීතිමය තත්වය සහ කාර්‍ය් පටිපාටිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ විස්තීර්ණයි.
අපරාධමය වරදක් සමස්ථ සමාජයටම,රාජ්‍යයටම එදිරිව කරන වරදක් ලෙස සැලකෙනවා.
ඒ නිසාවෙන් අපරාධ වින්දිතයකු හෝ අගතියට පත්වූ පුරවැසියකු වෙනුවෙන් සාධාරණයක් නීතිමය ප්‍රතිපාදනයන්ට අනුගතව ඉටුකිරීමේ වගකීම රාජ්‍යය වෙනුවෙන් රජය සහ අධිකරණය සතුයි.
එබැවින් පොලිසිය වගේම නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ වින්දිතයකු වෙනුවෙන් පෙනී සිටිනවා.
වින්දිතයන් සුරැකීමේ පනත සහ සාක්ෂිකරුවන් සුරැකීමේ පනත මෙහිලා නූතන නෛතික ප්‍රවේශයන් ලෙසින් වැදගත් වෙනවා.
පොලිසිය විසින් විමර්ශන සිදුකර මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත පලමුව බී වාර්තාවක් මගින් කරුණු දක්වනවා.විමර්ශන අවසන් කලපසු මහේස්ත්‍රාත්වරයා චෝදනා ගොනු කර විභාග කරනවා.බල අපරාධ සම්බන්ධයෙන් ලඝු නොවන පරීක්ෂණ සිදු කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට පුලුවන්.
නඩුව චෝදනා පත්‍රයක් යටතේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග කරනවාද,
අධි චෝදනා පත්‍රයක් මත මහාධිකරණයේ විභාග වියයුතුදැයි තීරණය කරන්නේ නීතිපතිවරයා විසින්.
අපරාධ වින්දිතයකු විෂයෙහි පවත්නා නීතිමය රැකවරණය පිළිබඳ දැනුමක් පුරවැසියා සතුව තිබිය යුතුයි.එවන් දැනුමක් ලැබුවා නම්;
තවත් පුරවැසියකු වෙත දනුමක් ලබාදීමට share කරන්න.
“නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ”
සටහන – ප්‍රබුද්ධ

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම