සොයුරු මල්ලේ… මට මතක වි…

, , Leave a comment

සොයුරු මල්ලේ…
මට මතක විදියට මම 5 වසරේ. වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ පලවැනි වාර විභාග කාලයේ. දුම්රියෙන් පාසල් යන්න පටන් ගත්තු කාලයේම වගේම, පලවෙනි වාර විභාග කාලසීමාවේදී විභාගය පැවැත්වුණේ හවස. සාමාන්‍යයෙන් පාසල ඇරෙන කාලයට වඩා වැඩි කාලයක් පාසලේ රැදීමත්, දහවල් 11 ට පමණ වාර විභාගය ආරම්භ වීමත් නිසා, අපේ සාමාන්‍ය දුම්රිය ගමන් කාලසටහනෙන් පරිබාහිරව අපි උදෑසන 11 ට මීරිගමින් පිටත් වීමටත්, හවස ප්‍රමාදවී දුම්රියට ගොඩවීමත් නිසා, අපිට ඒ දිනයන් වල ඒ හැටි දුම්රිය ගමන් වාර ගැන හරි දැනුමක් තිබුණෙ නෑ. වදුරව දුම්රිය පොළට පැමිණි විගස එම දුම්රිය පොළෙහි නොනවත්වා ධාවනය වන එක්තරා සීග්‍රගාමී දුම්රියක් දෙස අප බලා සිටියේ නොවැවසිල්ලෙනි.. එය “සෙංකඩගල කුමාරි” දුම්රියයි.. එයට වේයන්ගොඩට ගොස් ගොඩවූවා නම් සියල්ලන්ටම පෙර අපට ගෙදරට යා හැකියි.
එදා විභාගය කෙසේ වුවද ඉක්මනින් ලියා අවසන් කර සංජීව ද මම ද ඉතා වේගයෙන් පාසලේ සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානයට වේගයෙන් දිව ගියෙමු. කුමක් හෝ ප්‍රමාදයක් නිසා ප්‍රමාදවී ධාවනය ආරම්භ කරමින් තිබූ සෙංකඩගල මැනිකේ දෙසට වේගයෙන් දිවගොස් එයට ගොඩ වූ අප දෙදෙනාට තවත් යහළුවන් දෙදෙනෙක් හමුවිය. ඒ අපේම වයසේ පාසලේ සගයන් දෙදෙනෙකි. එකෙක් තිවංක ද අනෙකා මල්ලේයායි. ජයග්‍රාහී ලීලාවෙන් දුම්රියට නැගුන අප.. වදුරවට දුම්රිය ළඟාවීමට පෙර, වඳුරව දුම්රිය පලේ සිටින අප අනිත් සගයන්ට අත වැනීම සඳහා වේදිකාව ඇති පැත්තට වන දොරක් වෙතට කිට්ටු වූයෙමු.. වඳුරව දුම්රිය පල පසුවන විට, අප දුම්රිය දුම්රියට නැගීමට නොහැකිවූ සියලුම සගයන්ට ඔල්වරසන් නගමින්, ඔච්චම් කරමින් උද්දාමයෙන් වදුරව පසුකලෙමු. නමුත් අපට ගිනි රත් උනේ මිහිරිගම දුම්රිය පල හරහා මෙම දුම්රිය නොනවත්වා ධාවනය වන අවස්ථාවේදීය. අඩමින් කෑ ගසමින් භීතියෙන් මීරිගම පසුකර ගියත්, එම දුම්රිය කිසිදු අනුකම්පාවකින් තොරව කෙලින්ම ගොස් නතර වූයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී ය. බඩගින්නත්, බයත් කිසිදු හව්හරණක් නොමැති කමත් හේතුකොටගෙන අපි හතර දෙනා, දුම්රියේ පැමිණි තැබිලි වෙළෙන්දෙකුගේ සහායෙන් දුම්රිය පලෙන් එළියට විත් අතේ තිබූ මුදල් වලින් නැවත මීරිගමට භාගේ ටිකට් හතරක් රැගෙන මීරිගම දුම්රියක් එන තුරු බලා සිටියෙමු. නමුත් නැවත මීරිගම බලා යන දුම්රියක් තිබුණේ හවස හය පසුවී වන බැවින්..අප බඩගින්නෙ වේදිකාව උඩ තිබූ බංකු වල ඇලවී ඔහේ ඉච්චාභංගත්වයෙන් යුතුව කාලය මැරුවෙමු. නමුත් දුම්රිය ගැන හොඳින් දන්නා, දුම්රියපළ අසලම නිවස තිබෙන “ඉපලයා” මාගේ සහෝදරියන් දෙදෙනාට, ඔවුන් රජරට රැජිනෙන් බැස ගෙදර යන විට, අප මෙම දුම්රියේ නැඟී අත වනාගෙන ගිය බවත්, මේ වන විට polgahawela දුම්රිය ස්ථානයේ සිටිය හැකි බවත් දැනුම් දී තිබුණි. මෙය මාගේ මවට දැනුම් දුන් කල්හි, සෙසු සගයන් වන සංජීවගේ පියාද, මල්ලයාගේ ගෙදර අයද, තිවංකගේ පියාද දැනුවත් කොට මීරිගම දුම්රිය පලට හඬමින් දිව ගොස් ඇත. mirigama දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේ ඒ බව පොල්ගහවෙල දුම්රිය ස්ථානයට දැනුම් දී ඇත. කන්නත් නැතුව හේබා වැටී සිටි අප දුටු පොල්ගහවෙල දුම්රිය ස්ථානය ස්ථානයේ ස්ථානාධිපතිවරයා..අප කැඳවා මතක සිටින අයුරින් ප්‍රශ්න අසන ලදි.. පැමිණියේ කොහෙන්ද,, mihirigama සිට පොල්ගහවෙලට ප්‍රවේශපත්‍ර නැතිව ආ බව ද ඉන්පසු හතර දෙනාට ඇඟිල්ල දික් කරමින් 250, 500, 750, 1000 යන දඩ මුදල් මෙනෙහි කරමින් අපිව භීතියට පත් කරන ලදී.. කෝච්චියෙ හොරෙන් ආව බවද, දැන් ගෙදර යාමට නොහැකි වන බව ද දැනුම් දුන් ඔහු හවස 06:00 ට ම පැමිණි දුම්රියට අප හතර දෙනා ගොඩ කරවා..පරිස්සමෙන් ගෙදර යන ලෙස මතක් කරන ලදී…අප මීරිගමින් බසින විට හවස 7 පසුවී තිබු වී තිබුණු බව නම් මට මතකය. ඒ වන විට අප පිළිගැනීමට, අප පවුල් වල සියලුම දෙනා පැමිණ සිටිය බවත් මට මතකයි.. “අපි පොල්ගහවෙල ගිය හැටි”..
මල්ලේ එදා ඉදන් අද වෙනකන් උඹ මගේ මතකයේ හිටියා..අපි හම්බුනු කතා කරපු හැම අවස්ථාවකම, උබ අපේ ගෙදර පන්ති ආපු හැටි, අපේ අම්මගෙන් විද්‍යාව ඉගෙන ගත්තු හැටි, අපි දෙන්නගේ කොලුකං බලුකං චිත්‍රපටි වගේ මතක් කලා.. උබ පඩිපෙලේ උඩට නැග ගෙන යද්දී.. උඹට කරන්න පුළුවන් යුතුකම් සමාජය වෙනුවෙන් උඹ නොපිරිහෙලා ඉටු කරා… උඹට උවමනා වුණු ගොඩක් අවස්ථාවල, උබ මට කතා කළා.. උඹේ හිත් රිදුනු සමහර වෙලාවල්වල අපි දෙන්නා පැය ගණන්, සමහර සිද්ධි සමහර අවස්ථා විවේචනය කලා… ඒ උනාට කවදාවත් උඹ කාගෙවත් හිතක් රිද්දුවේ නෑ. මලීශාව කන්දකින් පල්ලෙහාට වැටුණු වෙලාවේ.. උබ ඒ වෙනුවෙන් කරපු දේවල් හැම දෙයක්ම මට කිව්වා… උඹ හරිම ආදරණීය යාලුවෙක්, ආදරණීය ස්වාමි පුරුෂයෙක්, ආදරණීය තාත්තේක්… උඹේ මතක ගබඩාවේ..අපි ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් අද වෙන තෙක් තිබුණු සුන්දර මතක දිගටම පිරිලා තියෙනවා.. සමහර වෙලාවට මම පසුතැවෙනවා… උඹ ගත්තු සමහර කෝල් මටත් ආන්සර් කරන්න බැරි වෙලා.. සමාවෙයන් මචං ..උබට නිවන් සුව….!

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම